Tuesday 7 March 2017

මගේ මෝටර් සයිකලේ, තවත් කථා සහ බිමත්ව පැදවීම අංක 01


If you've never owned a motorbike, you'll never understand



පොඩි කාලයේ සිටම මට දරුණු රථ ගායක් නොති උනත් කවදාහරි රෝද දෙකකින් හෝ හතරකින් ගමන් බිමන් යෑමට තද බල ආසාවක් මට තිබුණි.

පොඩි කාලේ චොපර් බයිසිකල් සහ bmx බයිසිකල් knight rider ලෙස පැදීමෙන් වූ තැරි ගස්සගත්තවූ අතපය සමග සමහරක්විට බයිසිකලයේ "බල්ලා" අසුනොවිමේ මහා පුණ්‍ය කර්මයේ බලමහිමයෙන් තලාගත්තා වූ වෘෂණ කෝෂ වලට අමතරවත් උසස්පෙළ දෙවෙනි වසර වෙනතෙක් බයිසිකල් පැදීමේ අමතක නොවන අත්දැකීම් වලට මුහුණ දුන් මට වගේම ඒවයට ප්‍රතිකර්ම කල ඒ සියලු නන්දන වින්දන දුටු ගෙදර උන්දැලටත් මග මරුවෙක් දරුවෙක් වගේ හදාගන්නා එකේ ආනිසන්සකම ගෙදර උන්දැලා දන්නා නිසාත් මෝටර් රථයක් තියා මෝටර් බයිසිකලයක් ඉල්ලීමත් කවදාවත් ඉෂ්ට නොවෙන request  එකක් උනාය.

ඒත් කිහිපවිටක්ම උත්සාහ කලත් වැඩේ හරිගියේ නැත. හරි යන පාටක් පේන්නෙත් නැත. ඒ හැම වෙලාවකම කියුවේ තෝ අඬුපඩු කඩාගන්න කලින් ඉස්සෙල්ල ලර්නර්ස් එකට ගොස් ලයිසම ගනින් කියලාය.

ඒත් මම තුමාට ඕන වුනේ මුලින් වාහනයක්ය.

ඔන්න ඔහේ ජිවිතේ ගෙවිලා යනවාය. උසස්පෙලත් ඉවරය. නුවරත් කොම්පියුටර්, ඇලියොන්ස් ෆ්රෝන්සේස් එකේ ප්‍රංශ භාෂාවත් හදාරා මගේ ආදරණිය මස්සිනා සහ අක්කාගේ රික්වෙස්ට් එකත් මගේ දෙමව්පියන් දෙපළ විසින් ඔවුන්ගේ රික්වෙස්ට් එක ඇප්රුව්  කල පසු වැඩිදුර කොම්පියුටර් අද්‍යපනය සඳහා කොළඹ එනවාය.

අද්‍යාපනය අතරම මගේ මස්සිනා තුමා ඩිරෙක්ටර වූ එවකට පසුප්‍රසිද්ද web developing කොම්පැනියක trainee web designer කෙනෙක් විදිහට වැඩ ආරම්බ කරනවාය.

ඔය අතරම මම පළමු full time රස්සාව විදිහට "ගොළු බෙල්" කොම්පැනියේ රස්සාවකුත් කරනවාය.

ඒත් ඉතින් රථගාය සුවවෙන පාටක් පෙනෙන්නම නැත.

මේ අතරම මගේ මස්සිනා තුමා ඇමෙරිකාවේ ගිහින් ලංකාවට සැපත්වූ වහාම suzuki bandit 1200cc වර්ගයේ ටොයිය මහා මෝටර් බයිසිකලයක් ගන්නවාය.

එතුමයි තුමියයි අපේ ගෙදර පැමිණි පසු යහළුවන් අහන්නේ අඩෝ ටික්කා.. අර %රි බයිසිකලෙන් උබලගේ ගෙදර ආව කෙල්ලයි කොල්ලයි කවුදැයි කියලාය. ඉතින් මම කට පුරා කියන්නේ ඒ මගේ මස්සිනා තුමාගේ රථය සහ එහි පැමිණියේ අක්කා සහ මස්සිනා කියලාය. එතකොට මස්සිනා තුමා මගේ ජාතික වීරයා වෙලා ඉවරය. (දැනටමත් එතුමා මගේ ජාතික වීරයොන්ගෙන් කෙනෙකි)

ඒ බයිසිකල පදිනවා තියා මට කෙලින් කරගන්නවත් පණක් නැත. එහේ ගිය වෙලාවට බයිසිකලය වටේ කැරකෙනවා ඇරෙන්ට මට වෙන වැඩකුත් නැත. 

