Sunday 24 December 2017

ක්‍රිස්ටල් මෙත් & Marilyn Manson සමග Download Festival 2015


මේ පොස්ට් එක මෙච්චර කල් ලියන්නට පරක්කු උනේ මේකට අදාළ පින්තුර ටික හොයාගන්න බැරි උන නිසාය. හැම මගුලම ෆේස් බුකියට දාන්න පුරුදු උන මම, ෆේස් බුකිය අඩපන කල අවස්ථාවේ බැක් අප් එකක් නොගැනීමත්, බැක් අප්කල ඩ්‍රයිව් එකේ පින්තූර හෙවීම කළු නික හෙවීම තරම් දරුණු ක්‍රියාවක් වූ නිසාත් හොයාගත් පින්තූර ටික එක්ක මේ පොස්ට් එක මෙතනින් ආරම්බ කරමි.

Heavy Metal සංගීතය යනු 2000 වසරේ සිට මම ඉතා තදබල ලෙස ඇසීමට පුරුදු වූ සිටියෙමි. වගේම ලංකාවේ සිටි සමයේ Stigmata, Funeral In Heaven සහ Tantrum යන සංගීත කණ්ඩායම් වල ලයිව් ශෝස් ඉබ්බන්වල තිබුන සුපිරි වෙළද සංකීර්ණයේ (දැන් නම මතක නැත. ලේනියම් පාක් ද කොහෙද..) ගෝ කාර්ට් පදවන ස්ථානයේ The Rock Company නමැති ලේබලය යටතේ හැම සෙනසුරාදා වකම පැවැත්වූ සංගීත සංදර්ශන වලට සහභාගී වීමටත් අමතක නොකෙලෙමි. එත් කවදා හෝ දවසක මැරෙන්න කලියෙන් ලෝකයේ ප්‍රසිද්දම metal artists ලා දැක බලාගැනීමේ දරුණුම රෝගයකින් පෙලී සිටිබවත් නොකියාම බැරිය.

කාලය ගෙවී ගොස් එංගලන්තයේ ජිවත් වීමට ආවාට පසු Inflames, Placebo සහ 3 doos down වැනි උදවියගේ live in concert වලට සහභාගී උනත් Reading සහ Download ෆෙස්ටිවල් යන එංගලන්තේ සහ ලෝක ප්‍රසිද්ද දවස් පහ හය දිවෙන rock festival ගැන අහන්න ලැබීමත් සමග එහි යාමේ උනත් ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වන්නට උනත් එයට සහභාගී වෙන ලක්ෂ ගණන් සංගීත ලෝලියන් අතරේ මොන මොන කරුම වලට මුහුණ දෙන්න වේවිදෝ කියන භයත් මගේ කුඩා මොළයේ එහෙමෙහෙ උනා නොවුවා කියා නොකියාමත් බැරිය.

ඔන්න ඔය අතරේ Badi නමින් හංගේරියානු තරුණියක් මම වැඩ කල ස්ථානයේ රැකියාවට පැමිනෙනවාය. උපතින්ම පිස්සු වේ හොඳම පිස්සුව වූ තරුණිය සමහ මිතුරන් වීමට මට හා ඇයට ගතවූ යේ සති කිහිපයක් පමණි. මොකද මගේ සහ Badi ගේ රැකියාවේ ශිෆ්ට් එකත් රැකියාවත් දෙකම එකක් වූ නිසාය. නිතරම කතා බහ කල අපි, අපි අතරේ විනෝදාංශ සහ දේවල් කතා කරද්දී ඇය ඉතා ඉක්මනින්ම ටික්කා වනාහි මෙටල් ඉන්ජෙක්ෂන් එක තදින්ම ඇනගත්ත එකෙක් බව වටහාගෙන දිනක් මට දුරකතනයෙන් අමතා කිව්වෙ "ටී-ලෑන්.. මම උබට බඩුවක් ගෙනාවා" කියලාය.

පහුවදා මට එය තෑග්ගක් විදිහට ලැබුනේ ලොව ප්‍රසිද්ද හංගේරියාවේ rock and pop සැණකෙළියක් වල Sziget Festival එකේ souvenir gold coins දෙකකි. සහ මට ආරාදනා කලේ ලබන වසරේ festival එකට එන ලෙසත් ඇයගේ මුළු පවුලම කාලෙට festival එකේ සේවය කරන බවත් ඉඳුම් හිටුම් කෑම බීම සියල්ලම ඇය බලාගන්න බවත්ය.

