Monday 14 August 2017

උසාවිය නිශ්ශබ්ද වෙනු.!! බිමත්ව පැදවීම සහ එහි අවසාන කොටස. (අංක 03)





ඉතින් අපි සියලුම දෙනා නුවරට සැපත් වී අළුත් ගෙදරට බඩු බා ගෙදර පිළිවෙලක් කර මම කොළඹ එනකං ගෙදර කිසි කෙනෙක් වචනයකින් හෝ ඉරියව්වකින් හෝ මේ මම තුමා ඔවුන්ගේ සිටින එකම පුතණුවන් පරාණය හෝ සහෝදරිය ගේ එකම සහෝදර පරාණය ලෙස නොපිලිගැනීමට ත් අම්මේ තාත්තේ අක්කේ මම ගිහිල්ල එන්නම් බුදු සරණයි කියා කකුල් අල්ලා වඳින situation එකේ දීත් සාර්ථක ලෙස මම ignore කරන්නට ඔවුන් වගබලාගත්තත් මම කල මේ ගොන් කමේ හැටියට තවදුරටත් ඔවුන් මාව ඝාතනය නොකිරීම නිසා තවදුරටත් ජිවත් වීමේ භාග්‍යය ලැබීම ගැන හිත සනසාගමින් මම කොළඹ රාජකාරි කරන ස්ථානයට සැපත් වෙනවාය.

දැන් මට සති දෙකක් ඇතුලත උසාවියට ඉදිරිපත් වෙන්න වෙනවාය. එයිට අමතරව තවත් ගැටළු තුනකි.


01. ගෙදර සියලුම දෙනා ස්ථිරවම කිව්වේ ජීවිතාන්තය දක්වා හිරේට යැවුවත් මම වෙනුවෙන් ඇප හෝ උසාවි දඩ මුදල් ලබා නොදෙන බවය. (අපේ ගෙදර මව්තුමියගේ තීරණය අවසාන තීරණය වන්නේ ය)
02. ඒ සඳහා මුදල් හොයගැනීමය.

ඉහත කිසිම දෙයකට වඩා මගේ ඇඟ වෙවුලමින් "ගූ මුට්ටිය රත් වෙන්නේ", (ගූ මුට්ටිය රත් වෙනවා යයි කියා ඒ දවස්වල ගාල්ලේ කොල්ලන් කියන්නේ කලිසමේ හුජ්ජ යනවා කියන අති භයන්කාර අවස්ථාවටය. 
03. වැරදිලා හෝ හිරේට ගියොත් කියන එකය. 😳

මේ අතර මම හැමදාම අර ආරක්ෂක සේවයේ යෙදුනු මාව මේ උරචක්‍ර මාලාවෙන් යම්තාක් දුරකට බේරාගත් අංකල් තුමාට හැමදාම කෝල් කරමින් මෙන්න මේ ආකාරයට මළ ඇණයක් වෙනවාය.


මම : හලෝ අංකල්. මම ටික්ක.
අංකල්  : ආ..ටික්ක. මොකෝ බං. හොඳින් ඉන්නවද?
මම : නෑ අංකල්. මාව හිරේ ට දාවිද අංකල්?
අංකල්  : උබට පිස්සුද ටික්කො. බය නැතිව හිටපං. මම බලාගන්නම්.
මම : ඒත් අංකල්. මට බයයි අංකල්. මාව හිරේ ට දැම්මොත්.
අංකල්  : යකෝ උබ මිණි මරල නැහැනෙ. මම ඔක්කොම බලාගන්නම්. මගෙ යාළු ලෝයර් කෙනෙකුත් ඉන්නව.
මම : ආ.. එහෙමද අංකල්. ලක්ෂයක් විතර ඕන වේදීද අංකල් කේස් එක ගොඩ දාගන්න?
අංකල්  : ඈ බං ටික්කො. උබ ඔය දැනුත් බීලද ඉන්නෙ ලක්ෂ ගණන් කතා කරන්න ? ඔන්න ඔහේ රුපියල් 20,000/= 25,000/= හොයාගෙන වරෙන්.
මම : අත්තටමෙයි අංකල්..?? 
අංකල්  : ඔව් බං. උබ ඔය මේ දවස් ටිකේවත් පරිස්සමින් ඉඳල කලින් දවසේ අපේ ගෙදර වරෙන්. මම උබව උදේට උසාවි එක්කරගෙන යන්නං.
මම : නෑ කමක් නැහැ අංකල්. තවත් කරදර කරන්න ඕන නැහැනෙ. මම DC ගෙදර ඉඳල උදේට අංකල් ලගෙ ගෙදර එන්නං. බුදු සරණයි අංකල්.
අංකල්  : හරි උබ වරෙන්කො. මම තිබ්බ එහෙනං 