ඔන්න ඔය අතරේ සතිඅන්තයට ගෙදර එන මට එහෙන් මෙහෙන් යම්කිසි දෙයක් ඇහෙනවාය. ඒත් මට එකක් ඉරහඳ වගේ ෂුවර්ය. ඔය වැඩේ හරියන්නේ නැතය. ඔය අතර අක්කා තුමියත් objection දානවාය.ඒත් මට එකක් ඉරහඳ වගේ ෂුවර්ය. මම තුමා ජීවත්ව ඉන්නා තාක් ඔය වැඩේ හරියන්නේ නැතය.

මාස කිහිපයකට පසුව සතියේ දිනක මව්තුමිය මට කෝල් කරනවාය. "පුතේ පොඩි බඩුවක් ගෙනාවා. මේ weekend එකේ ගෙදර එනවැයි" කියා අසනවාය. ඇහුවට එතුමිය ඒ පොඩි බඩුව මොකක්දැයි කියා කියන්නේත් නැත. 
ඉතින් මම ගෙදර යනවාය.

සාමාන්‍යයෙන් මම friday night කොළඹින් පිට උනත් dc දරේ සහ අනිත් යහළුවන් සමග හික්කඩුවේ හෝ උණවටුනේ ගිහින් ගෙදරට සැපත් වෙන්නේ සෙනසුරාදා උදේ පාන්දරය.

බිබිලි නගන බෙලීකටු, තෙරපෙන දඟර සුලන් කියනවාය. නයි කයිද රෝස් පාන් ය.

උදේ පාන්දරම මව්තුමිය දොර අරිනවාත් සමගම සාලයේ තියෙන්නේ රතට රතේ දිලිසෙන අලුත්ම අලුත් Loncin motorcycle 110cc මෝටර් සයිකලයකි.

(අංකය SP HD 0456 ය)

අම්මේ, මේ... මටද?

උබට..? ඔව් උබට ඔච්චරයි අඩු. ඕක ගෙනාවේ තාත්තට.

ආහ්.. එහෙමද..

ඔව් එහෙම තමයි. ගෙදර එනවා කියල රෑ තිස්සේ රවුම් ගහල ගහල එනව මෙතන තව මටද කියල අහන්න. තෝ ඊයේ කොළඹින් ආවේ කීයටද? උබ හිතුවද උබේ කෙරුම් මම දන්නෙ නැහැ කියල. දැන් උබ මේක ගෙනාව කියල රට වටේ ඉගිලෙන්න ලැහැස්ති වෙන්ට එපා. උබට ඔන්න නොකිව්ව කියන්න එපා. උබ මොකක්හරි කරගත්තොත් අක්කගෙනුයි තාත්තගෙනුයි මට විසුමක් වෙන එකක් නැහැ.  යන ඕන මගුලක පරිස්සමින් පලයන්.

දැන් ඔක්කොම හරිය. කට කනේය. මම දන්නා පරිදි තාත්තට මෝටර් බයිසිකල් ගැන කිසිම උනන්දුවක් නැත. අනික පියතුමා ගෙදර එන්නේ මාසයකට සැරයක්ය. ඒක නිසා unofficially මේ මෝටර් බයිසිකලය මගේය.

ඉන්පසු අතපසු කල නොහැකිවූ සති අන්තයක් මිසක හැම සති අන්තයේම මම ගාල්ලේය. ගාල්ලේ සිට හික්කඩුවටත්, ගාල්ලේ සිට උණවටුන දක්වාත් සම්පුර්ණ වශයෙන්ම මුළු ගාල්ලමත් ඇත්තම කියනවානම් කක්කුස්සියට නැතුව ඔය බයිසිකලෙන් නොගිය තැනක් නැතුවාය. ලයිසන් තිබුණෙත් නැත. ගන්න උවමනාවකුත් තිබුනේ නැතිය. ඒත් මගේ වැඩි ගමනක් තිබුනේ dc නමැති ලයිසන් තිබූ හොඳම යහළුවා සමග නිසා ඔහුටත් ඔහුගේ සහෝදරයාටත් ගාල්ලේ පොලිසියෙන් තිබුන පිළිගැනීම නිසාත් කිසිම උපද්‍රවයකින් තොරව දිවා රාත්‍රී සංචාරය කරනවාය.

ඔය රථයෙන් මම ගියේ හරියට hornet එකක යනවා වගේය. helmat එකත් ඒකටම හරියන ලෙස මම ගත්ත බේස් බෝල් හෙල්මට් එකකට සමාන එකකි. ඒත් ඇත්තම කියනවානම් මාර්ග නීති රීති ත් යම්කිසි ප්‍රතිශතයකට කඩ නොකරන්නත් වග බලා ගත්තාය.

