Tuesday 14 February 2017

"Red Scorpion" , "ද හැලෙන පොල්", "Commerce Day 1997" සමග මගේ සංගීත දිවියේ අවසාන ෂෝ එක.




ටික්කා 2012 වසරේ දී සුප්‍රසිද්ද WEST-HAM පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩාංගන පරිශ්‍රයේ තිබෙන ඔවුන්ගේ CLUB එකේ DJ කරන අතරතුර ගන්නා ලද චායාරූපයකි.
    

මේ සිද්දියට පාදක වන්නේ 1993 ත්  සහ 1997 වසරේ අවසානය දක්කවා කාලයයි.

මගේ මිතුරන් සහ මමත් ඔය කාල වකවානුවේ ඉංග්‍රීසි සංගීතයට ඉතාම කැමැත්තකින් සංගීතයත් සමග ජිවත් වූ පිරිසක් වෙමු. 70's 80's 90's වගේම old school, hip hop, reggae සංගීතයට වගේම techno සංගීතයටත් බොහොම කැමතිය.

ඔය වකවානුවේම ගාලු නගරයේ විවිද කණ්ඩායම් විවිද නම් වලින් DJ කණ්ඩායම්,

-Street Strolling Dj’s

-Street Strolling Junior Dj’s (මෙය අපගේ DJ කණ්ඩායම විය)
-Air Cats Crew
-Cool Zone 
M2 Dj’s The Max and the Mad Mix
-Hot Kids

වගේම සංගීත කණ්ඩායම් වශයෙන් ප්‍රසිද්ද කණ්ඩායම් කිහිපයක් තිබුනත් මෙමරියට එන්නේ නැත.

කෙසේ හෝ අප කිහිපදෙනෙක් එකතු වී "Red Scorpion" නමින් සංගීත කණ්ඩායමක් එකලස් කරගත්හ.

ඔය අවදියේ කණ්ඩායම් කල්ලි ගැසී නන්න පෝල් වැඩ කිරීමට කණ්ඩායම් හැඟීම 100% තිබුනත් සංගීතය සම්බන්දයෙන්නම් කණ්ඩායම් හැඟීම තිබුනේ ඍණ මට්ටමේය. යහළුවෙකුගේ ගෙදරට රැස් වී X-RAY කොළවලින් අටවගත් DRUM SET එකත් පොඩි KEY BOARD එකත් කොහෙන් හරි ඉල්ලන් ආව ගිටාර් එකත් තිබ්බට ගායකයන් දෙපල සියල්ල සිටින දවසට DRUM ගහන එකා නැත. සමහරක් දවසට ගිටාර් ගහන එකා නැත. මේ ඔක්කොම ඉන්න සමහරක් දවසට ප්‍රැක්ටිස් කරන්න යන ගෙදර එකා හොයාගන්නවත් නැත. (ඒ දවස්වල HAND PHONE යනු අති අති  සුවිශේෂ, වාහනත් දෙවෙනිවෙන සුපිරි පැලැන්තියේ අයිටම්ස් එකකි :D ) එම නිසාම අපගේ මෙම සංගීත කණ්ඩායම අපගේ අනිත් මිතුරන් විසින් "හැලෙන පොල්" යනුවෙනුත් නම් කර තිබීමයි. එලෙස ඔවුන්ගේ විහිලුවට ලක්වුවත් ඔවුන් කවදාවත් අපේ කණ්ඩායම අනිත් අයගේ විහිලුවකට ලක් වෙන්නට දුන්නේ නැත. කටිං වගේම අතින් පයිනුත් අපිව ඉහලට එසවීමට අපේ මිතුරන්ගෙන් ඉතා හොඳ සපෝට් එකක් අපට ලැබුණි.

ඒ වගේම ඉන්ටර්නෙට් යනු අසා තිබෙන නමුත් මොන වර්ගයේ යකෙකුදැයි නොදන්නා දෙයක් හෙයින් ඉංග්‍රීසි සිංදුවල වචන සොයා ගත්තේ කලෙක්ෂන් දම සොයාගත් මුදලින් සේලක ගොඩනැගිල්ලේ BOOK ෂොප් එකෙන් මිලට ගත්  "SMASH HIT" නැමති සුපිරි පොප් සඟරාවෙන් සහ මට මතක පරිදි මිරර් මැගසින් එකෙන්ය. එහෙම නැතිනම් කණ්ඩායමේ ඉංග්‍රීසි දැනුම ප්‍රගුණ වූ අය සින්දුව අසා ලියාගත් ආකාරයටය.

ඔය දවස්වල අපේ සංගීත ලොවේ ටොප් වීරයන් වුයේ,

-East 17
-
Boy Zone
-
PJ and Duncan
-
Back Street Boys
-New Kids On The Block
-
Hanson
-
Savage Garden

-LFO

-98 Degrees

-Boyz II Men

-Take That යන අයවලුන්ය.

