මේ පොස්ට් එක මෙච්චර කල් ලියන්නට පරක්කු උනේ මේකට අදාළ පින්තුර ටික හොයාගන්න බැරි උන නිසාය. හැම මගුලම ෆේස් බුකියට දාන්න පුරුදු උන මම, ෆේස් බුකිය අඩපන කල අවස්ථාවේ බැක් අප් එකක් නොගැනීමත්, බැක් අප්කල ඩ්‍රයිව් එකේ පින්තූර හෙවීම කළු නික හෙවීම තරම් දරුණු ක්‍රියාවක් වූ නිසාත් හොයාගත් පින්තූර ටික එක්ක මේ පොස්ට් එක මෙතනින් ආරම්බ කරමි.
Heavy Metal සංගීතය යනු 2000 වසරේ සිට මම ඉතා තදබල ලෙස ඇසීමට පුරුදු වූ සිටියෙමි. ඒ වගේම ලංකාවේ සිටි සමයේ Stigmata, Funeral In Heaven සහ Tantrum යන සංගීත කණ්ඩායම් වල ලයිව් ශෝස් ඉබ්බන්වල තිබුන සුපිරි වෙළද සංකීර්ණයේ (දැන් නම මතක නැත. ලේනියම් පාක් ද කොහෙද..) ගෝ කාර්ට් පදවන ස්ථානයේ The Rock Company නමැති ලේබලය යටතේ හැම සෙනසුරාදා වකම පැවැත්වූ සංගීත සංදර්ශන වලට සහභාගී වීමටත් අමතක නොකෙලෙමි. එත් කවදා හෝ දවසක මැරෙන්න කලියෙන් ලෝකයේ ප්‍රසිද්දම metal artists ලා දැක බලාගැනීමේ දරුණුම රෝගයකින් පෙලී සිටිබවත් නොකියාම බැරිය.
කාලය ගෙවී ගොස් එංගලන්තයේ ජිවත් වීමට ආවාට පසු Inflames, Placebo සහ 3 doos down වැනි උදවියගේ live in concert වලට සහභාගී උනත් Reading සහ Download ෆෙස්ටිවල් යන එංගලන්තේ සහ ලෝක ප්‍රසිද්ද දවස් පහ හය දිවෙන rock festival ගැන අහන්න ලැබීමත් සමග එහි යාමේ උනත් ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වන්නට උනත් එයට සහභාගී වෙන ලක්ෂ ගණන් සංගීත ලෝලියන් අතරේ මොන මොන කරුම වලට මුහුණ දෙන්න වේවිදෝ කියන භයත් මගේ කුඩා මොළයේ එහෙමෙහෙ උනා නොවුවා කියා නොකියාමත් බැරිය.
ඔන්න ඔය අතරේ Badi නමින් හංගේරියානු තරුණියක් මම වැඩ කල ස්ථානයේ රැකියාවට පැමිනෙනවාය. උපතින්ම පිස්සු වේ හොඳම පිස්සුව වූ ඒ තරුණිය සමහ මිතුරන් වීමට මට හා ඇයට ගතවූ යේ සති කිහිපයක් පමණි. මොකද මගේ සහ Badi ගේ රැකියාවේ ශිෆ්ට් එකත් රැකියාවත් දෙකම එකක් වූ නිසාය. නිතරම කතා බහ කල අපි, අපි අතරේ විනෝදාංශ සහ දේවල් කතා කරද්දී ඇය ඉතා ඉක්මනින්ම ටික්කා වනාහි මෙටල් ඉන්ජෙක්ෂන් එක තදින්ම ඇනගත්ත එකෙක් බව වටහාගෙන දිනක් මට දුරකතනයෙන් අමතා කිව්වෙ "ටී-ලෑන්.. මම උබට බඩුවක් ගෙනාවා" කියලාය.
පහුවදා මට එය තෑග්ගක් විදිහට ලැබුනේ ලොව ප්‍රසිද්ද හංගේරියාවේ rock and pop සැණකෙළියක් වල Sziget Festival එකේ souvenir gold coins දෙකකි. සහ මට ආරාදනා කලේ ලබන වසරේ ඒ festival එකට එන ලෙසත් ඇයගේ මුළු පවුලම ඒ කාලෙට ඒ festival එකේ සේවය කරන බවත් ඉඳුම් හිටුම් කෑම බීම සියල්ලම ඇය බලාගන්න බවත්ය.
ඉතින් කොහොම හරි මම ඇයගෙන් මේ ෆෙස්ටිවල් ගැන තොරතුරු සියල්ලම සැකයකින් තොරව තහවුරු කරගෙන ජිවිතේ ප්‍රථම වතාවට 2014 දී Reading Festival නම් rock ෆෙස්ටිවල් එකේ තුන්වෙනි දවසට සහභාගී වුනාය.
Reading Festival - Main Stage |
Papa Roach - Reading Festival 2014 |
එදා මට, Blink 182 සහ Papa Roach නම් සංගීත කණ්ඩායම් සියැසින් දැක ගැනීමට වාසනාව ලැබුනේය. ඔය ෆෙස්ටිවල් එකට යන්න තෑග්ගක් විදිහට Badi ගෙන් ඒ අවුරුද්දේම Sziget Festival ටී ෂර්ට් එකකුත් ලැබුණාය. ඔය පල්ලෙහ ඉන්නේ ඒ ටී ෂර්ට් එක ඇඳගෙනය.
මේ ඔක්කොම වෙලා මාස කීපයකට පසුව තවත් මගේ ඉංග්‍රීසි ජාතික සුදු තරුණියක වූ Amy හදිසියේ මට දුවගෙන එන්නේ හරියට පිටි පස්සෙන් සුනාමිය එනවා වගේය.
"ටිලාන්...ටිලාන්.. ටිලාන්.. මේක බලපන්. ඉක්මනට බලපන්. උබ අපිත් එක්ක මේ සැරේ එන්නම ඕන."
"මොකෝ Amy අවුල? මොකක්හරි ප්‍රශ්නයක්ද??"
"මොන ප්‍රශ්නයක්ද ටිලාන්.. ඔන්න ඕක බලපන්කො.."
![]() |
Download Festival Line-Up 2015 |
"what the fuck..??? Lamb of God..!! Marilyn Manson...!! slipknot...!!! කවද්ද?? කොහෙද? "
"එකනේ මම කිව්වෙ.. උබේ ආසම bands.. අද පඩි. මමයි මගේ boy friend Jonny අද රෑ ටිකට්ස් බුක් කරනව. මොකද කියන්නෙ. උබ එන්නම ඕන. Jonny කිව්ව උබට අනිවාර්යයෙන්ම එක්කරගෙන එන්න කියල. මොකද කියන්නෙ? හා නේද..?? ප්ලීස් ටිලාන්.. එන්න බැහැ කියල නම් කියන්න එපා.."
"දැන් එතකොට ඕක දවස් කීයක්ද? ගාන කියාද..?? කොහොමද යන්නෙ..?? "
(මම ඉතින් ප්‍රශ්න පත්තරයක්ම Amy ට දුන්න කියහන්කො.."
"දවස් 5යි.. coach එකටත් එක්ක £280.00 යි.. festival එක දවස් 5යි. ඒත් bands ප්ලේ කරන්නෙ ෆ්‍රයිඩේ, සැටර්ඩේ ඇන්ඩ් සන්ඩේ.. ඒත් කැම්පින් ටෙන්ට් ගහගන්න තැන් හොයාගන්න නිසා දවස් දෙකකට කලින් යන්නත් ඕන නිසා 5 නයිට්ස් අර්ලි බර්ඩ් ටිකට්ස් ගන්න ඕන.. ප්ලීස් උබ එනව නේද..??"
