ඉතින් අපි සියලුම දෙනා නුවරට සැපත් වී අළුත් ගෙදරට බඩු බා ගෙදර පිළිවෙලක් කර මම කොළඹ එනකං ගෙදර කිසි කෙනෙක් වචනයකින් හෝ ඉරියව්වකින් හෝ මේ මම තුමා ඔවුන්ගේ සිටින එකම පුතණුවන් පරාණය හෝ සහෝදරිය ගේ එකම සහෝදර පරාණය ලෙස නොපිලිගැනීමට ත් අම්මේ තාත්තේ අක්කේ මම ගිහිල්ල එන්නම් බුදු සරණයි කියා කකුල් අල්ලා වඳින situation එකේ දීත් සාර්ථක ලෙස මම ignore කරන්නට ඔවුන් වගබලාගත්තත් මම කල මේ ගොන් කමේ හැටියට තවදුරටත් ඔවුන් මාව ඝාතනය නොකිරීම නිසා තවදුරටත් ජිවත් වීමේ භාග්‍යය ලැබීම ගැන හිත සනසාගමින් මම කොළඹ රාජකාරි කරන ස්ථානයට සැපත් වෙනවාය.
දැන් මට සති දෙකක් ඇතුලත උසාවියට ඉදිරිපත් වෙන්න වෙනවාය. එයිට අමතරව තවත් ගැටළු තුනකි.
01. ගෙදර සියලුම දෙනා ස්ථිරවම කිව්වේ ජීවිතාන්තය දක්වා හිරේට යැවුවත් මම වෙනුවෙන් ඇප හෝ උසාවි දඩ මුදල් ලබා නොදෙන බවය. (අපේ ගෙදර මව්තුමියගේ තීරණය අවසාන තීරණය වන්නේ ය)
02. ඒ සඳහා මුදල් හොයගැනීමය.
ඉහත කිසිම දෙයකට වඩා මගේ ඇඟ වෙවුලමින් "ගූ මුට්ටිය රත් වෙන්නේ", (ගූ මුට්ටිය රත් වෙනවා යයි කියා ඒ දවස්වල ගාල්ලේ කොල්ලන් කියන්නේ කලිසමේ හුජ්ජ යනවා කියන අති භයන්කාර අවස්ථාවටය.
03. වැරදිලා හෝ හිරේට ගියොත් කියන එකය. 😳
මේ අතර මම හැමදාම අර ආරක්ෂක සේවයේ යෙදුනු මාව මේ උරචක්‍ර මාලාවෙන් යම්තාක් දුරකට බේරාගත් අංකල් තුමාට හැමදාම කෝල් කරමින් මෙන්න මේ ආකාරයට මළ ඇණයක් වෙනවාය.
මම : හලෝ අංකල්. මම ටික්ක.
අංකල් : ආ..ටික්ක. මොකෝ බං. හොඳින් ඉන්නවද?
මම : නෑ අංකල්. මාව හිරේ ට දාවිද අංකල්?
අංකල් : උබට පිස්සුද ටික්කො. බය නැතිව හිටපං. මම බලාගන්නම්.
මම : ඒත් අංකල්. මට බයයි අංකල්. මාව හිරේ ට දැම්මොත්.
අංකල් : යකෝ උබ මිණි මරල නැහැනෙ. මම ඔක්කොම බලාගන්නම්. මගෙ යාළු ලෝයර් කෙනෙකුත් ඉන්නව.
මම : ආ.. එහෙමද අංකල්. ලක්ෂයක් විතර ඕන වේදීද අංකල් කේස් එක ගොඩ දාගන්න?
අංකල් : ඈ බං ටික්කො. උබ ඔය දැනුත් බීලද ඉන්නෙ ලක්ෂ ගණන් කතා කරන්න ? ඔන්න ඔහේ රුපියල් 20,000/= 25,000/= හොයාගෙන වරෙන්.
මම : අත්තටමෙයි අංකල්..??
අංකල් : ඔව් බං. උබ ඔය මේ දවස් ටිකේවත් පරිස්සමින් ඉඳල කලින් දවසේ අපේ ගෙදර වරෙන්. මම උබව උදේට උසාවි එක්කරගෙන යන්නං.
මම : නෑ කමක් නැහැ අංකල්. තවත් කරදර කරන්න ඕන නැහැනෙ. මම DC ගෙදර ඉඳල උදේට අංකල් ලගෙ ගෙදර එන්නං. බුදු සරණයි අංකල්.
අංකල් : හරි උබ වරෙන්කො. මම තිබ්බ එහෙනං
ඔන්න බලන්න පින්වතුනි. පහුගිය එපිසොඩ් දෙකේම වීරයාගේ තැන හිටිය මම දැන් ඉන්න බල්ල මාර්ක් ස්ථානය.?
"දෛවය" is a fucking bitch කෙනෙකි පිංවතුනි. සාදු කාරයක් දෙන්න සැදැහැවත් පින්වතුනි..!!
මේ අතරවාරයේ ගෙදරට සහ අක්කට දුන් ඇමතුම් සියල්ලම තවමත් ringing ringing no answer ය.
හෙට උසාවි දවසය. ගෙඩිය පිටිං සුපියල් 8,500/- පඩි පත සමග මෙගේ මේ දුක් සීන් එකට බොසාගේ හිත සසලවී සැනසිලි ත්‍යාගයක් විදිහට සුපියල් ම 10,000/= ද ලැබුණි කියහන්කෝ හිටං. දැන් 25,000/= ට තව 6,500/= අඩුය.
තිබුන සෙලාන් බැංකුවේ 10,000/= ලිමිට් එකේ තිබ්බ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් සල්ලිම සුපියල් 9,000/= ඇද ගත්තේ ගොං කමට තවත් හදිසියක් උනොත් කියලාය. මොකද මේ කියන වකවානුවේ හැටියට 1.5v බැටරි කෑල්ලක් මම ඇල්ලුවත් කරන්ට් එක වදිනවාය.
හවස් වෙන්න කලින් ඇඳුම් බැගයත් ලට්ට ලොට්ට ටිකත් අරං දෙහිවලින් ගාල්ල බසයකට ගොඩවී ටික්කා තුමා මේ ආකාරයෙන් ගාල්ලට සැපත් වී DC සහ දරේ හමුවී ඔවුන්ගේ ගෙදර රැය පහන් කර උදේ පාන්දරම අංකල් තුමා ගේ ගෙදරට ගොස් ඔහුගේ රථයේ නැගී කොටුව උසාවි සංකීර්ණයට මෙන්න මේ ආකාරයට සැපත් වෙනවාය.
දැන් මම සිටින්නේ ඔබට තියා මටවත් හිතාගන්නට බැරි මේ දැනුත් එම අවස්ථාව අකුරු මගින් හෝ වචනවලට පෙරලා පැහැදිලි කිරීමට නොහැකි මානසික මට්ටමකය.
අංකල් : ටික්කො මොකෝ මේ? හා හා බැහැල යමු. මම දැන් උබව "අතකොට සුනිල්" කියන හෙන ප්‍රසිද්ද උබේ තාත්තත් අඳුරන ලෝයර් කෙනෙක් ලඟට. උබ වචනයක් වත් කතා කරන්න එපා. මම ඔක්කොම කියල ඉවර වෙනකන් හොඳේ. ආ. අමතක උන කියන්න. උබේ අම්ම තාත්ත දෙන්නම අද උදේ මටයි ඇන්ටිටයි කතා කලා.