ඉතින් කොහොම හරි මම ඇයගෙන් මේ ෆෙස්ටිවල් ගැන තොරතුරු සියල්ලම සැකයකින් තොරව තහවුරු කරගෙන ජිවිතේ ප්‍රථම වතාවට 2014 දී Reading Festival නම් rock ෆෙස්ටිවල් එකේ තුන්වෙනි දවසට සහභාගී වුනාය

Reading Festival - Main Stage
Papa Roach - Reading Festival 2014

එදා මට, Blink 182 සහ Papa Roach නම් සංගීත කණ්ඩායම් සියැසින් දැක ගැනීමට වාසනාව ලැබුනේය. ඔය ෆෙස්ටිවල් එකට යන්න තෑග්ගක් විදිහට Badi ගෙන් අවුරුද්දේම Sziget Festival ටී ෂර්ට් එකකුත් ලැබුණාය. ඔය පල්ලෙහ ඉන්නේ ටී ෂර්ට් එක ඇඳගෙනය.



මේ ඔක්කොම වෙලා මාස කීපයකට පසුව තවත් මගේ ඉංග්‍රීසි ජාතික සුදු තරුණියක වූ Amy හදිසියේ මට දුවගෙන එන්නේ හරියට පිටි පස්සෙන් සුනාමිය එනවා වගේය.

"ටිලාන්...ටිලාන්.. ටිලාන්.. මේක බලපන්. ඉක්මනට බලපන්. උබ අපිත් එක්ක මේ සැරේ එන්නම ඕන."

"මොකෝ Amy අවුල? මොකක්හරි ප්‍රශ්නයක්ද??"

"මොන ප්‍රශ්නයක්ද ටිලාන්.. ඔන්න ඕක බලපන්කො.."

Download Festival Line-Up 2015

"what the fuck..??? Lamb of God..!! Marilyn Manson...!! slipknot...!!! කවද්ද?? කොහෙද? "

"එකනේ මම කිව්වෙ.. උබේ ආසම bands.. අද පඩි. මමයි මගේ boy friend Jonny අද රෑ ටිකට්ස් බුක් කරනව. මොකද කියන්නෙ. උබ එන්නම ඕන. Jonny කිව්ව උබට අනිවාර්යයෙන්ම එක්කරගෙන එන්න කියල. මොකද කියන්නෙ? හා නේද..?? ප්ලීස් ටිලාන්.. එන්න බැහැ කියල නම් කියන්න එපා.."

"දැන් එතකොට ඕක දවස් කීයක්ද? ගාන කියාද..?? කොහොමද යන්නෙ..?? " 

(මම ඉතින් ප්‍රශ්න පත්තරයක්ම Amy දුන්න කියහන්කො.."

"දවස් 5යි.. coach එකටත් එක්ක £280.00 යි.. festival එක දවස් 5යි. ඒත් bands ප්ලේ කරන්නෙ ෆ්‍රයිඩේ, සැටර්ඩේ ඇන්ඩ් සන්ඩේ.. ඒත් කැම්පින් ටෙන්ට් ගහගන්න තැන් හොයාගන්න නිසා දවස් දෙකකට කලින් යන්නත් ඕන නිසා 5 නයිට්ස් අර්ලි බර්ඩ් ටිකට්ස් ගන්න ඕන.. ප්ලීස් උබ එනව නේද..??"

"අම්මෝ.. නයිට් 5ක්..?? කෑම්ප් ගහගෙන...??? අම්මෝ මට බයයි. රෑට ඔය ලක්ෂ ගානකින් එක පිස්සෙක් හරි ඇවිත් මාව මරල බඩු ටික අරං ගියොත්..??"

"උබට පිස්සුද? එහෙම ප්‍රශ්න නැහැ. උබ ඔච්චරම බයනම් අපේ ටෙන්ට් එක ගාවින්ම උබේ ටෙන්ට් එකත් ගහගනින්. තව වේල්ස් ඉඳල ස්කොට්ලන්ඩ් ඉඳල මගෙයි ජොනී ගෙයි යාළුවො එනව. උන් උබටත් ෆිට් වෙයි. එහෙනම් අපි උබටත් එක්ක ටිකට් බුක් කරනව. මම උබට මගේ එකවුන්ට් නම්බර් එක වට්ස්ඇප් කරන්නම්. එහෙනම් ඔක්කොම හරි නේද..??