"අම්මෝ.. නයිට් 5ක්..?? කෑම්ප් ගහගෙන...??? අම්මෝ මට බයයි. රෑට ඔය ලක්ෂ ගානකින් එක පිස්සෙක් හරි ඇවිත් මාව මරල බඩු ටික අරං ගියොත්..??"
"උබට පිස්සුද? එහෙම ප්‍රශ්න නැහැ. උබ ඔච්චරම බයනම් අපේ ටෙන්ට් එක ගාවින්ම උබේ ටෙන්ට් එකත් ගහගනින්. තව වේල්ස් ඉඳල ස්කොට්ලන්ඩ් ඉඳල මගෙයි ජොනී ගෙයි යාළුවො එනව. උන් උබටත් ෆිට් වෙයි. එහෙනම් අපි උබටත් එක්ක ටිකට් බුක් කරනව. මම උබට මගේ එකවුන්ට් නම්බර් එක වට්ස්ඇප් කරන්නම්. එහෙනම් ඔක්කොම හරි නේද..??
"ඕකේ. මම එන්නම්"
"යු ආ ෆකින් ආසම් ටිලාන්. යේ.. වී ආ ගෝයින් ටු ෆකින් ඩවුන්ලෝඩ්.. හු.. හූ.."
ඒ Amy ය...
දැන් මම ෆුල් එක්සයිට් ය. ඩවුන්ලෝඩ් ෆෙස්ටිවල් එක ගැන ගූගල් එක පුරා හොයනවාය. විඩියෝස් බලනවාය. ගෙනියන්න උවමනා දේවල් එපා දේවල් අරව මෙව්ව ඔක්කොම හොයනවාය. එක අතකින් ෆකින් හැපි ය. අනිත් අතින් කියන්න බැරි මොකක්දෝ බයක් ඔලුවේ කැරකෙනවාය.
දවස් 5ක්..??
අම්මෝ..ලෝකෙ හැම රටකින්ම එන නොදන්නා මිනිස්සු ලක්ෂ ගණනාවක් එක්ක..??
රෙසිස්ට් මිනිහෙක් මගේ හම කළු නිසා මාව මරල දැම්මොත්..??
ISIS කාරයෙක් අල්ලාහ් හු අක්බර් කියල බෝම්බයක් බැඳගෙන ඇවිත් සුයිසයිඩ් උනොත්?
එක්කො යන්නෙ නැහැ..
නෑ.. අම්මටහුඩු..!! කොහොමහරි යනව..
දැන් කොහොම කොහොම හරි 2015 ජුනි 10ත් කිට්ටු වේගෙන එනවාය.ටෙන්ට් එකත් 100 ලීටර් බැක් පැක් එකත් වෙලිංටන් බුට් දෙකත් තව අඩුම කුඩුම ටිකකුත් ඇමේසන් එකෙන් ගෙදරටම ආවාය.
Strongbow Cider කේස් එකකුත්, Stella Artois කේස් එකකුත්, JD ලීටරේ බෝතලයක් ප්ලාස්ටික් ලීටරේ වතුර බෝතලයකට දාගත්තේ වීදුරු බෝතල් රැගෙනයාම තහනම් කිව්වා නිසාය. මදි පාඩුවට තව වොඩ්ක බෝතල් බාගයකුත් ප්ලාස්ටික් බෝතලයකට හලා ගත්තාය.(මේ ඔක්කොම දවස් 5කට හොඳේ..)
දැන් සියල්ලම සුදානම්ය. තඩි බැක් පැක් එකත්, ලොකු ලැගේජ් එකත් ටෙන්ට් එකත් රෙඩිය. Amy කියූ පරිදි Victoria Coach Station එකෙන් ෆෙස්ටිවල් බස් එක පිටත් වෙන්නෙ උදේ 9.00 ට පිටත් වෙන බැවින් අඩුම තරමෙන් අපි Barking Station එකෙන් උදේ 7.00 වත් පිටත් විය යුතුය.
නියමිත උදෑසන 5.30 ට පමණ Amy ගෙන් කෙටි පණිවිඩයක් ආවේ ඔවුන් ඇහැරී ඇති බවත් මටත් ඉක්මනින්ම ලැහැස්ති වී Barking Station එකට එන ලෙසත් ය.
මේ අතර සන්තෝසය වැඩි කමටම මට හිතුනේ Amy ට මළපන්නන්න ඕන කියලාය. මොකද Amy ඇවිත් පොඩි දෙයකටත් මල පනින තරහ පාලනය කරගත නොහැකි තරුණියක් බව මුළු රැකියා ආයතනයම දන්නා බැවිනි.
කාලය ඔහොම ගෙවීගෙන යද්දි මම ටැක්සි යකට දුරකථන ඇමතුමක් දී අසවල් වෙලාවට මගේ ස්ථානයට එන ලෙසත් දැනුම් දුන් පසු මෙන්න මේ ආකාරයට Amy දුරකථන ඇමතුමක් ගන්නවාය.
"හලෝ Amy.."
"ඔව් ටිලාන්.. කියන්න. මමයි ජොනී යි මේ පිටත් උනා විතරයි Station එකට."
"සොරි Amy.. I can't come.."
"What..??? You’re not coming..?? Are you serious..??
"Yeah Amy…!! Im not feeling well.. Im really sorry.."
"Tilaaaaan… are you fucking kidding me..?? This is not the time to hear your silly fucking jokes right.."
"No.. No.. Im not joking.. Seriously I’m sick.. you guys just go. I’m sorry about that. I’m extremely sorry."
"You fucking bitch. Why are you telling me this now. No.. you fucking scared. Thats the reason. Thats the truth. You fucking disgusting.. I fucking hate you Tilan. You bitch. Just fucking hang up the god damn phone. Aahhhh.. I fucking hate you.. aaarrrrr…. Eeerrrr… fuck off Tilan.."
දැන් මට අම්බානක හැපි ය. සප්‍රයිස් කියන්නෙ ෆ්‍රයිඩ් රයිස් වලටත් වඩා රස රයිස් වලටය.
මම Barking Station එකට ගියේ Amy & Jonny ගිය කෝච්චිය මග ඇරලාය. ඒත් මම තුමා Victoria Coach Station එකට ගියේ හරියට වෙලාවට නමුත් Amy & Jonny හොයාගන්න සෑහෙන අපහසු වෙනවාය. මොකද Victoria Coach Station එකේ download festival එකට යන මිනිසුන් සඳහාම වෙනම පර්යන්තයක් වෙන් කර ඇති නිසාත් ඒ පර්යන්තයේ අතුරු සිදුරු නැතිව Punk, Rock නා නා මාදිලියේ එක එක වර්ගයේ මිනිසුන් සිය ගණනක් තමන්ගේ coach එක එනතුරු බලන් සිටින නිසාය.
ඔයින් මෙයින් දැන් මට මූන රතු ඇපල් ගෙඩියක් වැනි වූ Amy ත්, නළලේ සිට දණහිස තෙක් පච්ච කොටා අතෝ Jonny ත් දර්ශනය වෙනවාය. ඉතින් මම මේ ආකාරයෙන් මෙන්න මේ ආකාරයට ඔවුන් ලඟට කිට්ටු වෙන්නේ..
"Hello.. Amy and Jonny..?? How are you..??" කියාගෙනය...
මාව එක වරම දකින Amy ස්වල්ප මොහොහක් හුස්ම ගැනීමෙන් වැළකෙන්නේ යක්ෂයෙක් දුටු මනුස්ස ප්‍රාණයක් වාගේය.
"“Aawww for fuck sake Tilaaaaan.. What is wrong with you, you fucking Doughnut…??? Are you coming or not”
“Hell yeah..!! Im coming. Its a fucking joke man. I just wanted to piss you off… ha hah… “
“What a fucking funny joke. Ok. Keep this coach ticket and stay with us you bastard..”