මම : හා අංකල්.
අංකල් : දැන් ඉතින් යමං.
පැය බාගයකට විතර පසු.....,
අංකල් : සුනිල්, මේ තමයි xxxxxx ගෙ පුතා. බීල මෝටර් බයිසිකලෙන් ගිහිල්ල අහුවෙලා. ලයිසනුත් නැහැ තවම.
ලෝයර් : මෙච්චර ලොකු පුතෙක් xxxxxx ට? දැන් කොහෙද ඉන්නෙ? මොනවද කරන්නේ?
මම : මම කොළඹ අංකල්. මම xxxx එකේ xxxxxx විදිහට වැඩ.
ලෝයර් : හ්ම්ම්... ඉගෙනගෙන හොඳ රස්සාවල් කරලා නිවාඩුවට ගෙදර ආවහම මෙහෙමනම් මේ ළමයි කොළඹ ඉන්නකොට කරන දේවල් දෙය්යො තමයි දන්නෙ. හා හොඳයි. ඉස්සෙල්ලම පොලිසියේ කෙනා හම්බ වෙලා case number එක අරගෙන මේ මගේ assistant xxxxx ට දෙන්න. මෙයා ඔක්කොම බලාගනීවි. ලයිසන් ගන්නෙ නැතුව ම බීල පැද්ද නිසා ලයිසන් එකට ප්‍රශ්නයක් වෙන්න හේතුවකුත් නැහැනෙ එහෙනම්.
මම : thank you very much අංකල් හොඳේ.
දැන් මම ටිකෙන් ටික හුස්ම ගන්නවාය.
(දැන් මමයි අංකල් තුමායි පොලිසියේ කෙනා හම්බ වෙන්න යනගමන්.....,)
අංකල් : මේ රාළහාමි. අර උදේ 10.30 කේස් එකට අපි ආවේ. ලෝයර් කිව්වා නඩු අංකය අරගෙන එන්න කියල. අපිට එක ගන්න පුලුවන්ද?
පොලිසිය : පොඩ්ඩක් ඉන්න බලන්න.
(දැන් මේ යකා ෆයිල් එක අස්සෙ මගේ එක හොයන්නේ කැළණි පාලම යටින් ගිය නැති වෙච්ච පොල්ලෙල්ලක් හොයන ගානට කිව්වොත් හරියටම හරි)
පොලිසිය : මොකක්ද ඒ කේස් කියමු බලන්න?
අංකල් : අර බීමත්ව රිය පැදවීම..??
පොලිසිය : (මගේ දිහා හැරිලා බලන ගමන්) ආ.. මෙයාගෙ කේස් එක නේද? ඒක අද අපි ගෙනාවේ නැහැ. අද නඩු ගොඩක් තියෙනව. අයෙමත් අනිද්දට එන්න. සිකුරාද ට. මේ වෙලාවටම.
අංකල් : බැරිද රාලහාමි අදම මේක පොලිසියෙන් ගෙන්න ගන්න.? මේ ළමය රස්සාවෙන් නිවාඩු ත් ගෙන ඇවිල්ල තියෙන්නෙ.
පොලිසිය : බෑ බෑ. අද කොහෙත්තම කේස් එක ගන්න බැහැ. අනිද්දට එන්න.
බොහොම අනුකම්පාවෙන්, දුකෙන්, සානුකම්පිතව මේ සියල්ලම අහගෙන හිටපු මට...........
........ එක සැරේටම ආයෙත් මල පැනල,
මම : බලන්න අංකල් මේ මනුස්සයෝ කරන බලු වැඩ. දන දන අපිව රස්තියාදු කරනවනෙ හ්ම්ම්ම්ම්...
පොලිසිය : දැක්ක නේද? මනුස්සයෝ? බලුවැඩ? ඔහොමද පොලිසියේ යට කතා කරන්නේ? දැක්ක නේද මහත්තයෝ මේ උසාවියෙ ඉස්සරහදිත් මේ මනුස්සය අපිට කතා කරන විදිහ? නෑ. සිකුරාද ම එන්න. අපි ගිහින් එන්නම් මහත්තය.
පොලිසිය එතනින් පිටත් උනාය. මම ආයෙත් තරහෙන් පිපිරෙනවාය.
අංකල් : මොකක්ද ටික්කො උබ ඒ කල වැඩේ?
මම : නෑ අංකල්. ඕනෑම දෙයක සදාරණයක් තියෙන්න ඕන. මම බීල එලෙව්වා. පිළිගත්තා. උසාවි ආව. මේ %$£$%^& පුතාලගෙ අම්මලන්ට බලන්න අංකල් අපි රස්තියාදු කරන හැටි. හ්හ්ම්ම්ම්...
අංකල් : ටික්කෝ. මුං මේක කලේ නඩු වැඩි නිසා නෙමෙයි.මේක උං උබට දුන්න රැග් එකක්. punishment එකක්. පරිප්පුවක්. අපිට අපේ වැඩේ කරගන්න ඕනිනම් මුන් එක්ක ශේප් එකේ ඔව් සර්, හා සර් කියාගෙන ඉන්න ඕන. අපි අපේ අතේ වැරැද්ද තියාගෙන ඉන්න කන් මුන් එක්ක හැප්පෙන්න බැහැ.
මම : හරි අංකල් ඉතිං අංකල් කියනවනම්. අනේ මන්ද මටනං දැන් එපා වෙලා තියෙන්නේ.
අංකල් : හරි කමක් නැහැ. මම උබට බස් ස්ටෑන්ඩ් එකෙන් දාන්නම්. රස්තියාදු ගහන්නේ නැතිව කෙලින්ම කොළඹ යන්න. ඔය සල්ලි ටිකත් පරිස්සම් කරගන්න. ආයේ හෙට රෑට එන්න. ඒත් සිකුරාදාට දවල්ට මට වැඩක් තියෙනව. මම ඔක්කොම කරල දෙන්නම්. යාලුවෙක් එක්ක උසාවි ඇවිල්ල වැඩ ටික කරගන්නකො.
මම : thank you අන්කල් හොඳේ.
ඉතින් මම අද මේ වෙච්ච මළ දානය DC සහ දරේ ටත් ෆොනේ එකෙන්ම කියල ආයෙත් හෙට රෑට උන්ගේ ගෙදර එනව කියල කොළඹ ගියා.
දැන් මම තුමා ආයෙත් depressed. සිත්තැවුලෙන්. කනස්සල්ලෙන්. බය, දුක, ඒ මදිවට හිරගෙදර මතක් වෙනව.
ඉතිං එදා හවස මම ඔෆිස් එකට ගිහින් එදා රෑත් පහුවෙනිද උදෙත් නිදි නැතිවම වැඩ කරන හවස ගාළු ඇවිත් DC & දරේ ලගෙ ගෙදර accommodation ගත්ත කියහන්කෝ.