කෙසේ නමුත් බොක්කෙන්ම කියන්නේ ඔය කියනා ප්‍රසිද්ද ගායකයන්ගේ එවකට හිට් වූ සින්දු බොහොමයක් අපගේ කණ්ඩායම මගින් සාර්ථකව ගායනයෙන් වගේම වාදනයෙනුත් ඉදිරිපත් කිරීමට හැකි වීමයි.

කෙසේ හෝ අපගේ සංගීත කණ්ඩායම වැටෙන හැලෙන පොල් වශයෙන් ඔහේ ගියේ අප සියලුම දෙනාට අපොස සාමාන්‍ය පෙළ කෙසේ හෝ ගොඩ දාගතයුතු නිසාවෙනි.

එම විභාගයෙනුත් පසුව එළබි නිවාඩු කාලයත් ඔහේම ගොස් අපගේ ප්‍රථිපල වලට අනුව මිතුරන්ගෙන් තුං හතර දෙනෙක් ඇරුණු කොට අප සියලු දෙනාටම උසස්පෙළ කිරීමට වාසනාව ලැබී තිබුණි.

අප ලඟින් ආශ්‍රය කල මිතුරන් හතර පස් දෙනෙක් හැරුණු කොට (ඔවුන් උසස්පෙළ ගණිතය සහ විද්‍යාව තෝරාගෙන තිබුණි) අප සියලුම දෙන වාණිජ අංශයට ගියේය.

සංගීතයත් වැටෙන පොල් වගේම වැටෙනවාය. හැම ශිෂ්‍ය විදුහල්පති රැස්වීමකදී සුපුරුදු පරිදි මිතුරන්ගේ විසිල් අප්පුඩි සහ ගුරුතුමී ගුරුතුමන්ලාගේ රික්වෙස්ට් ගීත ගායනා මැද ඕල්කට් ශාලාවේ මම ගීත ගායනා කරනවාය.

ඔය අවදියේ අපිට ඉතාමත් හොඳ අවස්තාවක් එනවාය. එයනම් 1997 වසරේ මහින්ද විද්‍යාලයේ "වාණිජ දිනය" දිනය වෙනුවෙන් (අපගේ බැජ් එක 1999 කොමර්ස් උනත් අපගේ හැකියාව නිසා) මෙම වසරේ පැයක කාලයක් සංගීතයෙන් එම උත්සවය නියෝජනය කිරීමට පැමිණෙන හැම පාසලක්ම රසවත් කිරීමට අපට ඔන්න අවස්ථාවක් එනවාය.

හිතුවද වැඩිය වැඩේ බොහොම දරුණුය. X-RAY එකට තැලූ පරිදි මෙය කල නොහැක. මෙයට LIVE සවුන්ඩ් ප්‍රක්ටිස් යා යුතුය. එව්වා මිල අදිකය. එවකට ඇති නවීන මියුසික් ස්ටුඩියෝවක් කල KRISTO අයියා ගේ තැන දවල් හීනයක් පමණි.

ඒ වගේම එවකට පෙට්ටිගලවත්තේ "ශාන්ත" අයියාගේ ස්ටුඩියෝවත් පැයකට (ඔන්න මතක් උනා. ඔහුගේ සංගීත කාණ්ඩයක HARLEM BLACK BIRDS ය) සුපියල් ම 300/- ය කරනවාය. ඒ සංගීත භාණ්ඩ 3ක් සහ මයික් දෙකක් සඳහා පමණි.

එහෙත් Street Strolling Dj’s අපේ ලොකු අයියලා disco කිරීම සඳහා SOUND සෙට් අප් රෙන්ට් කරන්නේ ශාන්ත අයියාගෙන් නිසා අවුලක් නැහැ තියෙන ගානක් දීල යන්න තියරියට සතියට දෙවරක් වරකට පැය දෙකක් වශයෙන් අවස්ථාව ලැබුණු නිසාත් එම අවසරයෙන් අප උපරිමය ගත්ත නිසාත් අප ප්‍රැක්ටිස් වෙන හැටි බලා හිඳින HARLEM BLACK BIRDS කණ්ඩායමත් අපගේ දක්ෂතාවයන් අගය කල නිසාත් දැන් අප 90% ක් පමණ වාණිජ දිනයට මුහුණ දීමට සුදානමින් සිටිමු.

සිංහල ගීතත් (ප්‍රියා සුරියසේන, ගුණදාස කපුගේ යන මහත්තුරු ඇතුළුව), ඉංග්‍රීසි සින්දු කිහිපයකුත් රෙඩිය.

ඔය අතරේ අප මිතුරන්ගේ ෆේමස් ම ගායකයා වන BOB MARLEY ගේ සින්දුවක් ගායනය කිරීමට මිතුරන් අතරින්ම නොවැලක්විය හැකි රික්වෙස්ට් එකක් එනවාය. එකෙක් පැවසුවේ එය කල නොහැකිනම් එදාට අපිව කුජිත කරන බවය. පටන් ගත්ත වෙලේ සිට හූ කියන බවය.

මම ඔවුනට පැහැදිලි කලේ "යකෝ ජාතික ගීය මුලින්ම ගායනය කල මේ ඕල්කට් ශාලාවේ බොබ් මාලිගේ සින්දු කිව්වොත් මට මගේ ශිෂ්‍ය භාවය අහෝසි වෙනවා" කියලාය.