මේ ආතල් සියල්ලෙන්ම පසු එක එක coach පිළිවෙලට පැමිණ ෆෙස්ටිවල් එකට යන අය රැගෙන පිටත් වෙනවාය.
අපි කස්ටියත් ඒ වගේම coach එකෙන් ෆෙස්ටිවල් එකට සැපත් වෙනවාය.
coach එක නවත්වන්නේ ෆෙස්ටිවල් එකේ camping site එකට ඇතුළුවන main entrance වලට කිලෝ මීටර් කිහිපයක් දුරිනි. ලන්ඩන් වලින් වගේම එංගලන්තයේ හතර වටෙන්, යුරෝපෙන් වගේම සියලු රටවලින් මෙම ෆෙස්ටිවල් එකට එන අය ඇතුළුවිය යුත්තේ එකම තැනකින් බැවින් දහස් ගණන් සංගීත ලෝලීන් සින්දු කියමින් බියර් බොමින් තමන්ගේ වාරය එනතුරු කිසිම ප්‍රශ්නයක් නැතුව ඉවසිලිමත්ව බලා සිටිනවාය. පැය තුනක පමණ කාලයකින් පසුව අපි
camping site entrance වලට ලඟා වෙනවාය. එය දොරටු 4කින් 5කින් වූ අති විශාල පැමිණීමේ දොරටුවකි. තමන්ගේ වරයා පැමිණි පසු අදාළ පුද්ගලයා විසින් පහසුවෙන් ගැලවිය නොහැකි ෆෙස්ටිවල් ටැග් එකක් අතෙහි පළඳිනවාය. එහි contactless payment card චිප් එකක් වගේම අපේ ටිකට් එකේ වර්ගයත් අපේ නම ගම වයස සමග සියලු විස්තරත් ඇතුලත් වෙනවාය. ඒ සමගම එම දොරටුවෙන්ම contactless චිප් එකට සල්ලි top up කරන්ට වෙනවාය. මොකද ෆෙස්ටිවල් එක ඇතුලේ 100% ම මුදල් ගනුදෙනු මුදල් මගින් සිදු නොවෙන නිසාය. කෑම බීම සිට සියලුම ගනු දෙනු වලදී contactless Chip එක අදාළ යන්ත්‍රයට ටච් කිරීමෙන් මුදල් ගෙවිය යුතු වේ.
මේ සියල්ලෙන්ම පසු අපි camping area එකට ඇතුල් වෙන්නෙමු. එවිට වෙලාව හවස 3 පමණ උනත් අතුරු සිදුරු නැතිව පිරී ගොස්ය. අපිත් සුදුසු තැනක් බලා camp බැඳගෙන ඇතුල් වුයේ ටිකක් වෙහෙස නිවාගැනීමට උනත් මට ඇහැරෙනකොට රෑ 12ත් පසුවී තිබුණි.
මම එක සැරේ අවදි වන්නේ ඉතා දරුණු heavy metal සංගීතයත් සමග ය. tent එකෙන් ඇස් ගෙඩි දෙක මිරික මිරිකා නිදිමත විකාරයෙන් එලියට එන මට විනාඩි කිහිපයක් යනකන් මම මේ ඉන්නේ කොහෙද යන්න අමතක වෙනවාය. ඒ තරමට එම ස්ථානය සම්පුර්ණයෙන් වෙනස් ය. බැලු බැලූ අත ටෙන්ට් ය. ඔහේ බියර් බිබී ඇවිදින ලන්තෑරුම් පත්තු කරගෙන කතා කරන කොල්ලන් කෙල්ලන් ය. Amy සහ Jonny ගේ ටෙන්ට් එකේ ලයිට් එළියක් නැත. බොහෝ වෙලාවට ඔවුන් නිදිය. මල්ලෙන් බියර් කිහිපයක් අරන් එකක් බොන ගමන් මම රාත්‍රී සංචාරය අරඹනවාය.
Marilyn Manson අයියා බලන්න යන්න සුදානමින්... |
camping area එකෙන් එලියට එන මට එක අතකින් පෙනෙන්නේ එක දිගට ඇති කුඩා විශාල ප්‍රමාණයේ street food කඩවල්ය. අනිත් විශාල ප්‍රදේශයේ විවිද වර්ගරේ කතුරු ඔන්චිල්ලා, extreme sports වර්ගයේ ක්‍රීඩාය.
බුදු අම්මෝ.. මේකේ ගිහිල්ල ආවට පස්සෙනම් බඩුම තමයි..!
මේ අතර විගහට අතේ තිබුන බියර් කෑන් එක ඉවර කර ජැකට් එක තුල තිබු අනිත් බියර් ටික ලඟම තිබු පඳුරක හංගා ගෝ කාර්ට් පැදීමට පවුම් පහ ඇත රැඳී wrist band එකෙන් ගෙවා හෙල්මටය පැළඳ රථයක නැගගන්නවාත් සමගම වේගයෙන් මම ලඟට ආ තවත් රථයක් මාව හප්පන්නේ තෝ මරාගෙන මමත් මැරෙනවා යන අදහසිනි. මේක මට හෙන ආතල් ය. මම අරින්නේත් නැත. ලඟට එන එන එකාව මරාගෙන කනවාය. හැමෝම හිනා වෙනවා ඇර වෙන දෙයක් නැත.
මේකෙන් එලියට එන මම බියර් එකක් බිබී ලඟා වන්නේ අති විශාල ස්ථානයක් ආවරණය කරන ලද heavy metal සංගීතය පමණක් වාදනය කරන DJ room එකකටය. එකවර 1000ක් උනත් සිටියහැකි ප්‍රමාණයේ තැනකි. මම ඇතුළුවත්ම වාදනය කලේ nirvana සංගීත කණ්ඩායමේ smells like teen spirit ගීතයයි. මෙය මගේ ජාතික ගීය කිව්වොත් වඩා නිවැරදිය. kurt cobain ට මම කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් මගේ වම් අතේ nirvana නමින් tattoo එකකුත් කොටා ගෙන ඇත.
මෙය කිසිදු ආගමක් සඳහන් නොකරයි. අතිශයින්ම "kurt cobain" සඳහාම පමණි. පහත ඉලක්කන් වලින් හදුන්වන්නේ මගේ දෙමාපියන් සහෝදරිය ඇයගේ දරුවන්ගේ සහ මගේ හොඳම මිතුරන්ගේ උපන් දින යන්ය. |
එයින් විඩාපත් වන මම නැවතත් tent එකට ඇවිත් නිදාගන්නවාය.
දෙවෙනි දවසේ මට ඇහැ ඇරෙන්නේ හවස 2ත් පසුවී ය. එලියට එන මම Amy සහ Jonny හමුවූ විට ඔවුන් කිවේ කොපමණ වෙලා මට කතා කලත් අවදි නොවූ බවය. පසුව අපි චයිනිස් කඩයකින් ආහාර රැගෙන ඔවුන්ගේ මිතුරන් හමුවීමට ගිය අතර ඔවුන්ගේ මිතුරන්ගෙන් මට උණුසුම් පිළිගැනීමක් ලැබුනේ හරියට පරණ මිතුරෙක් හමුවූ වැනිය.
හෙට දිනයේ සංගීත කණ්ඩායම් 20ක් 25ක් පමණ එකිනෙකට වෙනස් stage තුනක වාදනය කරන බැවින් එහිදී හමුවෙන බලාපොරොත්තුවෙන් ඔවුනට සමුදුන් අපි නැවත එහෙ මෙහෙ රස්තියාදුවේ ගොස් ටෙන්ට් එකට පැමිණ බියර් බීමට පටන්ගන්නවාය. මේ අතරසුළු සුළු ඔලුවේ කැක්කුමකින් පෙළුණු මම Amy සහ Jonny ට කිවේ පැය බාගයකට පමණ නිදාගන්න යන බවත් විනාඩි 30 කින් මට අවදි කරවන්නත් කියලාය.