උදේ පාන්දරම නැගිට්ටලා DC ගෙ අම්මගේ අමතක නොවෙන උදේ ආහාරයත් අරගන්නට පසුව DC ස්වේච්චාවෙන්ම ඉදිරිපත්වුනා මම එක්ක උසාවියට යන්න. ඒ අමතරව පොලිසිය ලඟින් අන්කල් ව හම්බවෙලා අන්කල් පොලිසියටම ගිහිල්ල confirm කරගෙන ආව එදා උදේම මගේ නඩුව සහිත ෆයිල් එක උසාවි යන පොලිස්කාරයන් අරගෙන ගිහින් තියෙන බව සහ අන්කලුත් අපි එක්කම උසාවියට ඇවිත් පොලිස් නිලදාරින්ගෙන්ම නඩු අංකයත් අරගෙන ලෝයර් ගේ ඇසිස්ටන්ට් ටත් කේස් එක බාර දීල රුපියල් 1,000/= ගෙවද්දී අන්කල් මගේ ෆෝන් එක අරන් එකත් off කරලම දීල තව අවවාද ටිකකුත් දීල පුළුවන් ඉක්මනටම එන බවත් කියල යන්න ගියා.
දැන් ඉතිං සියල්ලම සුදානම් කිව්වොත් හරියටම හරි. ඔය වෙලේ DC සහ මම කොනක තිබ්බ හෝටලයකට ගිහින් ප්ලේන්ටි දෙකකුයි සිගරට් දෙකකුයි අරගෙන බිබී ඉන්නකොට ඔන්න ඇහෙනව,
අඩෝ ටික්ක බ්‍රදර්, DC බ්‍රදර්..!! මොකෝ මොකෝ බ්‍රදර් ල මේ පැත්තේ ආ..??
ඒ අපේ අතිජාත මිත්‍ර, Bunty brother. (ඉතාම හිත හොඳ, පපුව හොඳ මිත්‍රයෙක් උනත් මත්ද්‍රව්‍ය වලට අධික ලෙස ඇබ්බැහිවී සිටි ඔහු මේ දවස්වල පුනරුත්ථාපනය වෙවී සිටි කාලයයි. මොහු කිසිම දවසක අපේ කිසිම කෙනෙකුගෙන් මත්ද්‍රව්‍ය පැනයට රුපියලකින්වත් කරදර නොකළ අයෙක් කියලත් විශේෂයෙන්ම කියන්න ඕන අතරම උසාවි හිරගෙවල් ගැන පශ්චාත් උපාදියකට තරම් දැනුමක් තියෙන පුද්ගලයෙකි. මොකු අදද ජිවතුන් අතර සිටියයුතු යැයි මම විශ්වාස කරමි)
මම : නෑ බන්ටි. අර සීන් එකේ කේස් එක අදනේ.
බන්ටි : අම්මටසිරි. මම්ම මීය. කීයටද ගන්නෙ? මටත් වැඩක් නැහැ. මමත් එන්නං උබල එක්ක උසාවියට. උබලට නොකරන හෙල්ප් එකක් තියෙනවද බ්‍රදර්ස්..
මම : එල කිරි බන්ටිය. නියමයි.
DC : එල එල.
බන්ටි : යමං ඇතුලට. judge අවට පස්සේ ගියොත් හෙන පරිප්පුවක් කන්න වෙන්නෙ හරිද. යමං ඇතුලට.
ටික වෙලාවකින් DC කිව්වෙ ඌ ට shop එක අරින්ට තියෙන බවත් ඉක්මනටම දරේ ට ෂොප් එක බාරදීලා නැවතත් උසාවියට එන බවත් බන්ටිත් ඉන්න නිසා මට අවුලක් වෙන්නේ නැති බවත්ය. ඉන් ටික වෙලාවකට පස්සෙ DC යන්න ගියාය.
මමත් බන්ටි ත් ඔහේ පච, බේගල්, රස කතා, කතා කරමින් කාලය තලු මරමින්, විකමින්, විටෙක බුල්ටෝ එකක් ලෙස හපමින් කනවාය. මොකද මේ ප්‍රශ්න සියල්ලෙන් හරි අඩක් දැනටමත් විසඳි ඇති නිසා හිතටත් ෆිට්. අනික ළඟ ඉන්නෙත් බොක්කෙ ෆිට් එකකි.
ක්ෂණයකින් උසාවිය නැගිටිනු...!! වගේ warning එකක් සමග සියලුම දෙනා නැගිටිනවාත් සමගම අපිත් automatic නැගිට්ටෙමු. අනිත් කොනෙන් කළු ලෝගුවක් පොරවගත්ත උස මහත ඩයල් එකක් හරියට කින්ග් රිචර්ඩ් වගේ උසාවිය උඩට නගිනවාය. ඔන්න ඔහොම්මම දැන් මගේ ගූ මුට්ටියත් ආයෙත් රත්වෙනවාය. මේ අතරම මට දැනෙන්නේ මගේ වම කනට කවුදෝ කොඳුරනවා වාගේය. බැලින්නම් ඒ බන්ටි ය.
(කනට කර රහසේ....)
මම : මොකෝ බන් බන්ටි උබට වෙලා තියෙන්නේ..?
බන්ටි : අනේ ටික්කො. වෙරි සොරි බ්‍රදර්..
මම : මොන $£@^& ද යකෝ උබ මේ දොඩවන්නෙ ?
බන්ටි : ටික්කො මේ %රි judge තමයි හැමපාරම මම බඩු එක්ක අහු උනහම අවුරුදු 2ක තුන ඇතුලට යැව්වෙ. ඔය $රිය මාව හොඳට අඳුරනව. නිකමට හරි ඌ දැක්කොත් උබ මම එක්ක ඉන්නව උබවත් අරිනව මාස හය හතකට ඇතුලට. මම නිසා උබත් චාටර් කරන්න බෑ බන්. මම එහෙනම් ඉක්මනට වාෂ්ප වෙනවා. එළියෙදි හම්බවෙමු බ්‍රො..
...කියල මු පිටිපස්සෙන්ම අතුරුදහන් උනා කියහන්කෝ ඉතිං.
දැන් මට වැලේ වල තියා එල්ලෙන්නට වත් වැලක් නැත. සභා තෙමෝ සියල්ලම මේ වෙනකොට සතුටින් විසිරී ගිහින් අවසානය. දැන් තනිකරම ඇත්තේ ලෝයර් ගේ සහය පමණකි.
දැන් උසාවියේ කටයුතු ආරම්ඹ වී ඇත. පලවෙනි නඩුව traffic නඩුවකි. විත්තිකරු පොලිසියට එරෙහිව දාපු කේස් එකකි.
කල් ගියාය.
දෙක බුදල් නඩු, තුන හතරට මොනවයින් මොනාද වෙන්නේ කියා මට තේරෙන්නේ නැත. ඉහෙන් කලින් දාඩිය දානවය. අත් දිග ෂර්ට් එකේ ඇත නවාගන්න ඕනෑ උනත් first impression එක මෙතනට බොහොම වැදගත්ය,
ඔයින් මෙයින් නඩු අංකයක් එක්ක මගේ නම ඇහෙනවාය.
පැමිණිල්ල : ගාල්ල පොලිසිය රථවාහන අංශය
විත්තිකරු : ටිලාන් xxxx xxxxxxx
හුකා...!! පශ්තාත් බාගයට පැට්‍රොල් ගහපු බල්ලෙක් කෙලින් වෙනවාසේ මම බංකුවෙන් ඉද්ද ගැහුවාය. මට දැන් ආතා භුතය..