"ඕකේ. මම එන්නම්"

"යු ෆකින් ආසම් ටිලාන්. යේ.. වී ගෝයින් ටු ෆකින් ඩවුන්ලෝඩ්.. හු.. හූ.."

Amy ...

දැන් මම ෆුල් එක්සයිට් . ඩවුන්ලෝඩ් ෆෙස්ටිවල් එක ගැන ගූගල් එක පුරා හොයනවාය. විඩියෝස් බලනවාය. ගෙනියන්න උවමනා දේවල් එපා දේවල් අරව මෙව්ව ඔක්කොම හොයනවාය. එක අතකින් ෆකින් හැපි . අනිත් අතින් කියන්න බැරි මොකක්දෝ බයක් ඔලුවේ කැරකෙනවාය.

දවස් 5ක්..??
අම්මෝ..ලෝකෙ හැම රටකින්ම එන නොදන්නා මිනිස්සු ලක්ෂ ගණනාවක් එක්ක..??
රෙසිස්ට් මිනිහෙක් මගේ හම කළු නිසා මාව මරල දැම්මොත්..??
ISIS කාරයෙක් අල්ලාහ් හු අක්බර් කියල බෝම්බයක් බැඳගෙන ඇවිත් සුයිසයිඩ් උනොත්?
එක්කො යන්නෙ නැහැ..
නෑ.. අම්මටහුඩු..!! කොහොමහරි යනව..

දැන් කොහොම කොහොම හරි 2015 ජුනි 10ත් කිට්ටු වේගෙන එනවාය.ටෙන්ට් එකත් 100 ලීටර් බැක් පැක් එකත් වෙලිංටන් බුට් දෙකත් තව අඩුම කුඩුම ටිකකුත් ඇමේසන් එකෙන් ගෙදරටම ආවාය

Strongbow Cider කේස් එකකුත්, Stella Artois කේස් එකකුත්, JD ලීටරේ බෝතලයක් ප්ලාස්ටික් ලීටරේ වතුර බෝතලයකට දාගත්තේ වීදුරු බෝතල් රැගෙනයාම තහනම් කිව්වා නිසාය. මදි පාඩුවට තව වොඩ්ක බෝතල් බාගයකුත් ප්ලාස්ටික් බෝතලයකට හලා ගත්තාය.(මේ ඔක්කොම දවස් 5කට හොඳේ..)

දැන් සියල්ලම සුදානම්ය. තඩි බැක් පැක් එකත්, ලොකු ලැගේජ් එකත් ටෙන්ට් එකත් රෙඩිය. Amy කියූ පරිදි Victoria Coach Station එකෙන් ෆෙස්ටිවල් බස් එක පිටත් වෙන්නෙ උදේ 9.00 පිටත් වෙන බැවින් අඩුම තරමෙන් අපි Barking Station එකෙන් උදේ 7.00 වත් පිටත් විය යුතුය.

නියමිත උදෑසන 5.30 පමණ Amy ගෙන් කෙටි පණිවිඩයක් ආවේ ඔවුන් ඇහැරී ඇති බවත් මටත් ඉක්මනින්ම ලැහැස්ති වී Barking Station එකට එන ලෙසත් .

මේ අතර සන්තෝසය වැඩි කමටම මට හිතුනේ Amy මළපන්නන්න ඕන කියලාය. මොකද Amy ඇවිත් පොඩි දෙයකටත් මල පනින තරහ පාලනය කරගත නොහැකි තරුණියක් බව මුළු රැකියා ආයතනයම දන්නා බැවිනි.

කාලය ඔහොම ගෙවීගෙන යද්දි මම ටැක්සි යකට දුරකථන ඇමතුමක් දී අසවල් වෙලාවට මගේ ස්ථානයට එන ලෙසත් දැනුම් දුන් පසු මෙන්න මේ ආකාරයට Amy දුරකථන ඇමතුමක් ගන්නවාය.

"හලෝ Amy.."

"ඔව් ටිලාන්.. කියන්න. මමයි ජොනී යි මේ පිටත් උනා විතරයි Station එකට."

"සොරි Amy.. I can't come.."

"What..??? You’re not coming..?? Are you serious..??

"Yeah Amy…!! Im not feeling well.. Im really sorry.."

"Tilaaaaan… are you fucking kidding me..?? This is not the time to hear your silly fucking jokes right.."

"No.. No.. Im not joking.. Seriously I’m sick.. you guys just go. I’m sorry about that. I’m extremely sorry."