ඔන්න බලන්න පින්වතුනි. පහුගිය එපිසොඩ් දෙකේම වීරයාගේ තැන හිටිය මම දැන් ඉන්න බල්ල මාර්ක් ස්ථානය.?
"දෛවය" is a fucking bitch කෙනෙකි පිංවතුනි. සාදු කාරයක් දෙන්න සැදැහැවත් පින්වතුනි..!!

මේ අතරවාරයේ ගෙදරට සහ අක්කට දුන් ඇමතුම් සියල්ලම තවමත් ringing ringing no answer ය.

හෙට උසාවි දවසය. ගෙඩිය පිටිං සුපියල් 8,500/- පඩි පත සමග මෙගේ මේ දුක් සීන් එකට බොසාගේ හිත සසලවී සැනසිලි ත්‍යාගයක් විදිහට සුපියල් ම 10,000/= ද ලැබුණි කියහන්කෝ හිටං. දැන් 25,000/= ට තව 6,500/= අඩුය. 

තිබුන සෙලාන් බැංකුවේ 10,000/= ලිමිට් එකේ තිබ්බ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් සල්ලිම සුපියල් 9,000/= ඇද ගත්තේ ගොං කමට තවත් හදිසියක් උනොත් කියලාය. මොකද මේ කියන වකවානුවේ හැටියට 1.5v බැටරි කෑල්ලක් මම ඇල්ලුවත් කරන්ට් එක වදිනවාය.

හවස් වෙන්න කලින් ඇඳුම් බැගයත් ලට්ට ලොට්ට ටිකත් අරං දෙහිවලින් ගාල්ල බසයකට ගොඩවී ටික්කා තුමා මේ ආකාරයෙන් ගාල්ලට සැපත් වී DC සහ දරේ හමුවී ඔවුන්ගේ ගෙදර රැය පහන් කර උදේ පාන්දරම අංකල් තුමා ගේ ගෙදරට ගොස් ඔහුගේ රථයේ නැගී කොටුව උසාවි සංකීර්ණයට මෙන්න මේ ආකාරයට සැපත් වෙනවාය.

දැන් මම සිටින්නේ ඔබට තියා මටවත් හිතාගන්නට බැරි මේ දැනුත් එම අවස්ථාව අකුරු මගින් හෝ වචනවලට පෙරලා පැහැදිලි කිරීමට නොහැකි මානසික මට්ටමකය.

අංකල් : ටික්කො මොකෝ මේ? හා හා බැහැල යමු. මම දැන් උබව "අතකොට සුනිල්" කියන හෙන ප්‍රසිද්ද උබේ තාත්තත් අඳුරන ලෝයර් කෙනෙක් ලඟට. උබ වචනයක් වත් කතා කරන්න එපා. මම ඔක්කොම කියල ඉවර වෙනකන් හොඳේ. ආ. අමතක උන කියන්න. උබේ අම්ම තාත්ත දෙන්නම අද උදේ මටයි ඇන්ටිටයි කතා කලා.
මම : හා අංකල්.
අංකල් : දැන් ඉතින් යමං.