දැන් මම වට පිට බලන්නේ ලෝයර් දකින්නය. අර දැකපු එකාත් පේන මානයක නැත.අයෙත් මගේ සම්පුර්ණ නම කියවනවාය. මගේ ලඟට ආපු උසාවි සහයාක මගේ නම එකද, ලෝයර් කෙනෙක් නැතිනම් තනිවම විත්ති කුඩුවට නගින්න කියනවාය.
Plan A චාකබ්ලාස්ට් වී අවසානය. දැන් Plan B ය. පුරුෂ ශක්තිය අතට අරං කුඩුවට මම නගිනවාය. පැමිණිලි පාර්ශවයේ පොලිස් පුතා මොනවදෝ judge ට කියනවාය.
දැන් මම ටිකෙන් ටික පියවි සිහියට එනවාය.
වැරදි අංක 01. ද්විත්ව ඉරි (ඔන්න ඔය වගේ මගුලක්) කපා දාවනය කිරීමට තමා,
වැරදි කරුද? නිවැරදිකරුද?
දැන් මට කරන්න දෙයක් නැත.
වැරදිකරු ස්වාමිනි.
වැරදි අංක 02.වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව දාවනය කිරීමට තමා,
වැරදි කරුද? නිවැරදිකරුද?
වැරදිකරු ස්වාමිනි.
වැරදි අංක 03. ආරක්ෂිත හිස්වසුමක් නොමැතිව රිය දාවනය කිරීමට තමා,
වැරදි කරුද? නිවැරදිකරුද?
වැරදිකරු ස්වාමිනි.
වැරදි අංක 04. බීමත්ව රිය පැදවීමට තමා,
වැරදි කරුද? නිවැරදිකරුද?
වැරදිකරු ස්වාමිනි.
වැරදි අංක 05. පොලිස් නිලදාරීන්ගේ රාජකාරියට බාදාකිරීමට තමා,
වැරදි කරුද? නිවැරදිකරුද?
වැරදිකරු ස්වාමිනි.
ඉට්ස් පස්සෙ තව මොනවද කුණුහබ්බ ටිකක් එක දිගට කියල මොන මක්කද සිරදඬුවම් ගැනත් කියල දඩ මුදල් සුපියල්ම 21,250/= කියා මේසෙට තඩි මිටියකින් ගැහුවාය.
දැන් මම ඉන්නෙ හරියටම ඇටි කෙහෙල් ඩෙවල් කාපු උගුඩුවා වගේය.
ආයෙත් එතනට ආපු සහායක මට කනට කර කීවේ විනිසුරු තරහ ගස්සන්නේ නැතිව කුඩුවෙන් බහින්න කියලාය.
එතනින් බහිනවාත් සමගම ඒක පොලිස් නිළ ඇඳුමට සමාන නිළ ඇඳුමක් ඇන්ද ඩයල් එකක් මාව කාමරයකට ගෙන ගොස් watch එක පර්ස් එක phone එක ඔක්කොම ගන්න ගමන් මගේ සල්ලි ලියුම් කවරය ගන්නකොට මතක් උනේ දඩ මුදල් තවමත් මගේ ළඟ බවය.
කොච්චර කීවත් ඔවුන් මට කෝල් එකක් ගන්න දුන්නේ නැත. දඩ මුදල් ගෙවනකන් ඇතුලට දාන කුඩුවට මාවත් දැම්මාය.
එතන සරණ ඇඳගත් කොට කලිසං ඇඳගත් වයසක තරුණ පිරිමි 15ක් විතර ඉන්නවාය. මම තවමත් කූරු අල්ලන් අර මහත්තයට පින්සෙන්ඩු වෙනවාය.
ඔය අතරේ සරමක් ඇඳගත්ත එකෙක් මගේ ලඟට ඇවිත්,
"මහත්තය රට යවන agency එකක් තියල පොල්ලක්වත් තිබ්බද?" කියා අහනවාය.
මට උන්ට දෙන්ට උත්තර නැත.
තවත් ටිකකින් තව එකෙක් ඇවිත්
"ලොක්ක, කොහෙද guest house එක කලේ?" කියා අහනවාය.
මට උන්ට දෙන්ට උත්තර නැත.
වෙලාව කීයද කියාවත් මට නිච්චියක් නැත.
පයකට දෙකකට විතර පස්සෙ බන්දනාගාර ජේලර් වරයෙක් ඇවිත් කිව්වේ හවස 4ට කලින් ඇප හෝ දඩ මුදල් ගෙවන්ට බැරි උනොත් හිරගෙදරට ගෙනියන බවය.
සිතු දේ....
පැතූ දේ...
එලෙසම වේ...
කියල මම කොහොමද හිත හදා ගන්නෙ යකෝ...
දැන් මට බඩු බනිස් කියා මට බුදු ෂුවර්ය. මගේ දෙමව්පියන් මාව දරු කමින් අයින් කරනවාත් බුදු ෂුවර්ය. මාව මෙතනින් ගන්න කිසි කෙනෙක් එන්නේ නෑ කියලත් බුදු ෂුවර්ය. ඔක්කොම හිතන් ඉන්නවා ඇත්තේ මම නිදහස් වෙලා හිතේ දුකට ෆෝන් එකත් off කරගෙන කොළඹ ගියා වෙන්න ඇති කියලාය.
shirt එක කලිසම උඩින් ඇදල බෝත්තන් දෙකක් ඇරගෙන හිරේට යන්න ලැහැස්ති වෙලා මම බිම ඉඳගත්තාය. ඇඩුවා කියා පලක් නැත. කකුල් දෙක අස්සෙ ඔළුව හංගගත්ත ගමන් ඇඩුනාය.
කමක් නැහැ ඕන පුකක් ප්‍රීති වෙසක් කියා හිත හදාගත්තාය.
ටිකකින් දරදඬු හඬකින් ටික්ක ටික්ක කියා කවුද කතා කරනවාය. ඔලුව පිටිපස්ස බලද්දි ඉන්නෙ අන්කල් තුමාය.
"උබට මොකද උනේ ටික්කො? උබ මොකද මෙතන? මම තව පැය බාගයක් පරක්කු උනානං උබ ආයෙත් ඇතුලට දාල, තව දවස් 7කිං මෝසමක් දාල තමයි උබව එලියට ගන්න වෙන්නෙ"
සියල්ල පැහැදිලි කලාය.
එතුමා සියල්ල කර මාව එලියට ගත්තාය. ගාල්ල බස් ස්ටෑන්ඩ් එකට එනකං මම එතුමාට මොකුත් කීවේ නැත.
මම inter-city එකට නැගල බස් එක යනකං එතුමා වාහනයට වී බලාගෙන හිටියාය. dc ට උන දේ කෝල් කර කිව්වාය. ගෙදර ගිහින් අන්කල් සහ ඇන්ටිට ස්තුති කලාය. පසුව සති කිහිපයකින් මම අම්ම තාත්ත අක්ක නැවතත් back to normal උනාය.
ඊට පසු මාස කිහිපයකින් මම සියල්ල අත හැර විදේශගත උනාය.