"You fucking bitch. Why are you telling me this now. No.. you fucking scared. Thats the reason. Thats the truth. You fucking disgusting.. I fucking hate you Tilan. You bitch. Just fucking hang up the god damn phone. Aahhhh.. I fucking hate you.. aaarrrrr…. Eeerrrr… fuck off Tilan.."

දැන් මට අම්බානක හැපි . සප්‍රයිස් කියන්නෙ ෆ්‍රයිඩ් රයිස් වලටත් වඩා රස රයිස් වලටය.

මම Barking Station එකට ගියේ Amy & Jonny ගිය කෝච්චිය මග ඇරලාය. ඒත් මම තුමා Victoria Coach Station එකට ගියේ හරියට වෙලාවට නමුත් Amy & Jonny හොයාගන්න සෑහෙන අපහසු වෙනවාය. මොකද Victoria Coach Station එකේ download festival එකට යන මිනිසුන් සඳහාම වෙනම පර්යන්තයක් වෙන් කර ඇති නිසාත් පර්යන්තයේ අතුරු සිදුරු නැතිව Punk, Rock නා නා මාදිලියේ එක එක වර්ගයේ මිනිසුන් සිය ගණනක් තමන්ගේ coach එක එනතුරු බලන් සිටින නිසාය.

ඔයින් මෙයින් දැන් මට මූන රතු ඇපල් ගෙඩියක් වැනි වූ Amy ත්, නළලේ සිට දණහිස තෙක් පච්ච කොටා අතෝ Jonny ත් දර්ශනය වෙනවාය. ඉතින් මම මේ ආකාරයෙන් මෙන්න මේ ආකාරයට ඔවුන් ලඟට කිට්ටු වෙන්නේ..

"Hello.. Amy and Jonny..?? How are you..??" කියාගෙනය...

මාව එක වරම දකින Amy ස්වල්ප මොහොහක් හුස්ම ගැනීමෙන් වැළකෙන්නේ යක්ෂයෙක් දුටු මනුස්ස ප්‍රාණයක් වාගේය.

"“Aawww for fuck sake Tilaaaaan.. What is wrong with you, you fucking Doughnut…??? Are you coming or not”

“Hell yeah..!! Im coming. Its a fucking joke man. I just wanted to piss you off… ha hah… “

“What a fucking funny joke. Ok. Keep this coach ticket and stay with us you bastard..”

මේ ආතල් සියල්ලෙන්ම පසු එක එක coach පිළිවෙලට පැමිණ ෆෙස්ටිවල් එකට යන අය රැගෙන පිටත් වෙනවාය.

අපි කස්ටියත් වගේම coach එකෙන් ෆෙස්ටිවල් එකට සැපත් වෙනවාය.


coach  එක නවත්වන්නේ ෆෙස්ටිවල් එකේ camping site එකට ඇතුළුවන main entrance වලට කිලෝ මීටර් කිහිපයක් දුරිනි. ලන්ඩන් වලින් වගේම එංගලන්තයේ හතර වටෙන්, යුරෝපෙන් වගේම සියලු රටවලින් මෙම ෆෙස්ටිවල් එකට එන අය ඇතුළුවිය යුත්තේ එකම තැනකින් බැවින් දහස් ගණන් සංගීත ලෝලීන් සින්දු කියමින් බියර් බොමින් තමන්ගේ වාරය එනතුරු කිසිම ප්‍රශ්නයක් නැතුව ඉවසිලිමත්ව බලා සිටිනවාය. පැය තුනක පමණ කාලයකින් පසුව අපි 
camping site entrance වලට ලඟා වෙනවාය. එය දොරටු 4කින් 5කින් වූ අති විශාල පැමිණීමේ දොරටුවකි. තමන්ගේ වරයා පැමිණි පසු අදාළ පුද්ගලයා විසින් පහසුවෙන් ගැලවිය නොහැකි ෆෙස්ටිවල් ටැග් එකක් අතෙහි පළඳිනවාය. එහි contactless payment card චිප් එකක් වගේම අපේ ටිකට් එකේ වර්ගයත් අපේ නම ගම වයස සමග සියලු විස්තරත් ඇතුලත් වෙනවාය. සමගම එම දොරටුවෙන්ම contactless චිප් එකට සල්ලි top up කරන්ට වෙනවාය. මොකද ෆෙස්ටිවල් එක ඇතුලේ 100% මුදල් ගනුදෙනු මුදල් මගින් සිදු නොවෙන නිසාය. කෑම බීම සිට සියලුම ගනු දෙනු වලදී contactless Chip එක අදාළ යන්ත්‍රයට ටච් කිරීමෙන් මුදල් ගෙවිය යුතු වේ.