ඔන්න ඔය අතර මම මෝටර් බයිසිකල දවසක් ටවුමට යෑම සඳහා එලියට ගන්නවාය. මේ වෙලාවේ මගේ මව්තුමියත් රෙදි මැසීමට උවමනා කරන කළමනා රැගෙන ඒමට ටවුමට යෑමට සුදානම් වෙනවාය.

අම්මේ... අම්මේ.. ඔහේ ටවුන් යන්නෙයි හදන්නේ..?

ඔව් ඔව්.. ඇයි මොකෝ?

නැහැ අම්මේ. මමත් මේ දරේ ලගේ shop එකට යන්නයි හදන්නෙ. මම ඔයාවත් ගිහින් බස්සන්නම් ටැල්බට් ටවුන් එකෙන්.

නෑ නෑ.. ඕන නෑ. මම බස් එකේම යන්නම්.

පිස්සුද අම්මෙ ගෙදර වාහනයක් තියාගෙන බස් එකේ යන්න..?? මම ගිහින් බස්සන්නම්.

මට මෝටර් සයිකල් වල ගිහිල්ල පුරුදු නැහැ පුතේ. ඔහේ ගිහිල්ල එන්න. මම බස් එකේම යන්නම්.

අම්ම මේ මොන මගුලක් දොඩවනවද මන්ද. මගේ ළඟ හෙල්මට් එකකුත් තියෙනව. හා යන්කො.. මම ගිහින් බස්සන්නන් හොඳේ.

අනේ මන්ද එක වෙලාවකටත් උබෙන් තියෙන වදේ.. හා හා. යන. ඔන්න එතන එතන නවත්ත නවත්ත ඉන්න බැහැ  උබේ සේනාව ඉන්න ඉන්න තැන් වල. මට ගෙදර ඇවිල්ලත් කරන්න වැඩ තියෙනව උබට රෝන්දෙ මදාවියේ යන්න වෙලාව තිබ්බට. උබ මෙතන හෝටලේ ඉන්නව වගේ සෙනසුරාදාට ඇවිල්ල ඉරිද යනව. මම තමයි උබලගෙ ඔක්කොම කරන්න ඕනෙ වැඩකාරී වගේ.. (අම්මගෙන් නෝක්කාඩු සුවල්පයක් ඔන්න) 

හරි හැරී යමුකෝ.

ඔන්න මගේ මව්තුමිය ජිවිතේ පළමු වතාවට මෝටර් සයිකලයකට ගොඩ වෙනවාය.

දැන් මම එතුමියට හෙල්මට් එක ඔලුවට දමා කොක්ක දමා මෝටර් සයිකලයේ කකුල් දෙක තියෙන තැන පෙන්නල එතුමිය ආරක්ෂිතව සිටිනවාදැයි කියා health & safety ඔක්කොම බලා රථය start කරනවාය.

එය හරියටම කියනවානම් සංගමිත්තා විද්‍යාලයේ ප්‍රදාන ගේට්ටුවට පොඩ්ඩක් ගාල්ල පැත්තට වෙන්න අපේ ගෙදර ඉස්සරහින්ය.

බයිසිකලය ස්ටාර්ට් කරනවාත් සමගම ඉස්සරහ ඈතින් කලේගාන කරාපිටිය බස් එකක් එනවාය. මම මීටර් කිහිපයක් බයිසිකලෙන් ඉදිරියට ඇදෙනවාය.

දැන් මගේ මව්තුමිය බයටම මාව බදාගෙනය. මෙය එතුමියගේ කුළුඳුල් මෝටර් සයිකල් ගමනය. දැන් ඒ බස් එක ඈතින් එනව වගේම කිට්ටු වෙනවාත් සමගම එක සැරේ වේගයෙන් පැජෙරෝ හෝ දේශපාලකයන් ගමන් ගන්නා හා සමාන ඒවගේ රථයක් ඒ බස් එකත් ඕවර ටේක් කරගෙන ඉස්සරහටම එන්නේ මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් එනවා වගේය. දැන් මට මළේ හොඳම එකය.

මම ගේම නම් ගේමය. ඒ මගේ හැටිය. මම පාරේ හරි මැද බයිසිකලය නවත්වනවාය. බස් එකත් වම් පැත්තෙන් හරියටම දාවනය කරමින් ඉස්සරහට එනවාය. ඔය අතරම මම අයින් කරයි කියන 100% විශ්වාසයෙන් එන ලොකු ජීප් එක තවමත් මගේ ඉස්සරහට එනවාය. මම ඒක මාව යටකරගෙන පලයන් කියමින් සංගමිත්ත විද්‍යාලයේ දෙවෙනි ගේට්ටුවට ටිකක් මෙහායින් පාර මැදම නවත්තගෙනම ඉන්නවාය.