පසු දිනක මව්තුමිය මට දුරකථන ඇමතුමක් දී කීවේ,
"අන්න අපි ඔයාගෙ හුලං අස්පය විකුණුව" කියලාය.
මම හිනා උනාය. අම්මත් හිනා උනාය.
ප. ලි.
ඒ ඊට පසු කිවු මාස කිහිපය තුල රට යනකං මගේ ජිවිතයේ සැහෙන වෙනස්නං වුනාය. එම කාලය තුල ඉගෙනගත් පාඩම් වලිං මම මගේ ජීවිතය ගොඩනගා ගත්තාය.
ඔය DC සහ දරේ කියන යහළුවන් අද මගේ සහෝදරයන් වැනිය. හෙට අනිද්දට අපේ මිතුරුදම අවුරුදු 20ක් විතර පිරෙනවාය. ඒ අංකල් සහ ඇන්ටි තවමත් අපේ පවුලේ සාමාජිකයන් වැනිය. bunty ගැන ආරංචියක් නැතිය.
ඒ සමගම ඒ දවස සිට අද වෙනකං තිබෙන දෙමාපිය බැඳීම, සහෝදරිය සහ ඇගේ පවුලේ තියෙන බැඳීම හැම තප්පරයෙදීම වැඩි වූ මිසක අඩු වුයේ නැත.
අදටත් මම අම්මට කියන එක දෙයක් තමා, අම්මේ, ඔහේ ඔහොම මට දඬුවම් දුන්නේ නැතිනම්, මේ පුතා ජීවිතේට හදාගන්න බැරි වෙන එකෙක් වෙනව නිසැකයි කියල. තාත්ත අපි දෙන්නටම ඉල්ලන ඕනෑම දෙයක් දුන්න. ඒත් අම්මේ ඔහේ දැනගත්ත මට දෙන්න ඕන විදිහ.
- නිමි -
දෛවය" is a fucking bitch
ReplyDelete++++++
අල්ලපු කොස්සට 2-3,000 ක් දුන්නනම් ඔච්චර පරිප්පු කන්න වෙන්නෙ නැහැනෙ බං
ඉයන් තුමෝ. බොහොම ස්තුතියි ඔබේ පලවෙනි කමෙන්ටුවට. පොඩ්ඩක් දිග වෙයි. මේ සිද්දිය උනේ 2001 දී. ඒ දවස්වල යුද්දෙත් තිබ්බ. හික්කඩුවේ ඉඳල උනවටුනටම යනකං night police patrol තිබ්බත් පොලිසිය දන්නවා weekend ගාල්ලෙන් කොල්ලෝ බිල උණවටුන හික්කඩුව යනව එනව කියල. ගොඩක් වෙලාවට කරන්නේ අපි ගාල්ලේ සමනල පාලම ගාව ඉඳල ගල් බෝතල් 5ක් 6ක් හිස් කරාට පස්සෙ තමයි decide කරන්නේ හික්කදුවද උනවටුනද යන්නේ කියල. බයික් වලින් යන්න බැරි අය ලොරි වලට අත දාල හික්කඩුවෙන් උනවටුවෙන් බස්සගන්නනවා. උණවටුනේ ඉඳල Happy Banana, UBR, BASE LINE , WHY NOT , VIBRATION. COMARAN අපි කවදාවත් ticket අරන් ගිහින් නැහැ. JAYA SRI , Chithral සෝමපාල බෑන්ඩ්ස් මම ඇතුළු අපි ඔක්කොමලම දන්නව. ඒ වගේම ඒ club අයිති ඔක්කොමලත්. ඒත් පොලිසියෙන් උනත් දැනගත්ත අපේ කාටවත් හානියක් නැහැ කියල bike තියා අපිවත් check කලේ නැහැ කවදාවත්.
Deleteමම එක දවසක් හික්කඩුවේ vibraton එකේ ඉඳල උනවටුනෙ happy banana එකට හදිසියෙ ආව යාලුවෙක් පැද්ද 1000cc bike එකක විනාඩි 12න්. හැබැයි කවුද නැවැත්තුවේ? කවුරුවත් නැහැ. මොකද මගේ යාලුවගෙ තාත්තට තමයි එදා උනවටුනෙ ලොකුම club එක තිබ්බේ.
මම බිල එළවල වරද පිලිඅරගෙනත් මෙහෙම පනිෂ්මන්ට් එකක් දුන්න.
තව මට වගේම ගොං උසාවි නියෝගයක් දීල නිදහස් උන එකෙක් කලේ ඒ පොල්ල පොලිස් නිලදාරියාට ආව වේගෙන්ම හෙල්මට් පාරක් දුන්න එක.
මගෙ මස්සින 2002 දී තමන්ගේ USA පැද්ද suzuki bandit 1200 bike එක tax ගෙවල ලංකාවට ගෙන වෙලාවේදී 4 වෙනි තට්ටුවට අරන් ගිහිල්ල ප්‍රශ්න කරල අන්න අද වෙනකන් එතන දිරනව. තව bike 12ක් එක්ක. හැබැයි චිචි (මහින්ද ගෙ) ට ok.
එක පැත්තකින් අපි ඔක්කොම අසරණයි. තව සෙට් එකක් having a good time :)
ඒ අපි අනිවා සැරයක් දෙකක් වත් හැප්පිලා ඇති බං ඔය කියන විදියට .. 98/99 වගේ ඉඳල 2003/04 වෙනකං කීපාරක් ඔය හික්කඩුව උණවටුන රූට් එක පැදල තියෙනවද කියල නිනව් නෑ.. අපිත් කවදාවත් එන්ට්‍රන්ස් නං ගෙවන්නේ නෑ තමයි අදටත්.. එකම වෙනස උඹල සමනල පාලම ලඟ සෙට්ටෙලා යද්දී අපි හාබර් එකේ නැවක හරි දක්ශිණ බූස්ස වෝඩ් රූම් බාර් එකේ හරි බීල නේවි වාහනේකිං ගිහිං බහින එක තමයි .. හික්ක සමහර උන් තාම තරහයි නේවි කියනකොටත් ඒ කාලේ බීලා ගිහින් කුඩු කරපුවට.. දැන් මතක් වෙනකොට හිතෙනවා මොන ජීවිතද ඒවා කියල .. හැක්
Deleteකල්‍යාණ මචෝ. උබ හරියටම හරි. හික්ක ඉඳල උනා වෙනකං night life එක වෙනමම situation / culture එකක්. පොලීසියෙන් උනත් පාරෙ patrol කලාට beach එකට එන්න පට්ට බයයි. club run කරන අයට වඩා beach boys ල පට්ට නන්දන වින්දන. අපේ ඉස්කෝලේ අපි සෙට් එක එක්ක මම (1998 දී මාව නුවර ඉස්කෝලේ දැම්මත්) 1998 - 2002 වෙනකං active. මොකද අපේ ඇවුන් තමයි හික්ක ඉඳල තංගල්ල වෙනකං ඔය ස්පොට් වල DJ කලේ. ඕනම ස්පොට් එකකට අපිට ticket නැතුව යන්න පුළුවන්. හැබැයි navy/ army ඇවුන් බහිනවට උං කැමති නැහැ. මොකද එතකොට උන්ට ඕන විදිහට රඟන්න බැරි නිසා. 1999 දි why not කියල එකක් තිබ්බ. ඉරිසියාවටම ඒක හික්ක උන්ම කුඩු කරල දැම්ම. එදත් අපි එතන හිටිය. 2000 දි happy banana එකේ මිනිහෙක් මැරුව. එදත් අපි එතන. 2001 දී base line එකට වෙඩි තිබ්බ. එදත් අපි එතන. මම හික්ක උනා ඇවුන්ට ගොඩක් help කරලා තියනව. උන්ට email address හදල දීල වගේම උන්ගෙ email check කරල උන්ට මමම කෝල් කරල උන් විදිහට reply කලෙත් මම. තව කියන්ට දේවල් ගොඩයි.