මේ සියල්ලෙන්ම පසු අපි camping area එකට ඇතුල් වෙන්නෙමු. එවිට වෙලාව හවස 3 පමණ උනත් අතුරු සිදුරු නැතිව පිරී ගොස්ය. අපිත් සුදුසු තැනක් බලා camp බැඳගෙන ඇතුල් වුයේ ටිකක් වෙහෙස නිවාගැනීමට උනත් මට ඇහැරෙනකොට රෑ 12ත් පසුවී තිබුණි.


මම එක සැරේ අවදි වන්නේ ඉතා දරුණු heavy metal සංගීතයත් සමග . tent එකෙන් ඇස් ගෙඩි දෙක මිරික මිරිකා නිදිමත විකාරයෙන් එලියට එන මට විනාඩි කිහිපයක් යනකන් මම මේ ඉන්නේ කොහෙද යන්න අමතක වෙනවාය. තරමට එම ස්ථානය සම්පුර්ණයෙන් වෙනස් . බැලු බැලූ අත ටෙන්ට් . ඔහේ බියර් බිබී ඇවිදින ලන්තෑරුම් පත්තු කරගෙන කතා කරන කොල්ලන් කෙල්ලන් . Amy සහ Jonny ගේ ටෙන්ට් එකේ ලයිට් එළියක් නැත. බොහෝ වෙලාවට ඔවුන් නිදිය. මල්ලෙන් බියර් කිහිපයක් අරන් එකක් බොන ගමන් මම රාත්‍රී සංචාරය අරඹනවාය
Marilyn Manson අයියා බලන්න යන්න සුදානමින්...

camping area එකෙන් එලියට එන මට එක අතකින් පෙනෙන්නේ එක දිගට ඇති කුඩා විශාල ප්‍රමාණයේ street food කඩවල්ය. අනිත් විශාල ප්‍රදේශයේ විවිද වර්ගරේ කතුරු ඔන්චිල්ලා, extreme sports වර්ගයේ ක්‍රීඩාය.




බුදු අම්මෝ.. මේකේ ගිහිල්ල ආවට පස්සෙනම් බඩුම තමයි..!

මේ අතර විගහට අතේ තිබුන බියර් කෑන් එක ඉවර කර ජැකට් එක තුල තිබු අනිත් බියර් ටික ලඟම තිබු පඳුරක හංගා ගෝ කාර්ට් පැදීමට පවුම් පහ ඇත රැඳී wrist band එකෙන් ගෙවා හෙල්මටය පැළඳ රථයක නැගගන්නවාත් සමගම වේගයෙන් මම ලඟට තවත් රථයක් මාව හප්පන්නේ තෝ මරාගෙන මමත් මැරෙනවා යන අදහසිනි. මේක මට හෙන ආතල් . මම අරින්නේත් නැත. ලඟට එන එන එකාව මරාගෙන කනවාය. හැමෝම හිනා වෙනවා ඇර වෙන දෙයක් නැත.

මේකෙන් එලියට එන මම බියර් එකක් බිබී ලඟා වන්නේ අති විශාල ස්ථානයක් ආවරණය කරන ලද heavy metal සංගීතය පමණක් වාදනය කරන DJ room එකකටය. එකවර 1000ක් උනත් සිටියහැකි ප්‍රමාණයේ තැනකි. මම ඇතුළුවත්ම වාදනය කලේ nirvana සංගීත කණ්ඩායමේ smells like teen spirit ගීතයයි. මෙය මගේ ජාතික ගීය කිව්වොත් වඩා නිවැරදිය. kurt cobain මම කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් මගේ වම් අතේ nirvana නමින් tattoo එකකුත් කොටා ගෙන ඇත.

මෙය කිසිදු ආගමක් සඳහන් නොකරයි. අතිශයින්ම "kurt cobain" සඳහාම පමණි. පහත ඉලක්කන් වලින් හදුන්වන්නේ මගේ දෙමාපියන් සහෝදරිය ඇයගේ දරුවන්ගේ සහ මගේ හොඳම මිතුරන්ගේ උපන් දින යන්ය.
එයින් විඩාපත් වන මම නැවතත් tent එකට ඇවිත් නිදාගන්නවාය.