පැය බාගයකට විතර පසු.....,

අංකල් : සුනිල්, මේ තමයි xxxxxx ගෙ පුතා. බීල මෝටර් බයිසිකලෙන් ගිහිල්ල අහුවෙලා. ලයිසනුත් නැහැ තවම.
ලෝයර්  : මෙච්චර ලොකු පුතෙක් xxxxxx ට? දැන් කොහෙද ඉන්නෙ? මොනවද කරන්නේ?
මම : මම කොළඹ අංකල්. මම xxxx එකේ xxxxxx විදිහට වැඩ.
ලෝයර්  : හ්ම්ම්... ඉගෙනගෙන හොඳ රස්සාවල් කරලා නිවාඩුවට ගෙදර ආවහම මෙහෙමනම් මේ ළමයි කොළඹ ඉන්නකොට කරන දේවල් දෙය්යො තමයි දන්නෙ. හා හොඳයි. ඉස්සෙල්ලම පොලිසියේ කෙනා හම්බ වෙලා case number එක අරගෙන මේ මගේ assistant xxxxx ට දෙන්න. මෙයා ඔක්කොම බලාගනීවි. ලයිසන් ගන්නෙ නැතුව ම බීල පැද්ද නිසා ලයිසන් එකට ප්‍රශ්නයක් වෙන්න හේතුවකුත් නැහැනෙ එහෙනම්.

මම : thank you very much අංකල් හොඳේ.

දැන් මම ටිකෙන් ටික හුස්ම ගන්නවාය.

(දැන් මමයි අංකල් තුමායි පොලිසියේ කෙනා හම්බ වෙන්න යනගමන්.....,)

අංකල් : මේ රාළහාමි. අර උදේ 10.30 කේස් එකට අපි ආවේ. ලෝයර් කිව්වා නඩු අංකය අරගෙන එන්න කියල. අපිට එක ගන්න පුලුවන්ද?
පොලිසිය : පොඩ්ඩක් ඉන්න බලන්න.

(දැන් මේ යකා ෆයිල් එක අස්සෙ මගේ එක හොයන්නේ කැළණි පාලම යටින් ගිය නැති වෙච්ච පොල්ලෙල්ලක් හොයන ගානට කිව්වොත් හරියටම හරි)

පොලිසිය : මොකක්ද ඒ කේස් කියමු බලන්න?
අංකල් : අර බීමත්ව රිය පැදවීම..??
පොලිසිය : (මගේ දිහා හැරිලා බලන ගමන්) ආ.. මෙයාගෙ කේස් එක නේද? ඒක අද අපි ගෙනාවේ නැහැ. අද නඩු ගොඩක් තියෙනව. අයෙමත් අනිද්දට එන්න. සිකුරාද ට. මේ වෙලාවටම.
අංකල් : බැරිද රාලහාමි අදම මේක පොලිසියෙන් ගෙන්න ගන්න.? මේ ළමය රස්සාවෙන් නිවාඩු ත් ගෙන ඇවිල්ල තියෙන්නෙ.
පොලිසිය : බෑ බෑ. අද කොහෙත්තම කේස් එක ගන්න බැහැ. අනිද්දට එන්න.

බොහොම අනුකම්පාවෙන්, දුකෙන්, සානුකම්පිතව මේ සියල්ලම අහගෙන හිටපු මට...........
........ එක සැරේටම ආයෙත් මල පැනල, 

මම : බලන්න අංකල් මේ මනුස්සයෝ කරන බලු වැඩ. දන දන අපිව රස්තියාදු කරනවනෙ හ්ම්ම්ම්ම්...
පොලිසිය : දැක්ක නේද? මනුස්සයෝ? බලුවැඩ? ඔහොමද පොලිසියේ යට කතා කරන්නේ? දැක්ක නේද මහත්තයෝ මේ උසාවියෙ ඉස්සරහදිත් මේ මනුස්සය අපිට කතා කරන විදිහ? නෑ. සිකුරාද ම එන්න. අපි ගිහින් එන්නම් මහත්තය.