Deleteකල්‍යාණ අපි කවදාහරි ලංකාවේදී සෙට් වෙලා චැට් එකක් දාමු. උබ මගේ හම්බවෙන්න ඉන්න list එකේ ඉන්න එකෙක්.
ජය වේවා..!!
ඔය ට්‍රැපික් කේස් වලට වැරැද්ද පිළිගන්නවනං ලෝයර්ල අල්ලන්න ඕන නෑ. මාත් බය හින්ද දාහක් දීල ලෝයරයෙක් අල්ලගෙන ගියාට මං කරපු වැරැද්දම කරපු ත්‍රීවීල් බුවෙක් තනියෙන් වැරැද්ද පිළිඅරං දඩේ ගෙවුව.
ReplyDeleteමොනව උනත් බොලා පොලීසියට ගේම දීල ඔය තරමිං බේරිච්ච එක මදැයි.
ලොයර් නොඇල්ලුවෙත් නඩු කාරයගේ දඩේ වැඩියි. අපි කතරගම ගිහිල්ලා එනකොට සේවනගලදි පොලිසියෙන් හයිස්පිඩ් ඇල්ලුවා. උසාවියේදි බිලා එලවපු එකාට රුපියල් 5000යි. ඌ ලෝයර් අල්ලලා තිබුනා. අපිට ලෝයර් නෑ ඒක නිසා අපිට 10000 යි සුමානයක් ලයිසන් කැන්සල්. ආපහු ඇඹිලිපිටි ගිහිල්ලා ලොයර්ලා අල්ලලා මොෂන් දාලා ලයිසන් එක ගත්තේ.
Deleteඋබ හරියටම හරි මචං ප්‍රසන්න.
Deleteඋබ වැරද්දක් කලත් නැතත් නීතියෙන් කියල නැහැ lawyer කෙනෙක් ඕන කියල. එක අපේ සමාජේ මුල් බැහැගෙන තියෙන ගොබ්බ රීතියක්. මම අවුරුදු 3ක් අන්තර්ජාතික බැංකුව නීති අංශයේ වැඩ කළා. සමහරක් වෙලාවට නීති උපදෙස් ගන්නත් පුළුවන්. ඒ වගේම උබ වෙනුවෙන් නීති උපදේශකයෙකුට උබ වෙනුවෙන් කතා කරන්න බලතල දෙන්නත් පුළුවන්.
law firm කියල අරයගෙ associates මෙයාගේ associates කියල තියෙන්නෙ මිනිස්සු රවට්ටලා මිනිස්සුන්ගෙ ප්‍රශ්න අරන් උන්ව විකුණලා කීයක් හරි තමන් හම්බ කරගෙන සොච්චමක් වින්දිතයට දෙන්න හදපු system එකක්.
අනික නිකමට හිතපන් මචෝ තමන් වැරදිකරු කියන්නත් සල්ලි ගෙවල පිට මිනිහෙක්ට කියල කියවගන්න ජාතියක් අපි බන්.
උබ බැංකුවකට ලක්ෂයක් ණය නම් උබ තනියම ගිහින් උබේ incom පෙන්වල උබට කියන්න පුළුවන් උබට මාසේකකට ගෙවන්න පුළුවන් ගාන.
ගිය ආණ්ඩුවේ බිලියන් ගානක් ණය එකෙක් කිව්ව එක ගැන මට උබට කියන්නත් ලැජ්ජයි. ඌ ගෙවන්නෙ මාසෙකට රුපියල් 1000/=. :)
@ අසංග රණසිංහ ආරච්චි -
Deleteසමහරක් වෙලාවට ඕකම කොළඹත් වෙනවා. සම-හරක් ය කියනවා judge ල judgements දෙනවලු එයාලගේ ඉන්න situation හැටියටත්. හැබැයි ඒකටනම් හොඳම example එක තමයි සරත් N සිල්වා. (මට දේශපාලනයක් නැහැ හොඳේ මචෝ )
අසංග,
Deleteමටත් ඔය කතාවම කියපු හින්ද තමයි ලෝයර්ල ඇල්ලුවෙ. ඒත් මට ගහපු ගානම තමය අර කොල්ලට ලෝයර්ල නොඅල්ලලත් ගැහුවෙ.
This comment has been removed by a blog administrator.
Deleteටික්කා ට සතුටුයිද දැන් ........මන් එයාව හොගෙන යනවා
Deleteමගේ ආසාවට අකුල් හෙලන්න එපා හොඳේ මෙයා බන්නකෝ එයා කොච්චර හෑන්ඩ්සම් කෙනෙක්ද
Deleteඅනෝ මහත්තයෝ. බොට ඕන ඕනෑම මගුලක් කරගනිං. මම නෑ ඕන් ඕවට හිටං :D
Deleteඔයින් ගියා ඇති.මට පේන්නේ අම්මගෙන් iබීපු කිරි මතක් වෙලා වගේ . අම්මලා තාත්තලා අපට ගහන්නේ බනින්නේ ආදරේට. අපිව හදාගන්න. අපිට ඒක තේරෙන්නේ ගොඩක් පහුවෙලා. දැන්වත් ටික්කා හොදට හැදිලා ඉන්නවද. තාම පාප මිත්තරයෝ ඉන්නවද
ReplyDeleteසමනලී.! මට මගේ අම්මගෙන් බිව්ව කිරි නම් මතක් වෙන්න විදිහක් නැහැ. මම දැන් වයසයි. හැබැයි, මම හැදිලද නැද්ද කියන එක ඔබට අනවශ්‍ය කාරණයක් කියලයි මම හිතන්නෙ. ස්තුතියි.
Deleteමේකනම් අමතක නොවෙන අත්දැකීමක් ටික්කො.. අන්කල් නාවානම් උඹ දවස් ගානකට ඇතුලේ.. සිකුරාදා නිසා ඇතුලට ගියානම් ෆයිව් ස්ටාර් සති අන්තයක් ගතකරන්න තිබ්බ. සිකුරාදා දවස උසාවි කේස් වලට බොහොම භයානක දවසක් බං..