දෙවෙනි දවසේ මට ඇහැ ඇරෙන්නේ හවස 2ත් පසුවී . එලියට එන මම Amy සහ Jonny හමුවූ විට ඔවුන් කිවේ කොපමණ වෙලා මට කතා කලත් අවදි නොවූ බවය. පසුව අපි චයිනිස් කඩයකින් ආහාර රැගෙන ඔවුන්ගේ මිතුරන් හමුවීමට ගිය අතර ඔවුන්ගේ මිතුරන්ගෙන් මට උණුසුම් පිළිගැනීමක් ලැබුනේ හරියට පරණ මිතුරෙක් හමුවූ වැනිය.

හෙට දිනයේ සංගීත කණ්ඩායම් 20ක් 25ක් පමණ එකිනෙකට වෙනස් stage තුනක වාදනය කරන බැවින් එහිදී හමුවෙන බලාපොරොත්තුවෙන් ඔවුනට සමුදුන් අපි නැවත එහෙ මෙහෙ රස්තියාදුවේ ගොස් ටෙන්ට් එකට පැමිණ බියර් බීමට පටන්ගන්නවාය. මේ අතරසුළු සුළු ඔලුවේ කැක්කුමකින් පෙළුණු මම Amy සහ Jonny කිවේ පැය බාගයකට පමණ නිදාගන්න යන බවත් විනාඩි 30 කින් මට අවදි කරවන්නත් කියලාය.

ආයේ මම අවදිවන්නේ තුන් වන දිනයේ උදෑසනය. අවදි වූ විගස නෝක්කාඩු ස්වරයෙන් Amy සහ Jonny වරද පටවන්නේ විනාඩි 30න් අවදි නොකිරීම නිසාවෙන් වුනත් ඔවුන් කිවේ ටෙන්ට් එක හෙල්ලුවත් මම නෙමෙයි අවදි වුයේ කියලා. අතරම ඔවුන් මට කිව්වේ ශ්‍රී ලංකාවේ විනාඩි 30 කට නිදියනව කියන්නේ පැය 8ක් නිදියනවා කියන එකටද කියලාය.

දැන් අපි අපේ පලවෙනි දවස ප්ලෑන් කරනවාය. schedule එකේ හැටියට මම ප්‍රථමයෙන් five finger death punch නැරඹීමට යන අතර ඔවුන් වෙන සංගීත කණ්ඩායමක් නැරඹීමට ගියාය. දවස නිමා කරමින් සංගීත කණ්ඩායම් කිහිපයක්ම නරඹා මම මිතුරන් සමග ටෙන්ට් වලට යන්නෙ හෙට දවසේ Marilyn Manson බැලීමට කතා කරගෙනය.

හතර වන දිනයේ අවදි වූ අපි උදෑසන ආහාරය රැගෙන schedule එක බැලීමේදී මගේ ඇස ගැටෙන්නේ Marilyn Manson කලියෙන් එම stage එකේම Apocalyptica නම් කණ්ඩායම play කරන බවයි. කාලය ඉතා අඩුවූ බැවින් ඉතා ඉක්මනින් JD ෂොට් එකක් පානය කල මම බියර් කිහිපයකුත් රැගෙන Apocalyptica බැල්මට ගියේ මගේ මිතුරන් Marilyn Manson බලන්න එලියෙදී හමුවෙන බලාපොරොත්තුවෙනි.

Apocalyptica - I don't care live at Download festival 2015

Apocalyptica - Download festival 2015

Apocalyptica අනතුරුව මම ආයෙත් එරිනා එකෙන් පිටතට පැමිණෙන මම මගේ මිතුරන් සහ ඔවුන්ගේ මිතුරන් සමග පෝලිමට එකතු වන්නේ Marilyn Manson බැලීමටය. එය entrance කිහිපයකින් සමන්විත වූ ඇතුල් වෙන ස්ථානයකි. ඒත් දහස් ගණන් Marilyn Manson රසිකයන් පිරිසක් ඇතුල් වෙන බැවින් සහ මත්ද්‍රව්‍ය පරික්ෂා කරන බැවින් ඉතා දැඩි කාලයක් පෝලිමට වී කාලය ගත කරන අපි බියර් බොන ගමන් Breaking Bad නමැති කතා මාලාව ගැන කතා බස් කිරීමට පටන් ගත්තාය. මේ අතර ජෙසී පින්ක්මන්, මිස්ට වයිට් ගැන බ්ලාහ් බ්ලාහ් කතා ගොඩකි.