ඒ අතර අම්මා අහනවාය "මොකෝ පුතේ මේ නවත්තගෙන ඉන්නෙ..?? ඉක්මනට යන්.. පරක්කු වෙනව අනේ.."

මට ඔව්වට උත්තර දෙන්න වෙලාවක් නැත. අඩුම තරමේ පිටිපස්සෙ වාඩි වෙලා ඉන්නේ මගේ මව්තුමිය කියලාත් මේ suicide mission එකේදී මට අමතක වෙලාය. 

මම තවමත් පාර මැදය. බසය මාව පසුකරනවාත් සමගම ඉස්සරහින් ආව රථය පාර මැදින් චුට්ටක් අයින් කර නවත්වනවාය. එහි ඉදිරිපස සන් ග්ලාස් පැළඳි මැදි වයසේ ජෝඩුවකි.

මගේ මළ, කුරුල්ලන් ලෙස ඉගිලී මගේ ඔලුව වටේ කැරකෙනවාය.

ඉදිරිපස රථයේ වම්පස වීදුරුව පහලට කරකෙනවාත් සමගම ශුද්දවූ අක්ෂර විශේෂණ පද සමග,

උබේ අම්මට &%£න ඔහොමද ^කයෝ පාරෙ යන්නෙ? @2ගෙ පුතා. තෝ කවුරු කියලද *කො මෙහෙම යන්නෙ? උබේ අප්පගෙද පාර ඈ..?? තව කියවන්නත් එන්නෙ. බැහැල වරෙන් ඔතන ඇතුලට වෙලා &ක දෙන්නෙ නැතුව..?? ගොන් $කය. &රිය ගහනවා හෙල්මට් එකෙන් ඔළුව කුඩුවෙන්න. මිනිහෙක් උනහම හරියට පාරේ පලයන්. ඇත්තටම ඔය වෙලාවේ මගේ හෙල්මට් එක තිබ්බෙත් ඔලුවෙන් ගැලවිලා මගේ අතේය.

කොහොම හරි ඒ මනුස්සයා තමන්ගේ බිරිඳ හෝ girl friend (මම හිතන්නේ) ඉස්සරහ උන ලජ්ජාවටම වාහනය පදවාගෙන යන්න ගියාය.

දැන් මට දැනෙනවාය යම්කිසි පුද්ගලයෙක් මගේ ඔලුවට හෙල්මට් එකකින් තඩිබානවා. 

සැන්ට මෑණියනේ. මට එතකොට මතක් වෙන්නේ මගේ මව්තුමිය පිටි පස්සේ හිටියා කියලාය. හෙල්මට් එකට අමතරව එතුමියගේ මල්ලෙනුත් මට ගහනවාය.

දෙයි හාමුදුරුවනේ, ඇයි මේ දේවල් මට අහන්න දකින්න ලැබුනෙ දෙයි හාමුදුරුවනේ.. මම තව අඩියක් ඉස්සරහට උබත් එක්ක යන්නේ නැහැ. උබ අම්මවත් මාරාගන්න හැදුව එකෙක්. උබ මගේ දරුවෙක් නෙමෙයි. තෝ මෙහෙමද යකෝ පාරේ යන්නෙ යකෝ. උබ මෙහෙමද ගෙදරින් එලියට ගියහම මිනිස්සුන්ට කතා කරන්නේ. උබ මනුස්සයෙක් නෙමෙයි යක්ෂයෙක්. අනේ මෙහෙම ලැජ්ජාවක්. මම ජීවිතේට හිතුවේ නැහැ මගේ ළමයෙක් මෙහෙම මිනිස්සුන්ට කතා කරයි කියල. තෝ දැන් මගේ දෑහැට නොපෙනි පලයන්. වරෙන්කො ගෙදර. මම තොට හොඳ පාඩමක් උගන්වන්ට. අද තෝ ගෙදර වරෙන්. මම තෝව හම ගහනව පරය. පලයන් පලයන්. මගේ දෑහැට නොපෙනි පලයන් කියා මාව එලෙව්වාය.

කොහොම හරි මම පැය කිහිපයකට පසු ගෙදර එනකොට මේ සිද්දිය තාත්තා අක්ක තුමිය ටද දන්වලා අවසානය.