ආයේ මම අවදිවන්නේ තුන් වන දිනයේ උදෑසනය. අවදි වූ විගස නෝක්කාඩු ස්වරයෙන් Amy සහ Jonny ට වරද පටවන්නේ විනාඩි 30න් අවදි නොකිරීම නිසාවෙන් වුනත් ඔවුන් කිවේ ටෙන්ට් එක හෙල්ලුවත් මම නෙමෙයි අවදි වුයේ කියලා. ඒ අතරම ඔවුන් මට කිව්වේ ශ්‍රී ලංකාවේ විනාඩි 30 කට නිදියනව කියන්නේ පැය 8ක් නිදියනවා කියන එකටද කියලාය.
දැන් අපි අපේ පලවෙනි දවස ප්ලෑන් කරනවාය. schedule එකේ හැටියට මම ප්‍රථමයෙන් five finger death punch නැරඹීමට යන අතර ඔවුන් වෙන සංගීත කණ්ඩායමක් නැරඹීමට ගියාය. දවස නිමා කරමින් සංගීත කණ්ඩායම් කිහිපයක්ම නරඹා මම මිතුරන් සමග ටෙන්ට් වලට යන්නෙ හෙට දවසේ Marilyn Manson බැලීමට කතා කරගෙනය.
හතර වන දිනයේ අවදි වූ අපි උදෑසන ආහාරය රැගෙන schedule එක බැලීමේදී මගේ ඇස ගැටෙන්නේ Marilyn Manson ට කලියෙන් එම stage එකේම Apocalyptica නම් කණ්ඩායම play කරන බවයි. කාලය ඉතා අඩුවූ බැවින් ඉතා ඉක්මනින් JD ෂොට් එකක් පානය කල මම බියර් කිහිපයකුත් රැගෙන Apocalyptica බැල්මට ගියේ මගේ මිතුරන් ට Marilyn Manson බලන්න එලියෙදී හමුවෙන බලාපොරොත්තුවෙනි.
Apocalyptica - I don't care live at Download festival 2015
Apocalyptica - Download festival 2015 |
Apocalyptica අනතුරුව මම ආයෙත් එරිනා එකෙන් පිටතට පැමිණෙන මම මගේ මිතුරන් සහ ඔවුන්ගේ මිතුරන් සමග පෝලිමට එකතු වන්නේ Marilyn Manson බැලීමටය. එය entrance කිහිපයකින් සමන්විත වූ ඇතුල් වෙන ස්ථානයකි. ඒත් දහස් ගණන් Marilyn Manson රසිකයන් පිරිසක් ඇතුල් වෙන බැවින් සහ මත්ද්‍රව්‍ය පරික්ෂා කරන බැවින් ඉතා දැඩි කාලයක් පෝලිමට වී කාලය ගත කරන අපි බියර් බොන ගමන් Breaking Bad නමැති කතා මාලාව ගැන කතා බස් කිරීමට පටන් ගත්තාය. මේ අතර ජෙසී පින්ක්මන්, මිස්ට වයිට් ගැන බ්ලාහ් බ්ලාහ් කතා ගොඩකි.
පල්ලියේ බ්‍රදර් ඇන්ඩ් සිස්ටර් සමගින්.. |
මේ අතර සෙමෙන් සෙමෙන් පෝලිමේ ඉදිරියටම ආව අපේ දෙතුන් දෙනෙක් ගෙන් අනතුරුව මගේ වාරය එනවාය. එතන ඉන්නේ අඩි හයක් පමණ උස අර්නෝල්ඩ් ස්වාසනේගර් වැනි හයේ හතරේ කනේ කටේ මයික් වෝකි ටෝකි රැගත් ආරක්ෂණ නිලදාරින්ය. හතර වටේ ආක්ෂක බල්ලන්ය. උනුත් අරුන් වගේ හයේ හතරේ ඇවුන්ය.මට කලින් ගිය මිතුරා පරික්ෂා කරන විදිහ දැක්ක මට දැන් හෙන අවුල්ය. උන් මිනිස්සුන්ගේ සෙට් එකත් අතගා බලනවාය. හැම තැනම ගහලා තියෙන්නේ "drugs are not permitted in this arena" කියලාය.
දැන් මගේ වාරය එනවාය. දස මහ යෝදයෙක් වැනි සුදු ආරක්ෂක නිලදාරියෙක් මාව පරික්ෂා කරන්නට කලින් අහන්නේ…..
"Are you carrying any illegal drugs or illegal pills? Or any kind of UK banned class A or B drugs..??
“No.. Not at all..”
එතැන දී මගේ wrist band එක ස්කෑන් කර මගේ අනන්‍යතාවය බලා පරික්ෂාව සඳහා දෙවෙනි ආරක්ෂක තුමා ලඟට යවනවාය.
ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිහිපිට යකෙකි. දැන් ඉතින් බියර් ඇති පදම පානය කල බැවින් යකෙකුට උනත් ෆේස් ටු ෆේස් කතා කරන්නට පුළුවන්ය.
දැන් මු මට හැරෙන්න කියා බෙල්ල වටේ සිට ඔබ ඔබ අතගානවාය. ඕක අතගානවා නොකිය වැලි කඩදාසියකින් අතුල්ලනවා කිව්වොත් වඩා නිවැරදිය.
මේ අතර මගෙන් පළමු ප්රශ්නය අහනවාය...
"Tell me what you had before you come here..??"
දැන් මම හිතන්නේ Amy ට දුන්නා වැනි ආතල් එකක් මූටත් දෙන්නම් එහෙනම් කියලා ගත් කටටම මම කිව්වේ..
"Just few cans of beers and Meth.." කියලාය.
"What do you mean by Meth..?? Did you mean crystal methenamine,,??
“Yeah.. its crystal meth.. whatever…”
“Ok. We’re done here. You need to go this way and wait..”
දැන් මම ආත භූත වෙලාය...
මෙන්න මු මාව බාගෙට සර්ච් කරල වෙන කොහෙද යවන්න හදනවාය. ඔය අතර මු වෝකි ටෝකියකින් තව කොහෙටද මෙහෙම අමතනවාය..
"This is main entrance. we found a young guy in his early 30s, asian, suspicious of high on crystal methenamine, heading to Marilyn Manson’s concert. Over..!!
"this is xxxx from security office. copy that. One of a officer is on his way. Over..!!
මේ අතර මගේ මිතුරන් සර්ච් වේවි මම දිහා බලාගෙන ඇතුලට යනවාය...
දැන් මගේ ටිකිරි මොලයට කල ගොන් කමේ බරපතල කම තේරෙනවාය. දැන් මට බඩුම තමාය.
මේ අතර තවත් දස මහ යෝදයන් දෙදෙනෙක් මාව වෙන room එක්කර අරගෙන විත් ප්‍රශ්න පත්තරයක් දෙනවාය.
"when and where did you take crystal meth..??"
“What..?? It was a joke man. Common. Its was a bloody joke and I don’t take drugs. Im telling you it was a joke and I don’t know anything about crystal meth…”
මේ අතර එකෙක් කට ඇරල දිව අමුතු gadget එකකින් එලියට ඇදල ටෝච් එකක් ගහල මොනවද හොයනවාය.
ඒකත් ඉවර වෙලා තව එකෙක් දැන් මට කියන්නේ සියලුම ඇඳුම් ගලවන්න කියලාය. ඒ කියන්නේ strip search එකක් කොරන්ට යනවාය.