ReplyDeleteමමත් යාලුවෙකුගේ කේස් එකකට උසාවි ගිහින් උන්ගේ කේස් ඒක ඉවර වෙලා එනකල් උගේ පොඩි එකා කාර් එකේ තියාගෙන හිටිය. බලපිටිය උසාවිය ඇතුලෙම තමා කාර් ඒක පාර්ක් කරගෙන හිටියේ.. මේ යක්ස කොල්ල විසේ පොවපු එකෙක් නිසා මට ඌව බලාගෙන ඉදල එපා වෙලා ඌව ඩ්‍රයිවින් සීට් එකේ වාඩි කරලා මම පිටි පස්සේ සීට් ඒකට වෙලා හිටිය මේ යෝදයාව පැය ගානක් ආම්බාන් කරලා අමාරු නිසා.. මේ යක්ස කොලුවා ඒක පාරටම වාහනේ හොර්න් ඒක ඔබාගෙන හිටිය කියහන්කෝ තප්පර තිහක් විතර. මම දනිපනිගාල පැනල මේ යකාව පස්සේ සීට් ඒකට උස්සල ගත්ත. ඒ එක්කම උසාවියේ ඉන්න පොලිස් පොරවල් කීපදෙනෙක් දුවගෙන ආව කියහන්කෝ වාහන නවත්තල තියන දිහාවට. අර යක්ස කොල්ලව පස්සේ සීට් ඒකට උස්සල ගත්තේ නැත්තම් මට එදා කූරු ගණන් කරන්න වෙනවා අනිවාර්යයි..
මතක් කරන්ට එපා අම්බලන්ගොඩයෝ..
Deleteයකෝ, අර පොඩි එකා ඔච්චර වෙලාවක් horn එක ගහගෙන ඉඳලත් උබ ඔච්චර තරමින් බේරුනා කියන්නෙ බං, සිරාවටම? අනික උසාවියෙ ඇතුලෙම car එක පාර්ක් කරලා තියෙද්දි? පිස්සු හැදිල ආයෙත් හැදෙනව. 😲😲
මට වරුවක්ම ඌ එක්ක හක්කොලන් කරලා විනාඩියකට ඇහැ පියවුනා බං..
Deleteඅඩේ අම්බලන්ගොඩයෝ..!! ඒක පොඩි එකෙක් නෙමෙයි යකෙක්. උබේ පුරුවේ වාසනාවක් ඔච්චර හරියක් වෙලත් උසාවි දඩයක් නැතුව බේරුණ එක. ඉස්සර මම බැංකුවේ වැඩ කරනකොට උසාවි යද්දි ෆෝන් එකෙන් බැට්රිය ගලවල බැට්රිය එක සාක්කුවකයි ෆෝන් එක අනිත් සාක්කුවෙයි දාගෙන යද්දි යාළුවො හිනා වෙලා අහනව ඒ මොකෝ කියල. මම එතකොට කිව්වේ "මගේ ලක් එකේ හැටියට සමහරක් විට ෆෝන් එකටයි බැට්රියටයි කකුල් එවිල්ල එකට සෙට් වෙලා උසාවියෙදි ෆෝන් එක රින් වෙන්න බැරි කමකුත් නැහැ" කියල...🤣🤣🤣
Deleteදැන් මම 'හොඳ වැඩේ' කිව්වොත් සමාජෙන් කොන් වෙයිද? මානසික රෝගියෙක් කියයිද?
ReplyDeleteමට තියෙනවනේ බොලේ ඔය වගේ කුජිත, දුක්බර, සෝචනීය, ඉයාව් අවස්ථාවල් වලදී හිනායන එක! මට උනත් එච්චරයි, මට හිනා යනවා හෝ ගාලා......
වෙලාවට මම නොහිටියේ ඒ පැත්තකවත්. නැත්තන් මම ටික්කාගෙන් ගුටිකෑමට නියමිතයි.
හි හි හි හි... හිනා යනවා හලෝ....
ලිඛිතා..!
Deleteමේ සිද්දියට කියන්න වෙන්නෙ හොඳ වැඩේ කියල තමයි. මම මේ පොස්ට් දෙක තුනෙන් ම පස්සෙ ප.ලි. කියල දේවල් ලිව්වෙත් ඒ නිසාම තමයි. ඔය සිද්දිය උනේ 2001 දි. එයින් පස්සෙ මම අද වෙනකං වාහනයක් අල්ලලා නැහැ. ඊළඟ පොස්ට් එක බලන්නකො. අම්මට හුඩු..!! කියයි..!!!
සමාවෙන්න ඕනි අනවශෂ්ය දෙයක් ඇහුවනම්. කොයි තරම් වයසට ගියත් අම්මගෙන් බීපු කිරි අමතක කරන්න හොද නෑ. ඔය තරම් තරහා ගත්තොත් තවත් වයසට යයි
ReplyDeleteසමනලී...
Deleteඔයා ඔය හදන්නෙ වමට signal එක දාල දකුණට හරවන්න. සොරි. වැරදි phone number එකක්..!!
කම්මැලි නැතුව කියවන්න පුලුවන් පෝස්ට් එකක්
ReplyDeleteඅනේ Pra Jay තුමෝ..!! බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට. ඔයා කීවට මගේ ලිවීමේ හැකියාව ඇත්තටම o යි. ඒත් සන්තෝසයි දිරිගැන්වීමට.
Deleteඅපිටත් හිටපු ගමන් ඉස්සර ගෙදරින් බ්‍රහ්ම දණ්ඩනය ලැබෙනව, අම්මප ටික්කො හැබැයි මට සිරාවටම දුකයි උඹව තව සතියක් ඇතුළට නොදාපු එක ගැන :)
ReplyDeleteඑහෙනං මේ කතාව අද ඉවර වෙන්නෙ නැතුව තව කොටස් කීපයක්වත් ලියන්න වෙනව හෙක්... හෙක්...
ඕනම දෙයක් චාටරේ කාල ඉගෙන ගත්තහම තමයි ඇඟට පත්තියං වෙන්නෙ !
ඕකනෙ කන්ඩ කියන්නෙ හ්ම්ම්ම්... සතියක් ඇතුලෙ? එහෙනම් මට එලියට එන්න වෙන්නෙ රෙන්න තව හිලකුත් grill කරගෙන හිටං. :D හා හා හා...
Deleteඋබ දන්නවද බං මගෙ අම්ම අදටත් හිටි ගමන් බ්‍රහ්ම දණ්ඩනය දෙනව. සති ගණන් කතා කරන්නෙ නැහැ.
උබ කිව්ව හරි. චාටර් කාල ඉගෙනගත්ත කිසිම දෙයක් ජීවිතේට මගඇරිල නැහැ.
ඊළඟ පොස්ට් එක බලහන්කො.
ඉල්ලං කන එක කලාවක් නම්, මම එහි පිකාසෝ වෙමි...!!!
ලංකාවේ ෙන්ද? ෙමානා කරන්නදඅෆ්ෆා
ReplyDeleteඔහොම කියන්න එපා මද්දා බ්‍රෝ...!! ලංකාව කියන්නෙ චීනයේ මුතු ඇටය අප්පා... ඕගොල්ලන්ට තේරෙන්නෙ අප්පා. ඕගොල්ලොත් නිකං ඒකාබද්ද විපක්ෂය වගේ අප්ප. තේරුම් ගන්න අප්ප..!!
Deleteඔව් ඔව් ෙහාදට (ෙත්)ෙරවිල ඉන්නෙ අපේ මහ උන්ගෙ ෙගාන් කම් නිසා. ෙලාකෙන් උතුම් රට කියන උන්ට ෙම්වෙග් පාහර වැඩ ෙප්න්නෙනෑ මිනිස්සුන්ට කතා කරන්න සලකන්න දන්නෙ නැති රාජ්්ය ෙස්වයක් තියන රටක ෙමාන ලබ්ෙබ උතුම් කමක්ද?