පොලිසිය එතනින් පිටත් උනාය. මම ආයෙත් තරහෙන් පිපිරෙනවාය.

අංකල් : මොකක්ද ටික්කො උබ ඒ කල වැඩේ?
මම : නෑ අංකල්. ඕනෑම දෙයක සදාරණයක් තියෙන්න ඕන. මම බීල එලෙව්වා. පිළිගත්තා. උසාවි ආව. මේ %$£$%^& පුතාලගෙ අම්මලන්ට බලන්න අංකල් අපි රස්තියාදු කරන හැටි. හ්හ්ම්ම්ම්...
අංකල් : ටික්කෝ. මුං මේක කලේ නඩු වැඩි නිසා නෙමෙයි.මේක උං උබට දුන්න රැග් එකක්. punishment එකක්. පරිප්පුවක්. අපිට අපේ වැඩේ කරගන්න ඕනිනම් මුන් එක්ක ශේප් එකේ ඔව් සර්, හා සර් කියාගෙන ඉන්න ඕන. අපි අපේ අතේ වැරැද්ද තියාගෙන ඉන්න කන් මුන් එක්ක හැප්පෙන්න බැහැ. 
මම : හරි අංකල් ඉතිං අංකල් කියනවනම්. අනේ මන්ද මටනං දැන් එපා වෙලා තියෙන්නේ.
අංකල් : හරි කමක් නැහැ. මම උබට බස් ස්ටෑන්ඩ් එකෙන් දාන්නම්. රස්තියාදු ගහන්නේ නැතිව කෙලින්ම කොළඹ යන්න. ඔය සල්ලි ටිකත් පරිස්සම් කරගන්න. ආයේ හෙට රෑට එන්න. ඒත් සිකුරාදාට දවල්ට මට වැඩක් තියෙනව. මම ඔක්කොම කරල දෙන්නම්. යාලුවෙක් එක්ක උසාවි ඇවිල්ල වැඩ ටික කරගන්නකො.
මම : thank you අන්කල් හොඳේ.

ඉතින් මම අද මේ වෙච්ච මළ දානය DC සහ දරේ ටත් ෆොනේ එකෙන්ම කියල ආයෙත් හෙට රෑට උන්ගේ ගෙදර එනව කියල කොළඹ ගියා.

දැන් මම තුමා ආයෙත් depressed. සිත්තැවුලෙන්. කනස්සල්ලෙන්. බය, දුක, ඒ මදිවට හිරගෙදර මතක් වෙනව. 

ඉතිං එදා හවස මම ඔෆිස් එකට ගිහින් එදා රෑත් පහුවෙනිද උදෙත් නිදි නැතිවම වැඩ කරන හවස ගාළු ඇවිත් DC & දරේ ලගෙ ගෙදර accommodation ගත්ත කියහන්කෝ.

උදේ පාන්දරම නැගිට්ටලා DC ගෙ අම්මගේ අමතක නොවෙන උදේ ආහාරයත් අරගන්නට පසුව DC ස්වේච්චාවෙන්ම ඉදිරිපත්වුනා මම එක්ක උසාවියට යන්න. ඒ අමතරව පොලිසිය ලඟින් අන්කල් ව හම්බවෙලා අන්කල් පොලිසියටම ගිහිල්ල confirm කරගෙන ආව එදා උදේම මගේ නඩුව සහිත ෆයිල් එක උසාවි යන පොලිස්කාරයන් අරගෙන ගිහින් තියෙන බව සහ අන්කලුත් අපි එක්කම උසාවියට ඇවිත් පොලිස් නිලදාරින්ගෙන්ම නඩු අංකයත් අරගෙන ලෝයර් ගේ ඇසිස්ටන්ට් ටත් කේස් එක බාර දීල රුපියල් 1,000/= ගෙවද්දී අන්කල් මගේ ෆෝන් එක අරන් එකත් off කරලම දීල තව අවවාද ටිකකුත් දීල පුළුවන් ඉක්මනටම එන බවත් කියල යන්න ගියා.