දැන් මට ඇඬේන්න යනවාය. මේ මගුල් අස්සෙ අරුන්ට Marilyn Manson බලන්න බැරි උනොත් මාව බාබකිව් එකක් කොරනවාය. ඒ මේ මගුල් අස්සෙ මුන් මගේ රෙදි ගලවල crystal meth හොයන්න හදනවාය.
වැඩේ කුජිත වේගෙන එනවාය. කොරන්ට දෙයක් නැත. සම්පුර්ණයෙන්ම ඇඳුම් ගැලෙව්වාය. ඒ මදිවට දෙකට නැමිල කහින්නත් කියනවාය. ඒකත් කොරාය. මුන් ඒකෙන් සැටිස් වෙන්නේත් නැත. අංග පත හැමතැනටම ටෝච් ගසා තවත් අතගානවාය. ගෑනියෙක් අතගානවානම් හනේ කමක් නැත. මේ නිකං නොම්මර 10 වැලිකඩදාසියකින් අතුල්ලනවා වගේය. ග්ලවුස් දාගෙන මගේ කලිසන් කමිස බුට් හෙල්මට් ඉරන්න තරමට හොයනවා හොයනවා හොයනවා ඉවරයක් නැත. පස්සෙ බලු තඩියෙක් ඇවිත් මගේ ඇඳුම් ටික ඉඹලා මට අමුතු ලුක් එකක් දුන්නේ "අඩෝ xරියා වෙන්න එපා හරිද?" කියනවා වගේය. බල්ලට මම හෙන බුදු බයාදු ලුක් එකකින් බෙල්ල නැමුවේ ඒ සිටුවේෂන් එකේ බල්ලා ට තිබුනේ නීති පති තුමාට තරම් සුපිරි බලතලය. එහෙව් එකේ මේ ඉල්ලං කාපු තරමේ හැටියට බල්ලට වඳින්න කිව්වනම් ඒකත් අම්මප කොරනවාය.
කොහොම නමුත් මම පුළුවන් තරම් උන්ට කිව්වේ අපි පෝලිමේ ඉන්න වෙලේ කතාකල බ්‍රේකින් බෑඩ් දේවල් නිසා මම බොරුවට එහෙම කිව්වා කියලාය. දැන් උන් දෙන්නා පැත්තකට ගිහිං මොනවදෝ කතා වෙනවාය... කුටු කුටු ගගා මට ඔරන්ඔටන් කෙනෙක් වගේ රවනවාය. මම ඉන්නේ හරියටම නයා මැරිච්ච අහිගුන්ටිකයා වගේය. ටිකකින් ඔන්න එකෙක් මගේ ලඟට එනවාය. මම ඉන්නේ තවමත් තුවායකින් වහගන්න ඕන දේවල් අත්දෙකෙන් වහගෙනය.
"ok. You’re free to go now. Take all of your belonging and go to that changing room. Dress up and use that way to leave this check point. By the way, your friends are still waiting at the end of this check point. Be safe all right.."
කලිසන් ගැලවීමත් මේ සියල්ලමත් දැන් සිදුවී හමාරය. දැන් විසඳගැනීමට ඇත්තේ යහළුවන් හමුවීමය. මේ crystal සිද්දියටත් පැයක් හමාරක් අනිවා ගතවන්නට ඇත. අර යක්ෂයන් කියූ පරිදි මගේ මිතුරන් සියලුම දෙනා මම එනකං එළියේ ඉන්නවාය. විලිලජ්ජාවේ බැරිය.
සිදුවුයේ මම කිසිවක් නොහිතු දෙයකි. එක වරම ඇහුනේ..
"Here comes the Jesse Pinkman the meth head… wooo wooo lets take a selfie you fucker…." කියලාය.
නිදහස්වීමේ සතුටට ගහපු සෙල්ෆිය. |
Marilyn Manson - Download Festival
Lamb of God - Download Festival 2015
මෙතැනදී Amy විසින් නැවතත් මට කියනා ලද කුණුහබ්බ ටික ලිවීමට අවශ්‍ය නැතැයි කියා මම සිතමි.
ඒත් මේ පොස්ට් එක ඉවර කරන්න කලින් ඔබ සැමට මට කියන්න තියෙන්නේ...
ඉල්ලං කෑම කලාවක් නම්, මේ ටික්කා තුමා එහි පිකාසෝ වෙමි... කියලාය..
ඔබ සැමට සුභ නත්තලක් වේවා..!!
මරු
ReplyDeleteමරේ මරු. 🙃
Deleteඋබනම් පිකාසෝ තමයි......සුබ නත්තලක් වේවා
ReplyDeleteනලා කාරයෙක් නොවී පිකාසෝ උනත් මොකෝ බං.. හා ද? දන්නව උබලටනම් සුපිරියටම නත්තල් කියල. ජය වේවා තඩියෝ 👊🏽
Deleteඅඩෝ ටික්කා.... පට්ට ඕයි.. ෆිල්ම් එකක් බැලුවා වගේ.. ගන්න ආතල් එක ආයෙ ලෙසටම ගන්න හම්බුන වෙලාවෙ ගන්න එක තමයි විදිහ.. ලඟ හිටියා වගේ.. මේ ජාතියෙ දැක්ක එකම එක.ලියපන් සුදා එක පොකුරට. අනික මේ පෝස්ට් එක තුනට හතරට නොකඩා දාපු එකටත් රෙස්පෙට් හොඳේ..
ReplyDeleteජයවේවා..!!
රොම්බ තෑන්ක්ස් ලබ්බා. මම මේ පොස්ට් එක දෙකට කඩල ලියන්නත් හදල, පස්සෙ දෙපාරක් විතර කියවල බලද්දි බාසාවත් අවුල් වගේ නිසා මකල දාන්නත් හැදුව. උබත් ඉතිං රොක් පිස්සනේ. ඉන්න ටිකේ බොහොම ආතල් එකේ සන්තෝසෙන් තමයි ඉන්න ඕන බං. නිකමට හරි හුටස්ගාල ගියා.. කාට කියන්නද බං. එහෙටත් නෑ මෙහෙටත් නෑ.
DeleteDeath metal කියන්නේ මලකඩ නේද බං. මොකක්ද කියල බලන්න ඕනෑ
ReplyDeleteඋබටත් තියෙන ප්‍රශ්න ශ්‍රංගයෝ.. 🤓 එතකොට අහල නැද්ද Love Metal..?? කාල වරෙන්කො.
Deleteමම ඉස්කෝලේ යන කාලෙ ඉඳන් Deep Purple , AC DC , Black Sabbath , Megadeath , Judas Priest etc ආස වෙලා හිටියේ. හෙවි මෙට්ල් වාදනය කරලා මම හොස්ටල් එකේ සුපවයිසර් කාරයාගෙන් වෝනිං පවා ලාලා තියනවා. මම 2016 බ්ලැක් සැබත් (ඔසී) කොන්සර්ට් එකක් ලයිව් බැළුවා. හෙවි මෙට්ල් ලංකාවට නියම වශයෙන් ආවේ නෑ . ඒකට හේතුව ලංකාව වැඩි වශයෙන් ග්‍රහණය කලේ ඩිස්කෝ
ReplyDeleteෂා.. ඩොක්ටත් මෙටල් ෆෑන් කෙනෙක් ඈ එහෙනම්? අම්මෝ Black Sabbath 😍. මම ගොඩක්ම ආස ඔය සිංදුවල ලිරික්ස් වලට. කොහොම බෙරිහන් දුන්නත් Back Street Boys ල වගේ නෙමෙයි සමාජය, දුෂණය, පොලිටිකල් කරප්ෂන්, තාරුණ්‍යය, ජීවිතය වගේ ගොඩක් දේ ඒ ඇතුලෙ තියෙනව. ඒ වගේම ගොඩක් හෙවි මෙටල් රසිකයන් කියන්නෙත් සමාජයේ අනිත් මිනිස්සුන්ට වඩා කාරුණිකයි කියල මට තේරිල තියෙනව. එන ඕනම ලබ්බක් ඉහ මුදුනෙන් පිළිගන්න රටක හෙවි මෙටල් විතරක් ලංකාවට හරියට එන්ටර් වුනේ නැති එකනම් හෙන අවුලක්. ලබන අවුරුද්දෙ download එකට ගන්ස් ඇන්ඩ් රෝසස් එනව. බලමු මොකද වෙන්නෙ කියල. 👊🏽
Deleteසප්‍රයිස් කියන්නෙ ෆ්‍රයිඩ් රයිස් වලටත් වඩා රස රයිස් වලටය....