කොහෙද ඉතින් උන් ඔක්කොම කම්මලේ බල්ලෝ පරිදි ඔවුන්ගේම මතයේ සිටින බැවින් ඉස්කෝලෙන් එලෙව්වත් බොබ් මාලිගේ ගීතයකුත් ප්‍රැක්ටිස් කාලය.

මේ අතර වාණිජ අංශයේ අනිත් මිස් ල සර්ලා සමග සියලුම දෙනා එක එක වැඩසටහන් සංග්‍රහ කිරීම් වගේම අපි සැවොම බලාගෙන සිටින්නේ මොන මොන බාලිකා පාසල් වලින් කොච්චර එනවාද කියලාය. 

ඉස්කෝලෙට මොක උනත් මෙම අවස්ථාව, සංගීතයෙන් ගාල්ලේ ප්‍රසිද්ද බාලිකා ඉස්කෝලවල බාලිකාවන්ගේ ඉදිරිපිටම අපිට කලර්ස් පෙන්වීමට පොරවල් වීමට හැකි එකම අවස්ථාව වෙනවාය.

ඒ වගේම මෙම දිනය සඳහා සවුත්ලන්ඩ්ස්, කොන්වන්ට්, සංගමිත්ත, රිපන්, සියලුම බාලිකා විද්‍යාල වල සහබාගිත්වය කන්ෆර්ම් ය.

අපේ දැන් කට කනේය. 

ඔන්න එදා වාණිජ දිනයය. මිතුරෙකුගේ වෑන් රථයකින් ශාන්ත අයියගේ ස්ටුඩියෝ වෙන් ත්‍රී පීසස් සවුන්ඩ් සෙට් අප් එකක් සංගීත භාණ්ඩ සමගම විදුහලට පැමිණ ශාන්ත අයියා විසින්ම අටෙව්වාය.

අප ශාලාවේ නොහිටියත් දැන් අපගේ ශරීර කූඩුව වෙව්ලනවාය. තොල කට වේලිලා. වාණිජ දිනය ඇති උත්කර්ෂවත් අන්දමින් ඕල්කට් ශාලාවේ පැවැත්වෙමින් තිබෙන මේ අවස්ථාවේ ඇතුලේ මයික්‍රෆෝන් එකෙන් කතා කරන සද්දය ඉස්කෝලය දෙදරවමින් පිටටටත් අසෙනවාය. මට දැන් මතක් වෙන්නේ මමත් මාළු පාන් නමැති අනිත් සහෝදර ගායකයා කියන ගීතත් මෙලෙසම මහා හඬින් එලියට ඇසෙනා බවය. මොකක් හරි පිස්සුවක් කෙලියොත් ඒකත් එම සද්දයෙන්ම ඇසෙනා බවය.

දැන් දවල් 12 ය. 12.15 ට භෝජන සංග්‍රහය බැවින් අපේ සංගීතය අරඹ කල යුතුය.

ටෙස්ටින් වන්.. වන්.. ටූ.. ත්‍රී.. කී බෝර්ඩ් එකයි, බේස් ගිටාර් එකයි ලීඩ් ගිටාර් එකයි මයික් දෙකයි රෙඩිය. මාළු පාන් ට (අපේ අනිත් ගායකයා) ඇත්තේ හොටෙල් කැලිෆෝනියා ගීතය ගායනය කිරීම සහ Savage Garden
 ගේ TRULLY MADLY DEEPLY ගීතය මම සමග ගයන කිරීමත් සහ ඉතුරු සියලු ගීත මම තනිවම කණ්ඩායම් සංගීතය සමග ගායනය කිරීමය.

දැන් ඔක්කොම සෙට් ය.

මුලින්ම ප්‍රියා සුරියසේනගේ "ඈත රන් විමන් දොරින්" ගීතය අවසන් කල මට දෑස අදහා ගත නොහැක. අප්පුඩි විසිල් ඔක්කොම අතරින් කමෝන් ටික්කා...කමෝන් ටික්කා...කමෝන් මාළු පාන්.. වෙල්ඩන් 99.. කියමින් නටන ප්‍රීති ගෝෂා නගන අපේ මිතුරන් සමග රිච්මන්ඩ් ඇලෝසියස් විද්‍යාලෝක මිතුරනුත් නටනවාය.

සිංහල සිංදු දෙකකින් සහ ඉංග්‍රීසි සින්දු තුනකින් පසුව අපට විනාඩි 15ක විරාම කාලයක් ලැබෙනවාය.

දැන් බ්රේක් එකය....

එලියට ආ සමගින් ගුරුභවතුන් වගේම මිතුරන් අපි වට කරගෙනය. ශාලාවේ සිටිනා අපගේ මිතුරන්ට අනිත් ඉස්කෝල වලින් පැමිණි මිතුරන් කියන්නේ මේ අපි කලින් පටිගත කල සින්දු මිසක් මේ ලයිව් ප්‍රෆෝමන්ස් නෙමෙයි කියලාය.