Deleteඅපේ මුසලයන්ට රට දියුණු කරන්න ඕන නැහැ බං. එහෙම හිතනවනම් ඒක ඊට එහා ගොන් කමක්.
Deleteදැං මාසෙකට විතර කලින් දාාක අල්ලපු ගිණි කන වේසී උසාවි නෑවිත් මටත් ඕකම උනා බං
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅටමෝ..!! ඔය අම්මට $%$$^& කාකි ඇඳුමයි නම්බර් ටිකයි ගහගෙන ඉන්න උන්ට මැරෙන්න ගියත් වතුර උගුරක් දෙන්න එපා. හිටියත් ඉන්නේ .99% වගේ හොඳ මිනිහෙක්. දවල්ට පොලිස්! රෑට S.I. ගෙ පොල්ල පොලිස් කියල මගෙ නුවර හිටිය යාළුවා පොලිස් කාරයගෙ මුණටම කිව්ව එක හරි.!
Deleteමචං උඹව දන්න කිරක් ඉන්නවා මාත් එක්ක එක කංතෝරුවේ වැඩ කරණ. ඌ කිව්වා උඹව සිරාවට දන්නවා කියලා. උගේ නම ගුරා . නිකංම නිකං ගුරා නෙවේ. ඌ ලොකු ගුරා ! උඹ දන්නවද? ඌ කිව්වා තෝ සුපිරිම පිස්සු පොරක් කියලා. උඹයි උගේ මල්ලි පොඩි ගුරයි එක පංතියේලු. ඇත්තද බං?
ReplyDeleteතට්ටය අයියේ..!! (ඔබේ බ්ලොග් එක කියවනකොට තමයි ඒක වැටහුනේ හිටං 😜) ඒ දවස්වල ටිකක් පිස්සු පොරක් තමයි ඉතිං දැනුත්.
Deleteගුරා... ගුරා.. ගුරා.. 🤔🤔..?? ඇත්තම කියනවනම් මීටර් එකට එන්නේම නැහැනෙ. සමහරක් විට ඌට අපි කියන්න ඇත්තෙ වෙන නමක් වෙන්නැති. මොකද මේ වෙනකොට ඉස්කෝලෙන් අවුට් වෙලත් ගෙඩි පිටින්ම අවුරුදු 18 නේ? අවුලක් නෑ. දැන් අපි යාලුවොන්ගෙ යාළුවෝ නේ.. 👊🏽
පිස්සු හැදෙයි සඳ බැබළෙයි. අතකොට සුනිල් අංකලුයි එයාගේ අයියයි දෙන්න තාමත් උසාවි යනව බං.. මේ ලඟකදි අහකයන ඉඩං කේස් එකක් පැටලිලා අපේ වයිෆ් ගිහිල්ල තිබ්බ ලොක්කා හම්බවෙන්න.. ලෝයර් කෙනෙක් උනාට මිනිහ හරි සාධාරණ සුහද පොරක් කියල තමයි වයිපරේගේ රෙකමදාරුව උනෙත්..
ReplyDeleteඒ බොලා ගූ මුට්ටිය කියුවේ චූ එකටද? අපි නං කියුවේ පස්ස පැත්තට හිටං.. ගූ මුට්ටිටයි කිරි හට්ටි දෙකයි තමයි නංකිලාගේ ඇට්රෑක්ශන්ස් ඒ කාලේ.. හෙක්.. හෙක්..
පොලිසි, උසාවි, නඩු හබ, හිර ගෙවල් නම් නොපතං..
හුටා..!! බිබිලි නගින බෙලි කටූ. තෙරපෙන දඟර සුළං කිව්වලු හිටං 😳😳😳😳 බලනකොට අපි මේ දන්න කියන මිනිස්සු නේ බං කමියො 🙈..
Deleteඔව් ඔය සුනිල් අංකල් ලා බොහොම ප්‍රසිද්ද හොඳ නමක් තියාගෙන ඉන්න මිනිස්සු.
මම දවසක් කොලබ අළුත්කඩේ උසාවියේ කාමර අංක 7 නඩුවක කට (ඒක ඒ දවස්වල මගේ රැකියාවේ කොටසක් හොඳේ 😜) ගිහිල්ල ඉන්නකොට ඉස්කෝලෙ සර් කෙනෙක් හම්බ වෙලා (ඌ ටිකක් චීත්ත රෙද්දක්) ඌට දුන්න ආතල් එකක් කෝමද දන්නවද කමියො..?? එදා ඌ ෆුල් ආත භූත..!! ගු මුට්ටිය නැටවෙන්න ඇති. වෙනම පොස්ට් එකකින් ලියන්නම්කො...👊🏽
ටික්ක මට මේක කියෝන කොට ප්‍රශ්න 2කක් ආව
ReplyDelete1 ඇයි උබේ යාලුව කඩේ අරින්ඩ ගියේ
2 බැරි වෙලාවත් උබව ඇතුලට දැම්මනන් උබ මොකෝ කොරන්නෙ
කතාවනම් එල සත්‍ය ජීවිත කතා වලින් අපිටත් යමක් ගන්න තියනව...
තඩියෝ..!! ඔබගේ ප්‍රශ්න
Deleteඅංක 01 ට පිළිතුර > මේකනේ බං. මම බීල අහුඋන වෙලෙත් DC සහ උගෙ මල්ලි දරේ ත් කඩේ වහල දුවගෙන ආවෙත් මාව බේරගන්න. යාලුවෝ කියල හැමදේම උන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැනෙ. උන්ගෙ ව්‍යාපාර කරගෙන යන්නත් ඕන. අනික අර අර පැරශුට් එකෙන් බැස්ස බන්ටිය කිව්වනෙ ඌත් ඉන්නව කියල.
අංක 02 ට පිළිතුරු > ඇතුලට දැම්මනං ඉතිං යනව. වෙන මොකක් කරන්නෙයි ඉතිං.කවදහරි එලියට දාන දවසක එනව. ඒ දවස්වල හොඳ ෆුල් ටයිම් ජොබ් එකකුයි පාර්ට් ටයිම් ජොබ් එකකුයි තිබ්බ. ඉන්න කන්න තැනකුත් තිබ්බ. ඒක නිසා කවදහරි ගෙදරට වද්දගන්නකන් එහෙම්මම ඉන්න තමයි හිතාගෙන හිටියෙ.
මලයෝ බොල මොන ආතල් ගත්තත් බීල ටුක් ටුක් ටැක්සි එකක මිස ෆුට් සයිකලයක් වත් අල්ලන්න එපා. මේව ආදර්ශයට ගනිං 👊🏽
mage sinhala hadgankan diga comment ekk danna bariya
ReplyDeletekohamda mata meka missed une
මචං මෙන්ඩා! මෙන්න මේ ලින්ක් එක ට ගිහිං සිංහල ටයිප් කරපං දැනට යංතන් සම්පදන් වෙන්න.
Deletehttps://www.google.com/intl/si/inputtools/try/
ජය වේවා..!!
👊🏽
එල...හරි ගියා මචෝ ..දැන් දෙන්නම් ජම්බු
Delete