ReplyDeletesuperb bro............!
😂😂😂😂 හේ හේ.. මචං. උබත් නිකං ඉන්න වෙලාවක සප්‍රයිස් ටිකක් කාල බලහං. කන්න කන්න ආස හිතෙනව්. 😂
Deleteමේ දවස්වලත් එකක් කකා ඉන්නේ බන් ......මං පස්සේ කියන්නම්කො සීන් එක......දැන් මේ දිරවගන්න බැරුව ඉන්නේ..............
Deleteඑළ කිරි මචෝ..
Deleteහෙක්.. බෙලා පට්ට ආතල් එකක්නෙ අරන් තියෙන්නෙ. ඒ වගේ ෆන් එකක් නැත්තං ඔය වගේ තැනකට ගිහිල්ලත් වැඩක් නෑ මට හිතෙන්නෙ.
ReplyDeleteහේ හේ.. ඔව් බං. හිතාගනින්කො එදා නිකමට හරි මම නිසා උන්ට ඒ ෂෝ එක මිස් උනානං..?? එහෙනං එදා රෑට මම උන්ගෙ බාබකිව් එකක් වෙනව. 😂
Deleteඋඹ නියපොතු පාට කරනවද
ReplyDeleteඔව් බං. ඔය වගේ අතිසුවිශේෂ ගමන් බිමන් යනකොට. කළු පාට විතරයි. ඕවට කියන්නෙ Gothic Fashion කියල.
Deletebraking bad බැලුවම ඔහොම ෙවනව
ReplyDeleteඔව් බං. දැන් මාසයකට විතර කලින් ජයග්‍රාහී 4 වෙනි සැරේටත් බ්‍රේකින් බෑඩ් සීරිස් එකම බැලුව. කොහොමද ඒක..?? 🤓
Deleteකොච්චර බැලුවත් එපා ෙනාවන.
Deletenarcos breaking bad weed
ඕකත් බැලුව බං. Pablo Escobar ට නම් මම පට්ටම මනාපයි. ලැප්ටොප් ස්ක්‍රීන් එකේ ඉන්නෙත් මිස්ටර් Pablo Escobar මහතා හිටං...
DeleteFirst thing...This post is fxxxxx awesome man..
ReplyDeleteඉරිසියා හිතෙනවා බන් උඹ අරං තියෙන මැක්සා ආතල් එක කියෙව්වාම. මම පුද්ගලිකව හෙවි මෙටල් වලට ආස නැති උනාට පාර්ට් ටයිම් සංගීත කාරයෙක් විදිහට හෙවී මෙටල් වලට සංගීතය සපයන්න වෙනවනේ බන්. ඒත් පුද්ගලිකව හෙවී මෙටල් වලට වඩා R&B පැත්තට තමයි හදවත ගැහෙන්නේ. උඹ මේක ලියල තියෙන විදිහට අපිවත් ඕකට අරං ගියා හා සමානයි. මේක කියවන්න කලින් හෙඩ් ෆෝන් එක ගහගෙන හොඳ හෙවී මෙටල් එකක් දාගත්තනම් ඉතුරු අඩුපාඩුවත් සම්පූර්ණයි. නිදාගන්න කියල ගිහින් මේක කියෙව්වේ.. කියහන්කෝ නිදිමත කොහේ ගියාද නැතිවුනා බන්.
උඹ ඇත්තටම ඉල්ලන් කෑමේ කලාවේ පිකාසෝ කෙනෙක් තමා බැලුවාම. අපේ සෙට් එක ඔතන හිටියනම් ඉස්සෙල්ලම කරන්නේ උඹට වටකරගෙන ගහන එක උඹ කරපු වැඩේට දඬුවමක් විදිහට. බ්‍රේකින් බෑඩ් ගැන කියද්දීනම් උඹ මට වඩා එකක් පස්සෙන් ඉන්නේ පුතා.. මම ජයග්‍රාහී පස්වෙනි වතාවටත් බැලුව කියහන්කෝ. ප්‍රිසන් බ්රේක් හතවෙනි වතාවටත් බැලුව. වෝකින් ඩේඩ් දෙවතාවයි ඒත් අලුත් සීසන් එක බලාගන්න විදිහක් නැතුව මේ දවස්වල හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ. මගේ TV ලයින් එකට AMC නෑ. ගත්තත් ඕක යන්නේ ඉරිදා නිසා මම ඒ වෙලාවට පාර්ට් ටයිම් එකට ගිහින් මග එන වෙලාව. ඒ නිසා ලයිව් බැලෙන්නේ නැහැ. AMC ඔන්ලයින් අරං බලන්න හිතුවත් දැන් හිතාන ඉන්නේ මේ සීසන් එක ඉවර උනාම එක පාරටම බලනවා කියලයි. සතියෙන් සතිය බලන්න ඉවසුමක් නෑ. ප්‍රිසන් බ්රේක් නම් ලාස්ට් සීසන් එකෙන් අපේ ආතල් ඔක්කොම කුඩු කරලා දැම්ම මුළු කතාව ගැනම තිබ්බ. ඊළඟ සමර් එකේ නම් නිව් මෙක්සිකෝ යන්න හිතන් ඉන්නවා වෝල්ටර් වයිට්ගේ ගෙදර තියන මියුසියම් එක බලල එන්න. බ්‍රේකින් බෑඩ් බලල එකට පිස්සු වැටිච්ච අපිට ආයේ ඒ තරම් එක්සයිට්මන්ට් එකක් ගන්න ටීවී සීරීස් එකක් නම් බිහිවෙන එකක් නැහැ බන්. මේ දවස්වල නෙට්ෆ්ලික්ස් එක පීරනවා හොඳ එකක් හොයාගන්න. ම්හ්.. ඒත් අහුවෙන එව්වා එපිසෝඩ් එකෙන් දෙකෙන්ම අල්ලා දානව බලලා වැඩක් නැති නිසා. බෙටර් කෝල් සෝල් එකත් ටිකක් විතර අල්ලලා යනවා බ්‍රේකින් බෑඩ් නිසාම. මොනවහරි දන්නා කියන සැර ටීවී සීරීස් තියෙනවනම් මටත් කියහන් බන්. හැබැයි මේ ලෝකේ පවතිනතුරු හීනෙන්වත් සිද්දවෙන්නේ නැති සුපර් නැචුරල් පවර් තියන සුපර් මෑන්ලා එවුන් ඉන්න එව්වනම් එපා.
බුදු අම්මෝ ගොඩයෝ..!! මේක කියවල ආතල් එකක් ගත්තනං එච්චරයි මට. අම්බානක සන්තෝසයි. 2015න් පස්සෙ නම් එච්චර ලොකු ආතල් එකක් ගත්තෙ නැති උනත් එකෙකුටනම් දුන්න ආතල් එකක් අම්ම මුත්තා නැති වෙන්නම. ඒක ගැන ලියන්නයි හිතාගෙන ඉන්නෙ ඊළඟට. හැබැයි කවදද කියල තමයි ෂුවර් නැත්තෙ හිටං :D පුදුම කම්මැලිකමක් බං තියෙන්නෙ.