එහෙම කියපු එකෙකුට හොම්බ ගැලවෙන්න ගහන්නත් ගිහිල්ලය. 

දැන් අයෙත් ස්ටේජ් එකට යන්න ඇතුලට යන ගමන් මාළු පාන් මට පොඩි කොළ කෑල්ලක් දෙන ගමන් 

මාළු පාන් - "ටික්ක මේ, අර බොබ් මාලිගේ සින්දුවේ අන්තිමට කියන්න තියෙන ටිකේ මේ පේලි දෙක කියන්නම ඕන හොඳේ"..

මම - "මේ මොන %776%$ යකෝ මේ ලියල තියෙන්නෙ.. මම මේ බොබ් මාලි කියන්න ගිහින් ඉල්ලන් කන්න යන වෙලාවේ මෙව්ව කියන්න මතක් වෙන එකක් නැහැ බං"

මාළු පාන් - "නෑ නෑ උබට කියන්නම වෙනවා.. වෙනවාමයි.."

මම - "හරි හරි. කියන්නම්. බොල දාන ලෙඩ"

දැන් පිංවතුනි. මම ලැහැස්ති වෙන්නේ අවසාන සින්දුව කීමටය.

මයික්‍රෆෝනය අතටගත් මාළු පාන් දැන් මෙසේ අමතනවාය ..

Thank you.. Thank you.. Thank you so much Ladies and Gentlemen. We are "Red Scorpions" and this is our last song, sang by the legend of reggae music. Bob Marley’s No Woman No Cry. 

And this song is specially dedicate to all of our 99 commerce batch mates and Im gonna hand over  the microphone to my brother Tilan to rock the stage..!!

ඇඟපත සීතල වී මෙය මගේ මේ විද්‍යාලයේ අවසාන දිනය කියා සිතට ගමින් මා ඔන්න ගීතය ගයනා කරනවාය.

මේ අතර වාරයේ මා ගීතය ගායනා කරන අතර තුර මාළු පාන් නැවතත් මා අසලට පැමිණ වයර් එකක් හදන පරිදි මගේ කනට කර අරක කියපං කියමින් අර කොළ කෑල්ල මගේ අතට දුන්නාය.

දැන් ඔන්න ටිකෙන් ටික මම සින්දුවේ BRIDGE එකට එනවාය. මම ආයෙත් ගායනය කරනවාය..

Oh, while I'm gone…,
Everything's gonna be all right!
Everything's gonna be all right!

කියා මම ඔන්න මගේ suicide note එක ගයනවාය...

Everything's gonna be all right!
Everything's gonna be all right!

Mahindians are Top Today… yeah..!
Celebrating their commerce day..

No Woman No Cry..!!

කියනවාත් සමගම මාළු පාන් ඇතුළු මුළු සංගීත කණ්ඩායමම අයෙත් මුළු bridge එකම ආයෙත් ගැයුවාය..

ඔහෙලට කියන්න පින්වතුනි. එම අවස්ථාව මගේ ජිවිතේ (මට වගේම මාළු පාන්ටත් සහ සංගීත කණ්ඩායමටත් එහෙම හිතෙන්ට ඇතිය) මම දෙවෙනි වරට ලැබුණු හොඳම ප්‍රතිචාරය වගේම ආයේ ලබන්ට නොලැබෙන අත්දැකීමකි.

සියලුම ප්‍රතිචාර අප්පුඩි කෑගැසීම් විසිල් මැද "වන් මෝ.. වන් මෝ.." කියල කෑ ගැසුවත් කාල වෙලා අනුව අපිට තවත් සින්දු කීමට බැරි උනත් (අනික ඉතින් අපිට තව සින්දු කියන්ට තරම් සවුන්ඩ් ප්‍රක්ටිස් කරන්න සල්ලි නැති උන එක වෙනම කතාවක්..),

සියලු අම්පන්න එකලස් කරගෙන ස්ටේජ් එකෙන් එලියට එන අපිට ගුරු භවතුන් සමග මිතුරන් අනිත් ඉස්කෝල වල බාලක බාලිකාවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර වලට අනුව ඔවුන් පැවසුවේ මෙම වාණිජ දිනය ඔවුනට කවදාවත් කමතක කල නොහැකි දිනයක් බවයි.

එක ගුරුතුමෙක් පමණක් පැවසුවේ "ටිලාන් අර අන්තිමට කිව්වා සින්දුවනම් පොඩ්ඩක් අප්සට්. ඒත් ඔහෙලා මාර බඩු  තමයි හොඳේ. කවුද දන්නෙ ඔහෙලට ඔච්චර හැකියාවක් තියෙනව කියල. විදුහල්පති තුමත් කියනවා ඇහුන මට මේකනම් උසස් අන්දමට කල වාණිජ දිනයක්" කියලාය.


අපි බලමු ලබන අවුරුද්දේ මිට වැඩිය හොඳට කරන්ට කියලත් එතුමා කීවාය.

ඔය ඕල්කට් ශාලාවේ ඉතිහාසය ගැන කියනවනම් ශ්‍රී ලංකාවේ ජාතික ගීය ප්‍රථම වතාවට ගායනය කරලා තියෙන්නේ ඔය ශාලාවේ වෙදිකාවේදිමය..