පල්ලියේ බ්‍රදර් ඇන්ඩ් සිස්ටර් සමගින්..

මේ අතර සෙමෙන් සෙමෙන් පෝලිමේ ඉදිරියටම ආව අපේ දෙතුන් දෙනෙක් ගෙන් අනතුරුව මගේ වාරය එනවාය. එතන ඉන්නේ අඩි හයක් පමණ උස අර්නෝල්ඩ් ස්වාසනේගර් වැනි හයේ හතරේ කනේ කටේ මයික් වෝකි ටෝකි රැගත්  ආරක්ෂණ නිලදාරින්ය. හතර වටේ ආක්ෂක බල්ලන්ය. උනුත් අරුන් වගේ හයේ හතරේ ඇවුන්ය.මට කලින් ගිය මිතුරා පරික්ෂා කරන විදිහ දැක්ක මට දැන් හෙන අවුල්ය. උන් මිනිස්සුන්ගේ සෙට් එකත් අතගා බලනවාය. හැම තැනම ගහලා තියෙන්නේ "drugs are not permitted in this arena" කියලාය

දැන් මගේ වාරය එනවාය. දස මහ යෝදයෙක් වැනි සුදු ආරක්ෂක නිලදාරියෙක් මාව පරික්ෂා කරන්නට කලින් අහන්නේ…..

"Are you carrying any illegal drugs or illegal pills? Or any kind of UK banned class A or B drugs..??

“No.. Not at all..”

එතැන දී මගේ wrist band එක ස්කෑන් කර මගේ අනන්‍යතාවය බලා පරික්ෂාව සඳහා දෙවෙනි ආරක්ෂක තුමා ලඟට යවනවාය.

ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිහිපිට යකෙකි. දැන් ඉතින් බියර් ඇති පදම පානය කල බැවින් යකෙකුට උනත් ෆේස් ටු ෆේස් කතා කරන්නට පුළුවන්ය.

දැන් මු මට හැරෙන්න කියා බෙල්ල වටේ සිට ඔබ ඔබ අතගානවාය. ඕක අතගානවා නොකිය වැලි කඩදාසියකින් අතුල්ලනවා කිව්වොත් වඩා නිවැරදිය.

මේ අතර මගෙන් පළමු ප්‍රශ්නය අහනවාය...

"Tell me what you had before you come here..??"

දැන් මම හිතන්නේ Amy දුන්නා වැනි ආතල් එකක් මූටත් දෙන්නම් එහෙනම් කියලා ගත් කටටම මම කිව්වේ..

"Just few cans of beers and Meth.." කියලාය.

"What do you mean by Meth..?? Did you mean crystal methenamine,,??

“Yeah.. its crystal meth.. whatever…”

“Ok. We’re done here. You need to go this way and wait..”

දැන් මම ආත භූත වෙලාය...

මෙන්න මු මාව බාගෙට සර්ච් කරල වෙන කොහෙද යවන්න හදනවාය. ඔය අතර මු වෝකි ටෝකියකින් තව කොහෙටද මෙහෙම අමතනවාය..

"This is main entrance. we found a young guy in his early 30s, asian, suspicious of high on crystal methenamine, heading to Marilyn Manson’s concert. Over..!!

"this is xxxx from security office. copy that. One of a officer is on his way. Over..!!

මේ අතර මගේ මිතුරන් සර්ච් වේවි මම දිහා බලාගෙන ඇතුලට යනවාය...

දැන් මගේ ටිකිරි මොලයට කල ගොන් කමේ බරපතල කම තේරෙනවාය. දැන් මට බඩුම තමාය.

මේ අතර තවත් දස මහ යෝදයන් දෙදෙනෙක් මාව වෙන room එක්කර අරගෙන විත් ප්‍රශ්න පත්තරයක් දෙනවාය.

"when and where did you take crystal meth..??"

“What..?? It was a joke man. Common. Its was a bloody joke and I don’t take drugs. Im telling you it was a joke and I don’t know anything about crystal meth…”

මේ අතර එකෙක් කට ඇරල දිව අමුතු gadget එකකින් එලියට ඇදල ටෝච් එකක් ගහල මොනවද හොයනවාය.

ඒකත් ඉවර වෙලා තව එකෙක් දැන් මට කියන්නේ සියලුම ඇඳුම් ගලවන්න කියලාය. කියන්නේ strip search එකක් කොරන්ට යනවාය.