Deleteඅඩේ හෙවි මෙටල් රොක් ෆෑන් කෙනෙක් නොවුනත් ඒ music වලට හරි සම්බන්ද වෙන්න තියෙනව කියන්නෙත් උබට ලැබිච්ච ලොකු චාන්ස් එකක් බං සිරාවටම. මමත් hip-hop R & B වගේම හැම සංගීතයකටම මනාපයි. හිටි ගමං ජෝති ගෙ ඉඳල මුඩ් එකේ හැටියට back street boys එහෙමත් අහනව. ඒත් හෙවි මෙටල් එකක් ඇහුවෙ නැති උනොත් ඔලුවේ කැක්කුම අඩුවෙන්නෙ නැහැ වගේ.
උබට වගේ මටත් ඔය සුපර් මෑන් සෙට් එකේ කිසිම මෑන්ස් කෙනෙක් සෙට් වෙන්නෙම නැහැ. ලඟදි නම් Game of Thrones බලන්න පටන් ගත්ත.ඒකත් එච්චරම අල්ලන්නෙ නැහැ. Lost කියල සීරිස් එකක් තියෙනව. ඒකත් නරකම නැහැ. මේ දවස්වල Orange Is the New Black කියන සීරිස් එකේ තුන්වෙනි එක බලනව. ඒක Comedy, Crime, Drama සීන් එකක්. ඒකනම් උබට රෙකමන්ඩ් කරන්න පුළුවන්. තව Narcos (පබ්ලෝ එස්කොබාර්) නම් සුපිරිම සුපිරි. තව ගිණි අවි සහ ගිණි කෙලි ටෙලි ය බලනව.
මගෙත් යාලුවෙක් නිව් මෙක්සිකෝ ගියා ඔය වෝල්ටර් වයිට් ගෙ ගෙදර බලන්න. හිතගනින්කෝ ඌ කොච්චරම පිස්සෙක්ද කියල..???
Game of the thrones මටත් සෙට් උනේ නැහැ බන්. Orange is new black කීප වතාවක්ම පලවෙනි එපිය බලන්න අරං නැවැත්තුව.Crime එක්ක කොමඩි සෙට් වෙන්නේ නැහැ බන්. Wanted කියන Ausi සීරීස් එක හොඳයි.La casa de papel කියන spanish එකත් පට්ට. හැබැයි නෙට්ෆ්ලික්ස් එකේ සීසන් 1 ඉවර වෙන්ව උන්හිටිගමන් එපිසෝඩ් 13 න්. මම මේ වටේම හොයනවා ඉතුරු ටික බලන්න තාම හම්බුනේ නෑ ඉතුරුවා තියෙනවද නැද්ද කියල හොයාගන්න. Blood Line කියන එකත් හොඳයි ලොකු ක්‍රයිම් සීරීස් එකක් නොවුනට බලන් ඉන්න පුළුවනි. ඔය කොපි කඩේ වගේ එක එක දවසට එක එක plots තියෙන එව්වනම් මෙලෝ රහකට නැහැ බන්. Better call saul බැලුවේ නැත්තම් ඒකත් බලහන්. අනිවා ඊළඟ සමර් එකට නිව් මෙක්සිකෝ යනවා වෝල්ටර් වයිට්ගේ ගෙදර බලල එන්න. breaking Bad වලට ගහන්න ආයෙත් ටීවී සීරිස් එකක් බිහිවෙන එකක් නැහැ බන්.
DeleteBetter call saul බැලුව මචෝ. ඒකත් නැගල ගියා. උබ කිව්වා අනිත් ඒවත් හෙටම download කරන්නම්. මම tv බලන්නේ නැහැ බං. torrent වලින් තමයි ගැටගහගන්නෙ. හදිසියෙ මම ඉන්න ෆ්ලැට් එකට ආව බොසා මට tv එකක් නැහැ කියල හිතං ගිය මාසෙ මට අලුත්ම සෝනි ස්මාර්ට් tv එකක් තෑගි කළා. ඒක එහෙන්පිටින්ම ලංකාවට ඇරිය. TV තිබ්බට ලයිසන් ගන්න ඕන. ඒ මදිවට නෙට්ෆ්ලික්ස් ඕන. තව තව බයිල ගොඩක්. කාලයක් තඩි ටීවී එකක් අරං ලැපට ගහගෙන ෆිල්ම් බල බල ඉන්නකොට ටීවී ලයිසන් චෙක් කරන එකා ගෙදරට ඇවිල්ල ටීවී එකට ලයිසන් නැහැ කියල මට ලොකු දඩයක් ගහන්න හැදුව. මම කිව්ව මම ටීවී බලන්නෙ නැහැ. මේ බලහං මට ඒරියල් එකක්වත් කිසි නෙට්වර්ක් එකක්වත් නැහැ. ඒත් දඩ ගහන්න එපා. උබට ඕනනම් ටීවී එක අරගෙන පලයන් කියල. පස්සෙ ටීවී එකත් උබම තියාගනින් කියල යන්න ගියා. :D පස්සෙ ඒකත් ලංකාවට ඇරිය. අනික ගෙදර ඉන්නවත් බොහොම අඩුයි. හිටියත් කනමදය වගේ නිදි. අනික ටිකක කියල මට කියන්නෙත් නිකමට නෙමෙයිනේ. කොයි වෙලෙත් එක තැනක නැහැ. 😎
DeleteBlack List උඹලට සෙට් වෙයි කියල හිතෙනවා. එක දිගටම ඇද්ද.හැබැයි ඒක තාම යනවා.ලොස්ට් අන්තිම හරියෙ අපි ලොස්ට් වෙනවනෙ බං
Deleteතෑන්ක්ස් ලබ්බෝ බ්ලැක් ලිස්ට් රෙකමන්ඩ් කොරාට. IMDB රේටින්ස් හැටියට නම් මැක්සා. ඔන්න දැන් download වෙනව. හම්මෝ LOST ගැනනම් කතා කොරන්ට එපා. ඔය සීරිස් එක පණදාගෙන බලල අන්තිමට ඔළුව බාබකිව් එකක් උනා. ඔය සීරිස් එකේ ඩිරෙක්ටර් ලොස්ට් එකේ අවසානය ගැන කියල තිබ්බේ මෙහෙම දෙයක්. “It was about people who were lost and searching for meaning and purpose in their lives” නරකමත් නැහැ බං.
Deleteහුග දවසකින් අවෙ ...උබනම් පිස්සුවෙ උපත
ReplyDeleteඑල ද බ්‍රා මෙන්ඩා
කොහෙද බං මෙච්චරකල් ගිහිල්ල හිටියේ?
Deleteඅඩේඅප්පා.. ඉල්ලං පිකාසෝ මචෝ.. ෆන් ගන්නවානම් අන්නේහෙමයි ගන්න ඕනි.. එල්ලුන් ගහේ ගැටේ ඉඳන් උනත් එච්චරයි.. උඹට වෙලාවට උඹ වගේම පිකාසෝ ලා ටිකක් සෙට් වෙලා.. හැක්.
ReplyDeleteපුතේ හැබැයි මමනං ඔය උඹ කියල තියෙන එකම බෑන්ඩ් එකකවත් ෆෑන් කෙනෙක් නෙවෙයි.. කොටිම්ම වෙස්ටර්න් මියුසික් වලින් මම අහන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු සිංදු ටිකක්.. ඒවත් ගොඩක්ම අසු ගණන්වල ඒවා.. ඉතීම් උඹට කියන්න මම මේ ෆෙස්ටිවල් එක ගැන කියෙව්වේ..හෙහ්..-කියන්නත් ලැජ්ජයි හිටං..- ඉස්කෝලේ ඕ ලෙවල් කාලවල වගේ මහියංගණේ පෙරහැර බලන්න ගිහිං අපි දවස් තුන හතරක් පන්සල් වත්තේ පිට්ටනියේ කුඩාරමක්වත් නැතුව ලගා ගහගෙන ගත්ත ආතල් එකක් එක්ක සමපාත කොරල හිටං.. කාලය දීපය දේශය බ්‍රෑන්ඩ් එක අනම් මනං වෙනස් උනාට ආතල් එකනම් එමමයි.. හෙහ්..හෙහ්.. Marilyn Manson වගේ ඒකෙ උපරිම එකට තිබ්බේ වැදී නැටුන්.. හෙක් හෙක් හෙක්..