දැන් ඉතිං සියල්ලම සුදානම් කිව්වොත් හරියටම හරි. ඔය වෙලේ DC සහ මම කොනක තිබ්බ හෝටලයකට ගිහින් ප්ලේන්ටි දෙකකුයි සිගරට් දෙකකුයි අරගෙන බිබී ඉන්නකොට ඔන්න ඇහෙනව, 

අඩෝ ටික්ක බ්‍රදර්, DC බ්‍රදර්..!! මොකෝ මොකෝ බ්‍රදර් ල මේ පැත්තේ ආ..??

ඒ අපේ අතිජාත මිත්‍ර, Bunty brother. (ඉතාම හිත හොඳ, පපුව හොඳ මිත්‍රයෙක් උනත් මත්ද්‍රව්‍ය වලට අධික ලෙස ඇබ්බැහිවී සිටි ඔහු මේ දවස්වල පුනරුත්ථාපනය වෙවී සිටි කාලයයි. මොහු කිසිම දවසක අපේ කිසිම කෙනෙකුගෙන් මත්ද්‍රව්‍ය පැනයට රුපියලකින්වත් කරදර නොකළ අයෙක් කියලත් විශේෂයෙන්ම කියන්න ඕන අතරම උසාවි හිරගෙවල් ගැන පශ්චාත් උපාදියකට තරම් දැනුමක් තියෙන පුද්ගලයෙකි. මොකු අදද ජිවතුන් අතර සිටියයුතු යැයි මම විශ්වාස කරමි)

මම : නෑ බන්ටි. අර සීන් එකේ කේස් එක අදනේ.
බන්ටි : අම්මටසිරි. මම්ම මීය. කීයටද ගන්නෙ? මටත් වැඩක් නැහැ. මමත් එන්නං උබල එක්ක උසාවියට. උබලට නොකරන හෙල්ප් එකක් තියෙනවද බ්‍රදර්ස්..
මම : එල කිරි බන්ටිය. නියමයි.
DC : එල එල.
බන්ටි : යමං ඇතුලට. judge අවට පස්සේ ගියොත් හෙන පරිප්පුවක් කන්න වෙන්නෙ හරිද. යමං ඇතුලට.

ටික වෙලාවකින් DC කිව්වෙ ඌ ට shop එක අරින්ට තියෙන බවත් ඉක්මනටම දරේ ට ෂොප් එක බාරදීලා නැවතත් උසාවියට එන බවත් බන්ටිත් ඉන්න නිසා මට අවුලක් වෙන්නේ නැති බවත්ය. ඉන් ටික වෙලාවකට පස්සෙ DC යන්න ගියාය.

මමත් බන්ටි ත් ඔහේ පච, බේගල්, රස කතා, කතා කරමින් කාලය තලු මරමින්, විකමින්, විටෙක බුල්ටෝ එකක් ලෙස හපමින් කනවාය. මොකද මේ ප්‍රශ්න සියල්ලෙන් හරි අඩක් දැනටමත් විසඳි ඇති නිසා හිතටත් ෆිට්. අනික ළඟ ඉන්නෙත් බොක්කෙ ෆිට් එකකි.

ක්ෂණයකින් උසාවිය නැගිටිනු...!! වගේ warning එකක් සමග සියලුම දෙනා නැගිටිනවාත් සමගම අපිත් automatic නැගිට්ටෙමු. අනිත් කොනෙන් කළු ලෝගුවක් පොරවගත්ත උස මහත ඩයල් එකක් හරියට කින්ග් රිචර්ඩ් වගේ උසාවිය උඩට නගිනවාය. ඔන්න ඔහොම්මම දැන් මගේ ගූ මුට්ටියත් ආයෙත් රත්වෙනවාය. මේ අතරම මට දැනෙන්නේ මගේ වම කනට කවුදෝ කොඳුරනවා වාගේය. බැලින්නම් ඒ බන්ටි ය.