ENGLISH DAY එකට සහ මේ වගේ MATHS, SCIENCE, COMMERCE හෝ ART DAY වලට පමණක් හෝ විශේෂ දවසකට සංගීත සංදර්ශන වගේ උළෙලවල් පැවතුනත් මම දන්නා පරිදි BOB MARLEY ගේ ගීතයක් ගයනා කර ඇත්තේ මෙම ලියුම් කරු ටික්කා විසින් පමණි. ඒ ගැන අදටත් මට ඇත්තේ අහිංසක සන්තෝසයකි.

මීට,

ටික්කා..

- ඉවරයි කිව්වට ඉවර නෑ.. තව තියෙනව..ඉතුරු කොටස ලබන සතියට. - 


Tuesday 7 February 2017

චන්ද්‍රා බෝඩිම, අමරදේව සහ Me, Myself and I





චන්ද්‍රා බෝඩිම, අමරදේව සහ Me, Myself and I

මම ඔන්න අද බ්ලොග් එක ලියන්නේ හරියටම අවුරුදු 5 කට පස්සෙ.

ඇත්තටම මේකට මුලපිරුවේ ආයේ කියවන්න ගත්ත අරූ අයියගේ බ්ලොග් එකත් අම්බලන්ගොඩයත් අටමත් නිසයි.

මම අක්ක සහ දෙමාපියන් මේ දවස්වල ජීවත් උනේ ගාලු නගරයේ ප්‍රසිද්ද බාලිකාවන් 3000ක් 4000ක් අද්‍යාපනය ලබන  පාසලක් වන සංගමිත්තා බාලිකා මහා විද්‍යාලය ඉදිරිපිටය. උස තාප්ප ගේට්ටු වලින් වටවූ අප නිවස අනිත් පසින් ඇළ පාරට සම්බන්ද වෙන්නෙත් අඩුම තරමේ මෙම පාසලට එන බාලිකාවන් 500ක් වත් පාගමනින් එන බැවිනි.

අතිශයෝක්තියත් නොවුනද එදවස මම අවුරුදු 13 සිට 17 දක්වා කාලය මගේ ආදරණිය මවට (ඇය සිතින් මවාගත් සහ ඇයට ගතු කියන අනිත් ගැහැණු අසල්වාසීන් අනුව) අනුව මම දරුණු අපරාදකාරයෙකි. මත්ද්‍රව්‍ය ලෝලියෙකි. මදාවිකාරයෙකි, පවිටු මිතුරු සේවනය කරන්නෙකි. මගේ ආදරණිය සහෝදරියට අනුව මම වල් මදාවිකාරයෙකි.
මගේ ආදරණිය පියාණන්ට අනුව මම ඔහුගෙ පන්චින් බැග් එක උනත් ඔහු මවුතුමිය මා ගැන කියනා ආකාරයට ක්‍රියා කරන කර්නල් තුමෙකි. ඇත්තටම ඔහුගේ දෙවෙනි නමත් කර්නල්ය. මගේ මවගේ නම් දෙකම ලස්සනම ලස්සන මල් දෙකක නම් . එහෙත් මගේ අඩු වෙනස් නොවෙනා කුජීත ක්‍රියා කාරකම් අනුව මගේ දෙමව්පියන්ගේ දඬුවම් හතරවෙනි තට්ටුවේ ක්‍රියාකාරකම් වලට නොදෙවෙනි උනත් එහි පරිදි වෘෂණ කෝෂ ලාච්චුවට දාන දඬුවම ඇර සියලු දඬුවම් වලට මම මුහුණ දී ඇත. (ලොල්) අපේ ගෙදර නීති රීති අනුව,

01. පෞද්ගලික අද්‍යාපනයට ගියත් හවස 6.30 වෙනකොට නිවසට පැමිණිය යුතුය.
02. අවශ්‍යම පිරිත් මළගෙවල් දාන ගෙවල් වලට ගියත් රෑ 9.30 වෙනකොට ගෙදර පැමිණිය යුතුය.

මේ නීති කඩ කළහොත් මට රැය ගෙවන්ට වන්නේ මගේ එවකට ආදරණිය බල්ලා වන නැසීගිය සැන්ඩි යා සමග දොරකඩය. මව්තුමියගේ නීතිය අවසාන නීතිය වන අවස්ථාවක ගෙදර පිළිකන්නේ සැන්ඩි යා සමග ගතකල රාත්‍රිය වල් වල එක්ස්පීරියන්ස් ඉහේ කෙස් ගානට මට ඇත. තත්තා තුමා නිවාඩුවට පැමිණි ඇති රැයක අම්මාගේ ගෙරහුම් මද එතුමා මම ගෙදරට ගන්නවාය. ඒකෙ චාන්ස් එකත් 0.01% කි.