උඹේ ලංකාව ගැන කලකිරීම් අඩුවෙච්චි දවසක නිවාඩුවකට වරෙන්.. උඹ නම් සෙට් වෙන්නම ඕනි එකෙක්.. ජය වේවා!
adiyak gahanna one
Deleteඅනෙ අම්මප බං කල්‍යාණ තුමෝ! මමනං ආශ්‍රය කරනවනම් ආශ්‍රය කරන්නෙ හිනා වෙලා කාල බීල සන්තෝසෙන් ඉන්න මිනිස්සු විතරයි. මොකද උන්ට වගේම අපිටත් ප්‍රශ්න තිබ්බ කියල ප්‍රශ්නවලම ජිවත් වෙන්නෙ නැහැනෙ. බොරුද මං කියන්නෙ මචං? ඕක ලංකාවෙද, පිටරටද, අපායෙද, සුරපුරයෙද කියන එකනං මට අදාලම නැහැ. කොහෙ හිටියත් කාටවත් අතනොපා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන එක තමයි මගේ එකම ආතල් එක ඔන්න උබට ඇත්තම කියනවනම්.
Deleteපිස්සුද මචං උබ වගේම ලංකාවේ සෙට් එක එක්ක ඔහොම ආතල් චාටර් කාගෙන ලගා ගහගෙන සුපිරියටම අරගෙනත් තියෙනව. මොකද බං අපි සෙරෙප්පු දාගෙන ඉපදුන ඇවුන් නෙමෙයි නේ.. නැද්ද?
අනිවා ලංකාවට නිවාඩුවකට ආවහම සෙට් වෙන්න ඉන්න ඇවුන්ගේ ලිස්ට් එකේ උබත් ඉන්නව කියන එකනම් අමතක කරන්න එපා බං.
මරු නේ බන්
ReplyDeleteඅම්මටසිරි කොච්චි තුමාත් බැහැල ඉන්නෙ. රොම්බ තෑන්ක්ස් මෙහෙ ආවට හොඳේ..
Deleteමෙච්චර දවස් කොහෙද හිටියේ .මමනම් හිතුවේ බ්ලොග් එක අමතක වෙලා කියලා.
ReplyDeleteඅම්මටහුඩු! බලහන්කො මෙයාගෙ ලව් ටෝක් එක? බ්ලොග් එක කියන්නෙ මගේ හොබී එකවත් රැකියාව වත් නෙමෙයි නෙ මෙයා.. ඔයාට බබා හම්බුනාද?
Deleteමිනිස්සුන්ට ඔහොම වචන වලින් දමලා ගහන්න එපා. ඒක බොහොම නරක දෙයක්.
Deleteහිත රිදුනනම් සොරි. අම්මත් ඕකම තමයි කියන්නෙ. ඒත් කවදාවත් හැදෙන්නෙ නැහැ. 🙉
Deleteමරු මේක
ReplyDeleteතෑන්ක්ස් අරූ මචං මේ පැත්තෙ ආවට සහ කමෙන්ට් එකට. මම අද තමයි උබේ බ්ලොග් එක දැක්කෙ. ඒක නම් මැක්සා. මේ වීක්එන්ඩ් එකේ ඒක කියවන්නම්. 👊🏽
Deleteපට්ට බං . වචන නෑ
ReplyDeleteස්තුතියි කලණ. මම ඔබේ බ්ලොග් එකත් කියවන්න පටන්ගත්ත. 👊🏽
Deleteතුති වේවා ටික්කා .
Deleteඔන්න මමත් ටික්කාගේ කතා වල Follower කෙනෙක් උනා එහෙනම් ! :D
👊🏽 🙉 😳 👍🏽
Deleteඅදයි මේ පැත්තට අාවේ
ReplyDeleteලියවිල්ල නම් අපූරුයි
කියන්න වචන නෑ ජය!
බොහොම ස්තුතියි ක්ෂේම භුමි ඔබේ කමෙන්ටුවට සහ දිරිගැන්වීමට. මට ලිවීමේ හැකියාව බොහොම අඩුයි. ඒත් අපුරුයි කිව්වට සන්තෝසයි. ඊළඟ පොස්ට් එකත් බලන්න. ජය වේවා..!! 👊🏽
Delete++++++++++++
ReplyDeleteමාතලන් බොස්. මම හෙන හදිස්සි වැඩකට සෙට් උනා. මම ඔහේට ඒ සීන් එක ඊ මේල් කරන්නං. 👊🏽
Deleteලිවීම කලාවක් නම් අයියා ඒකෙත් පිකාසෝ වේ ගෙන වගේ එන්නේ! �� තව ලියනකම් බලන් ඉන්නවා ��
ReplyDeleteතෑන්ක් යූ නංගියේ මේ පැත්තට ආවට. ඔන්න තව එකක් ලිව්ව. :D
Deleteටික්කො උඹට අර සික්කො දෙන්න දීපු සප්‍රයිස් ෆ්‍රයිඩ් රයිස් රහද ? මං හිතනවා ඔය පැත්තෙ නත්තල් ඉවර වෙලා ඇති කියල, ඒ නිසා හොඳ එකා වගේ ආයෙත් ලියාපන් :-D
ReplyDeleteUAE වලට Guns and Roses දෙපාරක් ඇවිල්ලත් බලන්න යන්න මිස් උනා බං :(
අම්මට හුඩු ඔහේ ටීවී වලට ලයිසන් ගන්නත් ඕනද ?
අප්පටසිරි සිරි බන් කන්ඩෝ. දැන් දැක්කෙ කමෙන්ට් එක. හම්මෝ නත්තල් නං ඉවරයි බං. Guns and Roses වල Axl Rose දැන් චාටර්. ඔව් බන් මෙහේ ට්ව වලට ලයිසන් එකක් ඕන. දැන් ටික කාලෙකකට කලින් මම TV එකක් ගත්ත mac එකට ගහල ෆිල්ම් බලන්න. මෙන්න චෙකර් කෙනෙක් ආව දඩයක් ගහන්න. මම කිව්ව මට දඩ එපා. TV එක උබ අරන් පලයන් කියල. එදා ඉඳල කිසි එකෙක් ආවේ නැහැ.
Deleteඔන්න තව බොගක් දැම්ම.
මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeleteඔකේ මචන්. ස්තුතියි මේ පැත්තේ ඇවිල්ල ගියාට සහ උබේ බ්ලොග් එක ගැන කිව්වට. අනිවා පුළු පුළුවන් විදිහට කියවන්නම් මචන්. ජය වේවා...
Deleteටික්කා කියන්නේ ඇදහිය යුතු පොරක් නේ .මගේ තරුණ කාලය මතක් වුනා. මචන් නියම රෑපර් ලුක් එක
ReplyDeleteටික්කො කොරෝනා අස්සේ උබ ඉන්න තැනක හොඳින් නේද... කාලෙකින් උඹ ලියනවා කොමෙන්ට් කරනවා දැක්කේ නෑ..
ReplyDeleteWhat the happening Bro 😉
ReplyDeleteමක්කවත් ලියපං බං. ඔය නොලිය හිටිය කාලෙ ඇති.
Stay safe Bro!
ජයවේවා