(කනට කර රහසේ....)

මම : මොකෝ බන් බන්ටි උබට වෙලා තියෙන්නේ..?
බන්ටි : අනේ ටික්කො. වෙරි සොරි බ්‍රදර්..
මම : මොන $£@^& ද යකෝ උබ මේ දොඩවන්නෙ ?
බන්ටි : ටික්කො මේ %රි judge තමයි හැමපාරම මම බඩු එක්ක අහු උනහම අවුරුදු 2ක තුන ඇතුලට යැව්වෙ. ඔය $රිය මාව හොඳට අඳුරනව. නිකමට හරි ඌ දැක්කොත් උබ මම එක්ක ඉන්නව උබවත් අරිනව මාස හය හතකට ඇතුලට. මම නිසා උබත් චාටර් කරන්න බෑ බන්. මම එහෙනම් ඉක්මනට වාෂ්ප වෙනවා. එළියෙදි හම්බවෙමු බ්‍රො..

...කියල මු පිටිපස්සෙන්ම අතුරුදහන් උනා කියහන්කෝ ඉතිං.

දැන් මට වැලේ වල තියා එල්ලෙන්නට වත් වැලක් නැත. සභා තෙමෝ සියල්ලම මේ වෙනකොට සතුටින් විසිරී ගිහින් අවසානය. දැන් තනිකරම ඇත්තේ ලෝයර් ගේ සහය පමණකි.

දැන් උසාවියේ කටයුතු ආරම්ඹ වී ඇත. පලවෙනි නඩුව traffic නඩුවකි. විත්තිකරු පොලිසියට එරෙහිව දාපු කේස් එකකි. 

කල් ගියාය.

දෙක බුදල් නඩු, තුන හතරට මොනවයින් මොනාද වෙන්නේ කියා මට තේරෙන්නේ නැත. ඉහෙන් කලින් දාඩිය දානවය. අත් දිග ෂර්ට් එකේ ඇත නවාගන්න ඕනෑ උනත් first impression එක මෙතනට බොහොම වැදගත්ය,

ඔයින් මෙයින් නඩු අංකයක් එක්ක මගේ නම ඇහෙනවාය.

පැමිණිල්ල : ගාල්ල පොලිසිය රථවාහන අංශය 
විත්තිකරු : ටිලාන් xxxx xxxxxxx 

හුකා...!! පශ්තාත් බාගයට පැට්‍රොල් ගහපු බල්ලෙක් කෙලින් වෙනවාසේ මම බංකුවෙන් ඉද්ද ගැහුවාය. මට දැන් ආතා භුතය..

දැන් මම වට පිට බලන්නේ ලෝයර් දකින්නය. අර දැකපු එකාත් පේන මානයක නැත.අයෙත් මගේ සම්පුර්ණ නම කියවනවාය. මගේ ලඟට ආපු උසාවි සහයාක මගේ නම එකද, ලෝයර් කෙනෙක් නැතිනම් තනිවම විත්ති කුඩුවට නගින්න කියනවාය.

Plan A චාකබ්ලාස්ට් වී අවසානය. දැන් Plan B ය. පුරුෂ ශක්තිය අතට අරං කුඩුවට මම නගිනවාය. පැමිණිලි පාර්ශවයේ පොලිස් පුතා මොනවදෝ judge ට කියනවාය.

දැන් මම ටිකෙන් ටික පියවි සිහියට එනවාය.

වැරදි අංක 01. ද්විත්ව ඉරි (ඔන්න ඔය වගේ මගුලක්) කපා දාවනය කිරීමට තමා, 
වැරදි කරුද? නිවැරදිකරුද?

දැන් මට කරන්න දෙයක් නැත.

වැරදිකරු ස්වාමිනි.