සමගම උදේ පාන්දරටත් හවසටත් මව්තුමිය විසින් ජාතිය අමතා මා වෙත කතා කරනා ආකාරයට අසල්වැසියන්ට සහ ඔවුන්ගේ ළමා ලපටින්ටත් සහ ලස්සන දියණියන්ටත් මම දරුණු අපරාදකාරයෙකි. මත්ද්‍රව්‍ය ලෝලියෙකි. මදාවිකාරයෙකි, පවිටු මිතුරු සේවනය කරන්නෙකි.

ඉතිං මගේ ජාතක කතාවම අවට සිටිනා අසල්වාසීන් දන්නා නිසා මගේ මිතුරන් වුයේ වම්පසින් ජුල්ගස් හන්දියෙන් එපිට සහ දකුණුපසින් කොග්ගල කඩේ හන්දියෙන් එහායින් සිටින ඕනෑම තරාතිරමක යහළුවන් පමණි. මගේ ගෙවල් අසල කිසි කෙනෙක් සමග සම්බන්දකම් නැති උනත් මම බයිසිකලෙන් ඇර පයින් යන්නේනම් යන්නේ බිම බලාගෙනය. නමුත් මට දෙමව්පියන් පුරුදු කල පරිදි වැඩිහිටියන්ට සැලකීම මම එදා පටන්ම අකුරටම කරන දෙයකි. ගාළු බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එකට නැගල වාඩි වෙලා එද්දි ඕනෑම අසල්වැසියෙක් හිටගෙන එනවා දැක්කොත් මම වහා නැගිට මගේ පුටුව ඔවුනට දෙමි. අදටත් මගේ හැටිය.

ඉහත සියළු දෙය මම ලිව්වේ අනාගත ලිපි වලට ආයෙ ආයෙත් මගේ ළමාවිය ඉන්ට්‍රඩියුස් කලයුතු නොවන නිසාය.

රෙෆරන්ස් සඳහා මගේ 2012 පොස්ට් දෙක කියවනු මැනවි. අනික මගේ සුරතල් නාමය වන "ටික්කා" නම මේ වෙනකොට මගේ පියාණන් තුමා පමණක් භාවිත නොකරන නමුත් සියලුම දෙනා අමතන නමුත් දවස්වල මට නොදිරවන නමකි, (අදනං ඒක මගේ උප්පැන්නයේ නමට පමණක් දෙවෙනි වූ මගේ ප්‍රියතම නමයි)

නමුත් කුඩා කල සිට මම ගීත ගායනයට සහජ දක්ෂතා දැක්වූ පොඩි එකෙකි. දහම් පාසලෙත් ඉස්කෝලෙත් මුතුහර රූපවාහිනී වැඩසටහන් මගින් දිවයින සුපතල නොවුනත් TV එකෙත් RADIO එකෙත් දක්ෂකම් දැක්වූ ඩයල් එකකි.  (මේ මම 2010 LONDON X-FACTOR එකටත් ඉදිරිපත්වී දෙවෙනි වටයෙන් හැලුණු චරිතයකි) අදටත් මගේ පාසලේ සුවහසක් ශිෂ්‍යයන්ගේ පාසල අරඹ කිරීමේ පන්සිල් ගැනීමේ සිට යෝවාද තම්පාව ගාථාව දක්වා මගේ වොයිස් රේකොඩින් එක තවමත් පාවිච්චි කරනවාය. (99% ෂුවර්ය. 1% ෂුවර් නැත) මගේ දෙමව්පියන් සහ සහෝදරියත් මගේ සංගීතයට අඩු වැඩිය සහයෝගය දුන්නාය.

දහම්පාසලේ ගීත ගායනය කල නිසා ප්‍රසිද්දියට පත්වූ මට විටින් විට ස්ත්‍රී පාර්ශවයෙන් "කළු අමරදේව" ,"කළු ටික්කා" වැනි නම් විටින් විට ඇසීම නිසා මම කෝප වුනත් මම ලෙහෙසියෙන් මළ පන්න ගන්නේ නැති නිසා හැම දෙයක්ම ඉවසීමට තියාගත්තෙමි. වගේම දහම්පාසලට පැමිණෙන ගමේ ළමයින් වගේම වැඩි කොටසක් පැමිණියේ "චන්ද්‍රා බෝඩිම" නමැති එවකට බොහොම ප්‍රසිද්ද ශිෂ්‍යා නවාතැනක් වන අපේ ගෙදරට නොදුරුදු බෝඩිමකිනි. එතැන සිටින්නේ නෙළුව, අකුරැස්ස, වැනි ඈත පළාත්වලින් නගරබද ඉස්කෝල වලට පැමිණි ගැහැණු ළමයින්ය. මම දන්නා පරිදි හවසට පැයකට හෝ දෙකකට ඔවුන්ට එම තට්ටු තුනේ බෝඩිමේ ඉදිරිපසට පැමිණ හෝ සංගමිත්තා විද්‍යාලයේ පිට්ටනියට ගොස් හෝ විවේක සුවයෙන් ගත කිරීමට අවස්ථාව සලසේනවාය.