දැන් මට ඇඬේන්න යනවාය. මේ මගුල් අස්සෙ අරුන්ට Marilyn Manson බලන්න බැරි උනොත් මාව බාබකිව් එකක් කොරනවාය. මේ මගුල් අස්සෙ මුන් මගේ රෙදි ගලවල crystal meth හොයන්න හදනවාය.

වැඩේ කුජිත වේගෙන එනවාය. කොරන්ට දෙයක් නැත. සම්පුර්ණයෙන්ම ඇඳුම් ගැලෙව්වාය. මදිවට දෙකට නැමිල කහින්නත් කියනවාය. ඒකත් කොරාය. මුන් ඒකෙන් සැටිස් වෙන්නේත් නැත. අංග පත හැමතැනටම ටෝච් ගසා තවත් අතගානවාය. ගෑනියෙක් අතගානවානම් හනේ කමක් නැත. මේ නිකං නොම්මර 10 වැලිකඩදාසියකින් අතුල්ලනවා වගේය. ග්ලවුස් දාගෙන මගේ කලිසන් කමිස බුට් හෙල්මට් ඉරන්න තරමට හොයනවා හොයනවා හොයනවා ඉවරයක් නැත. පස්සෙ බලු තඩියෙක් ඇවිත් මගේ ඇඳුම් ටික ඉඹලා මට අමුතු ලුක් එකක් දුන්නේ "අඩෝ xරියා වෙන්න එපා හරිද?" කියනවා වගේය. බල්ලට මම හෙන බුදු බයාදු ලුක් එකකින් බෙල්ල නැමුවේ සිටුවේෂන් එකේ බල්ලා තිබුනේ නීති පති තුමාට තරම් සුපිරි බලතලය. එහෙව් එකේ මේ ඉල්ලං කාපු තරමේ හැටියට බල්ලට වඳින්න කිව්වනම් ඒකත් අම්මප කොරනවාය

කොහොම නමුත් මම පුළුවන් තරම් උන්ට කිව්වේ අපි පෝලිමේ ඉන්න වෙලේ කතාකල බ්‍රේකින් බෑඩ් දේවල් නිසා මම බොරුවට එහෙම කිව්වා කියලාය. දැන් උන් දෙන්නා පැත්තකට ගිහිං මොනවදෝ කතා වෙනවාය... කුටු කුටු ගගා මට ඔරන්ඔටන් කෙනෙක් වගේ රවනවාය. මම ඉන්නේ හරියටම නයා මැරිච්ච අහිගුන්ටිකයා වගේය. ටිකකින් ඔන්න එකෙක් මගේ ලඟට එනවාය. මම ඉන්නේ තවමත් තුවායකින් වහගන්න ඕන දේවල් අත්දෙකෙන් වහගෙනය.

"ok. You’re free to go now. Take all of your belonging and go to that changing room. Dress up and use that way to leave this check point. By the way, your friends are still waiting at the end of this check point. Be safe all right.."

කලිසන් ගැලවීමත් මේ සියල්ලමත් දැන් සිදුවී හමාරය. දැන් විසඳගැනීමට ඇත්තේ යහළුවන් හමුවීමය. මේ crystal සිද්දියටත් පැයක් හමාරක් අනිවා ගතවන්නට ඇත. අර යක්ෂයන් කියූ පරිදි මගේ මිතුරන් සියලුම දෙනා මම එනකං එළියේ ඉන්නවාය. විලිලජ්ජාවේ බැරිය.

සිදුවුයේ මම කිසිවක් නොහිතු දෙයකි. එක වරම ඇහුනේ..

"Here comes the Jesse Pinkman the meth head… wooo wooo lets take a selfie you fucker…." කියලාය.

නිදහස්වීමේ සතුටට ගහපු සෙල්ෆිය.

Marilyn Manson - Download Festival 


Lamb of God - Download Festival 2015


මෙතැනදී Amy විසින් නැවතත් මට කියනා ලද කුණුහබ්බ ටික ලිවීමට අවශ්‍ය නැතැයි කියා මම සිතමි.

ඒත් මේ පොස්ට් එක ඉවර කරන්න කලින් ඔබ සැමට මට කියන්න තියෙන්නේ...

ඉල්ලං කෑම කලාවක් නම්, මේ ටික්කා තුමා එහි පිකාසෝ වෙමි... කියලාය..

ඔබ සැමට සුභ නත්තලක් වේවා..!!