වැරදි අංක 02.වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව දාවනය කිරීමට තමා,
වැරදි කරුද? නිවැරදිකරුද?
වැරදිකරු ස්වාමිනි.

වැරදි අංක 03. ආරක්‍ෂිත හිස්වසුමක් නොමැතිව රිය දාවනය කිරීමට තමා,
වැරදි කරුද? නිවැරදිකරුද?
වැරදිකරු ස්වාමිනි.

වැරදි අංක 04. බීමත්ව රිය පැදවීමට තමා,
වැරදි කරුද? නිවැරදිකරුද?
වැරදිකරු ස්වාමිනි.

වැරදි අංක 05. පොලිස් නිලදාරීන්ගේ රාජකාරියට බාදාකිරීමට තමා,
වැරදි කරුද? නිවැරදිකරුද?
වැරදිකරු ස්වාමිනි.

ඉට්ස් පස්සෙ තව මොනවද කුණුහබ්බ ටිකක් එක දිගට කියල මොන මක්කද සිරදඬුවම් ගැනත් කියල දඩ මුදල් සුපියල්ම 21,250/= කියා මේසෙට තඩි මිටියකින් ගැහුවාය. 

දැන් මම ඉන්නෙ හරියටම ඇටි කෙහෙල් ඩෙවල් කාපු උගුඩුවා වගේය.

ආයෙත් එතනට ආපු සහායක මට කනට කර කීවේ විනිසුරු තරහ ගස්සන්නේ නැතිව කුඩුවෙන් බහින්න කියලාය.

එතනින් බහිනවාත් සමගම ඒක පොලිස් නිළ ඇඳුමට සමාන නිළ ඇඳුමක් ඇන්ද ඩයල් එකක් මාව කාමරයකට ගෙන ගොස් watch එක පර්ස් එක phone එක ඔක්කොම ගන්න ගමන් මගේ සල්ලි ලියුම් කවරය ගන්නකොට මතක් උනේ දඩ මුදල් තවමත් මගේ ළඟ බවය.

කොච්චර කීවත් ඔවුන් මට කෝල් එකක් ගන්න දුන්නේ නැත. දඩ මුදල් ගෙවනකන් ඇතුලට දාන කුඩුවට මාවත් දැම්මාය.

එතන සරණ ඇඳගත් කොට කලිසං ඇඳගත් වයසක තරුණ පිරිමි 15ක් විතර ඉන්නවාය. මම තවමත් කූරු අල්ලන් අර මහත්තයට පින්සෙන්ඩු වෙනවාය.

ඔය අතරේ සරමක් ඇඳගත්ත එකෙක් මගේ ලඟට ඇවිත්,
"මහත්තය රට යවන agency එකක් තියල පොල්ලක්වත් තිබ්බද?" කියා අහනවාය.
මට උන්ට දෙන්ට උත්තර නැත.

තවත් ටිකකින් තව එකෙක් ඇවිත් 
"ලොක්ක, කොහෙද guest house එක කලේ?" කියා අහනවාය.
මට උන්ට දෙන්ට උත්තර නැත.

වෙලාව කීයද කියාවත් මට නිච්චියක් නැත.

පයකට දෙකකට විතර පස්සෙ බන්දනාගාර ජේලර් වරයෙක් ඇවිත් කිව්වේ හවස 4ට කලින් ඇප හෝ දඩ මුදල් ගෙවන්ට බැරි උනොත් හිරගෙදරට ගෙනියන බවය.

සිතු දේ....
පැතූ දේ...
එලෙසම වේ...

කියල මම කොහොමද හිත හදා ගන්නෙ යකෝ...