වගේම චන්ද්‍රා බෝඩිම මගින් එම තුන් මහල් ගෙදරටම අලලා චන්ද්‍රා භෝජන ශාලාව නමින් කඩයක් පවත්වා ගෙන ගියාය. ඔය බෝඩිමේ ගොඩක් කෙල්ලොන්ගෙ කටවල් එච්චරටම හොඳ නැත.

මගේ වාසනාවට හෝ අවාසනාවට හිටි ගමන් මගේ මව් තුමිය මට කතා කර පාන් ගෙඩියක් හෝ එක හමාරක් ඔය කියන චන්ද්‍රා භෝජන ශාලාවෙන් ගේන්න කියනවාය. ගොඩක් වෙලාවට මම කරන්නේ එවිට බයිසිකලෙන් ටවුන් එකටම ගොස් පාන් රැගෙන ඒමය. නමුත් මේ දවස මට කණකොකා හඬා තිබුණි. පියතුමා ගෙදර ඇවිත් තිබුණු බැවින් එතුමා බෝතලයක් ගැනීම සඳහා මගේ ෆුටාර් රථයෙන් ටවුන් එකට ගොසිනි. එනිසා මට චන්ද්‍රා භෝජන ශාලාවට යා යුතුම වෙයි.

අකමැත්තෙන් හෝ අම්මා දුන් ෂොපින් මල්ල සමග කොට කලිසමක් ටී ෂර්ට් කබලක් සමග රබර් සෙරෙප්පු කැලි දෙකකින් සැරසුණු මම චන්ද්‍රා භෝජන ශාලාව සඳහා පිය නගමි.

ටික ටික බෝඩිමට කිට්ටු වෙද්දී මට ඔන්න ඇහෙනවාය ඔන්න ඔය කෙල්ලො කුරුට්ටියෝන්ගෙ සද්දෙ. මම තවමත් බෙල්ල සාක්කුවෙ දාගෙන පාගමනේය. බෝඩිම පාස් කරනවාත් සමගම ඔන්න මට ඇහෙනවා "හු හූ කළු අමරේ.." "ටික්කා ... හු.. හූ".. " කළු ටික්කා... හු හූ.." දැන් මට මළේ හොඳම එකය. කොහොම හරි කඩේට ගොස් චන්ද්‍රා ඇන්ටිගෙන් පාන් එක හමාරක් අරගෙන ආයෙ එන්න හැරුනා පමණි ආයෙත් අර කෙල්ලොන්ගෙ සබ්ද පුජාවය

මෙවර සබ්ද පුජාවට අමතරම කොහෙන්දෝ එක කෙල්ලෙක් කුඩා ගල් කැටයක් හෝ යම් දෙයක් මට ගසා "හු හූ කළු ටික්කා.." කිව්ව ගමන් එම කෙල්ල දැනසිටියේ නැත එකිය ගල් කැටය විසි කිරීම මගින් මගේ "FUCK OFF" ස්විච් එක ඕන් කල බව.

උන් හිටි තැන් අමතක වූ මට එක සැරේ මට කියවුනේ "උබලගෙ අම්මට &^%$£*, කැලෙන් ආව වේ@ කෙල්ලො, තොපි ගහපන් තොගෙ අම්මගේ %*£@ . වේ% බල්ලියෝ" සහ තවත් ගොඩක් දේ මට කියැවුනි

තප්පර කිහිපයකින් සියලුම කෙල්ලන් අතුරුදහන් උනේ පුකට පැට්‍රොල් ගහපු බල්ලන් බැල්ලියන් මෙනි.

මේ කිසිදෙයක් සිදුනොවුනා මෙන් පාන් රැගෙන ගෙදර එන මා දුටුවේ ටවුන් ගිහින් ගෙදර ආව පියාණන් ෆුල් සපාන් එකේ ක්‍රාෆ්ට් චීස් කෑල්ලක් කමින් අඩියක් ගසනා අකාරයය. නිකමට හරි සිදුවූ සිද්දිය තාත්තට කීමෙන් මට වෙන්නේ අද රෑ මගේ වෘෂණ කෝෂ දෙක මාවිසින්ම ලාච්චුවකට දා ගැනීමය. ඉතින් මම කිසිවක් නොකීවෙමි.

ටික වෙලාවක් ඔහොම ගියාය. එක්වරම ගෙදර බෙල් එක නාද විය. අම්මා දොර ඇරියාය. මට ඇහුනේ මගේ මවගේ වොයිස් එකය. "හා නේ.. චන්ද්‍රා අක්කේ.. එන්න එන්න ඇතුලට.." කියලාය.. දැන් ඉතින් මම සුයිසයිඩ් වෙන්න ප්ලෑන් කොරනවාය. ඉඳල හමාරය.

ඔන්න ඉතුරු කොන්වසේෂන් එක... "මොනවද xxxx  නංගි.. ඔහෙගෙ පුතා අපේ බෝඩිමේ දුවලට කියල තියෙන්නෙ. කුණුහරුපෙන් හොඳටම බැනල. දැන් කෙල්ලෝ ඔක්කොම අඬනව. ඔහොමද ඔහෙල ළමයි හදන්නෙ. කෝ xxxx  අයිය ඉන්නවද?" කියල අහනකොටම කාමරේ රෙද්ද අස්සෙන් හොරෙන් බලන් ඉන්න මම දකිනව මගේ පියාණන් තුමත් මේ කොන්වසේෂන් එකට එකතු වෙන්න එනවා.. 