දැන් මට බඩු බනිස් කියා මට බුදු ෂුවර්ය. මගේ දෙමව්පියන් මාව දරු කමින් අයින් කරනවාත් බුදු ෂුවර්ය. මාව මෙතනින් ගන්න කිසි කෙනෙක් එන්නේ නෑ කියලත් බුදු ෂුවර්ය. ඔක්කොම හිතන් ඉන්නවා ඇත්තේ මම නිදහස් වෙලා හිතේ දුකට ෆෝන් එකත් off කරගෙන කොළඹ ගියා වෙන්න ඇති කියලාය.

shirt එක කලිසම උඩින් ඇදල බෝත්තන් දෙකක් ඇරගෙන හිරේට යන්න ලැහැස්ති වෙලා මම බිම ඉඳගත්තාය. ඇඩුවා කියා පලක් නැත. කකුල් දෙක අස්සෙ ඔළුව හංගගත්ත ගමන් ඇඩුනාය.

කමක් නැහැ ඕන පුකක් ප්‍රීති වෙසක් කියා හිත හදාගත්තාය.

ටිකකින් දරදඬු හඬකින් ටික්ක ටික්ක කියා කවුද කතා කරනවාය. ඔලුව පිටිපස්ස බලද්දි ඉන්නෙ අන්කල් තුමාය. 

"උබට මොකද උනේ ටික්කො? උබ මොකද මෙතන? මම තව පැය බාගයක් පරක්කු උනානං උබ ආයෙත් ඇතුලට දාල, තව දවස් 7කිං මෝසමක් දාල තමයි උබව එලියට ගන්න වෙන්නෙ"

සියල්ල පැහැදිලි කලාය.

එතුමා සියල්ල කර මාව එලියට ගත්තාය. ගාල්ල බස් ස්ටෑන්ඩ් එකට එනකං මම එතුමාට මොකුත් කීවේ නැත.

මම inter-city එකට නැගල බස් එක යනකං එතුමා වාහනයට වී බලාගෙන හිටියාය. dc ට උන දේ කෝල් කර කිව්වාය. ගෙදර ගිහින් අන්කල් සහ ඇන්ටිට ස්තුති කලාය. පසුව සති කිහිපයකින් මම අම්ම තාත්ත අක්ක නැවතත් back to normal උනාය.

ඊට පසු මාස කිහිපයකින් මම සියල්ල අත හැර විදේශගත උනාය.

පසු දිනක මව්තුමිය මට දුරකථන ඇමතුමක් දී කීවේ,

"අන්න අපි ඔයාගෙ හුලං අස්පය විකුණුව" කියලාය.

මම හිනා උනාය. අම්මත් හිනා උනාය.


ප. ලි.

ඒ ඊට පසු කිවු මාස කිහිපය තුල රට යනකං මගේ ජිවිතයේ සැහෙන වෙනස්නං වුනාය. එම කාලය තුල ඉගෙනගත් පාඩම් වලිං මම මගේ ජීවිතය ගොඩනගා ගත්තාය.

ඔය DC සහ දරේ කියන යහළුවන් අද මගේ සහෝදරයන් වැනිය. හෙට අනිද්දට අපේ මිතුරුදම අවුරුදු 20ක් විතර පිරෙනවාය. ඒ අංකල්  සහ ඇන්ටි තවමත් අපේ පවුලේ සාමාජිකයන් වැනිය. bunty ගැන ආරංචියක් නැතිය.

ඒ සමගම ඒ දවස සිට අද වෙනකං තිබෙන දෙමාපිය බැඳීම, සහෝදරිය සහ ඇගේ පවුලේ තියෙන බැඳීම හැම තප්පරයෙදීම වැඩි වූ මිසක අඩු වුයේ නැත.

අදටත් මම අම්මට කියන එක දෙයක් තමා, අම්මේ, ඔහේ ඔහොම මට දඬුවම් දුන්නේ නැතිනම්, මේ පුතා ජීවිතේට හදාගන්න බැරි වෙන එකෙක් වෙනව නිසැකයි කියල. තාත්ත අපි දෙන්නටම ඉල්ලන ඕනෑම දෙයක් දුන්න. ඒත් අම්මේ ඔහේ දැනගත්ත මට දෙන්න ඕන විදිහ.

- නිමි -