පියතුමා - "කවුද කවුද මේ සද්දෙන් කතා කරන්නේ ..?? මේක ගෙදරක්."
චන්ද්‍රා ඇන්ටි - "බලන්න අයියෙ ඔහේගේ පුතා කුණුහබ්බෙන් අපේ කෙල්ලොන්ට බැනලනේ.."
පියතුමා - "මේ අපේ එකා.. වෙන්න බෑ.. මම දැනුවත්ව අපේ එක මේ ගෙවල් පැත්තෙ කිසි කෙනෙක් එක්ක කතා බහ කරන එකෙක් නෙමෙයි.."
චන්ද්‍රා ඇන්ටි - "අයිය මොනවද දන්නෙ අයියේ..?? ඇවිත් අහන්නකො අපේ කෙල්ලොන්ගෙන්.. උන් කියයි. අම්මල මතක් කරලත් බැනල අයියෙ. අයියල ඇවිත් සමාදාන උනේ නැතිනම් යනව මම පොලීසි.."

"...මෙන්න මේ අතර මම ඉතින් ඉන්නේ ජිවත් වීමේ සියලු දේවල් ඇත හැර එක්කො ගෙදරින් පැනල ගිහිං මහන වෙනවද, නැතිනම් අම්ම පාන් කපන පිහියෙන් බෙල්ල කපාගන්නවද කියල.. එත් කොහොම උනත් මම මැරෙන්න බයයි ඕයි ඇත්තම කියනවනම්.. අනික මට මහන වෙන්නත් බහ. මොකද ගිහි ජීවිතේට මම පට්ට ලයික් බෝල. :) :D ....."

ඉතින් මේ අතර මට හිතාගන්න බැරි දෙබසක් ඇහෙනවා..

පියතුමා - "හුහ්.. ඔහේ ඔහෙගෙ සද්දේ අඩු කරගත්තොත් හොඳයි. පොලිසි යන්න ඕනි නම් යනවා. මගෙ එකාට කියල තියෙන්නේ ගැහුවොත් ගහපන් බැන්නොත් බැනපන් කියල. අනික එක එකාගේ විහිලු තහළු වලට අහුවෙලා ගුටි කාල බැනුම් අහල ගෙදර එන්න එපා කියලත් මම ඌටම කියලත් තියෙනවා. තව ටිකත් චන්ද්‍රා ඔහේ මෙතන සද්දෙන් කතා කලොත් ඔහෙත් මගෙන් කුණුහබ්බ අහගන්නව. මේක අපේ ගම. මම මගේ ළමයින් හදල නැහැ පිටින් ආපු අවුන්ගෙන් එක එක කථා අහන්ට..."

චන්ද්‍රා ඇන්ටි - "අයිය කියනවනම් ඉතින් කමක් නැහැ. ඒත් පුතාට ටිකක් අවවාද කරන්න.. මම යන්නං අයියේ.. යන්නං නංගි හොඳේ.."

පියතුමා  - "මම ආයෙත් කියන්නෙ, ඔහෙල කියන්ට එපා මට මගේ ළමයි හදන විදිහ. උන් හදන්නෙ මට ඕනි විදිහට. මගේ නෝනට ඕනි විදිහට. දැන් ගියොත් හොඳයි.."


පිංවතුනි.... ඔතනින් එහාට අද වෙනකන් ගැන අම්ම හෝ තාත්ත අද වෙනකන් කතා කරලා නැහැ..


. ලි. -  බ්ලොග් වල කිහිපදෙනෙක් මට මගේ දෙමව්පියන් ගැහුවා ගැහිලි ලියන්ට කියල කිව්වත්, මම අදටත් විශ්වාස කරන්නේ මිනිහෙක් තියා ළමයෙක් වත් හරියට හදාගන්න බැරි, එත් ඕනිම දෙයක් කරන්ට නිදහස තියෙන රටක, සමාජයේ වැදගත් මිනිහෙක් (කරන රැකියාව, ජාතිය, ආගම ගැන උනත්) විදිහට ජිවත් වීමට ජිවිත පාඩම් කියාදුන් බුදු අම්මේ තාත්තේ, ඔබ දේපල මගේ ආයුෂත් අරන් ජිවත් වෙන්ට ඕනෑය. වගේම අද මට මගේ සහෝදරිය මගේ දෙවෙනි අම්මා වගෙය. කොච්චර වයසට ගියත් අදටත් දෙයක් කරන්න කලින් අම්ම තාත්ත සහෝදරිය හෝ මස්සිනාගෙන් අවසර ගැනීම මගේ හැටි. ඔහෙලා මට ගහපු ගැහිලි වලට මම අදද ගරු කරනවාය. මොකද ඔබ ඔබේ දරුවන් රටට වැඩ දායක මිනිසුන් බවට පත් කල නිසාය.

මීට,

ටික්කා.