මගේ මව්තුමිය දෙන එක දරුණුම ගණයේ punishment එකක් වන්නෙ බ්‍රහ්ම දණ්ඩනයයි. මගේ මව්තුමිය නොහොත් ගෙදර බුදුන් (ගෙදර බුදුන් යනු මම අදටත් යට දුරකතනයෙන් අමතන විට බාවිතාකරන නමයි) මට දෙන දරුණුම දඬුවම එයයි. මම අකමැතිම දෙයමත් එයයි. සමහරක් දවස්වල සති ගණන් මාස ගණන් මම එක්ක කතා නොකර ඉන්නවාය. පසුව මම එයටත් පුරුදු උනාය.

ඔය මව්තුමිය පියතුමාට කිව්වත් current week එකේ එතුමා මට දඬුවම් නොකලොත් ආයේ  ඒ ගැන කිසිවක් පියතුමා කරන්නේ නැත.

එයට අමතර ඇය මගේ weekend කෑම සලාකයත් මාසයකට දෙකකට කැන්සල් කරනවාය. එයත් මට අවුලක් නැත. අවුරුදු ගානක් ගෙදරින් පිට ජිවත් වූ මට එයත් අවුලක් නැත. ඒත් මට අදටත් කල නොහැකි එකම දෙය ගෙදර බුදුන්ට කතා නොකර සිටීමය. සතියට තුන්සැරයක් අනිවාර්යයෙන්ම කතා කරනවාය.

ඒ සමගම මම මගේ ඉගෙනගත් එම බ්‍රහ්ම දණ්ඩනය අදටත් මේ රටෙත් මම පාවිච්චි කරනවාය. එය 100% පොසිටිව් විදිහට මට වැඩ කරනවාය. දෙමව්පියන්ටම වැරැද්ද පටවන්නේ නැතිව එයින් දෙයක් ඉගෙනගැනීම දරුවන් වශයෙන් මගේ යුතුකම විදිහට මම අදටත් විශ්වාස කරන දෙයක්.

සමහරක්විට මම තාත්තට කෝල් කරනවාය. එතුමා වැඩිම උනොත් මම එක්ක කතා කරන්නේ විනාඩියකට අඩු කාලයකි. එයිනුත් කියන්නේ "සල්ලි ඕනිනම් කියන්න. මම එවන්නම්. වැඩිය වැඩ කරන්න ඕන නැහැ. කොහේ හරි holiday යන්න. කවද්ද යන්නෙ, " කියල.

තාත්තට කෝල් කලට පස්සේ අනිවාර්යයෙන්ම අම්මට කතා කරනවාය. එතකොට අම්ම මට ෆෝන් එකෙන් බුද්ධ පුජාව තියනවාය.

සමහරක්වෙලවට අම්මට මුලින් කතා කලොත් ආයෙත් මම තාත්තටත් කතා කරනවාය. 

හිලේරියස්ම දෙයම තමයි මෙහෙ ඇවිල්ලත් දැන් අවුරුදු දෙකකට විතර කලින් වෙනකනුත් මම අම්ම එක්ක රණ්ඩු කලාය. ඒවගේම සුපුරුදු පරිදි එතුමියත් මට බ්‍රහ්ම දණ්ඩනය දුන්නාය. 

ඒත් ප්‍රශ්නය එතුමියව ශේප් කරගැනීමට අදික පිරිවැයක් දැරීමට මට සිදුවීමයි. ළඟ ඉන්නව වගේ නෙවෙයි තමන්ගේ දරුවන් දෙදෙනා වෙනම වෙන රටවල් දෙකක ජිවත් වෙන එක. තාත්තට කෝල් කරලා අම්මව ශේප් කරගන්නව වගේම අක්ක තුමියත් මට lawyer  කෙනෙක් විදිහට අවශ්‍යම වෙනවාය අම්මව ශේප් කරගන්ට. සමහරක්විට මගේ මස්සිනා තුමාත් මට පාවිච්චි කරන්ට වෙනවාය. මේ ඔක්කොම මට කරන්න වෙන්නේ ෆෝන් එකෙන් වෙන නිසාය. අනික දෙමව්පියන්ට වගේම සහෝදරියටත් කෙසේවෙතත් කාටවත් කරදරයක් නොවී ජිවත් වීමට උත්සාහ කිරීම මගේ ජිවිතේ තවත් අංගයක් වීම නිසාය.

ඒක නිසා දෙමව්පියන් සමග වලි දාගැනීම මම සදහටම අත්හැර දමා ඇත.

ප.ලි.

මේ දවස්වල බ්‍රහ්ම දණ්ඩනය ගැන පොඩි කතා බහක් යනවාය. ok. එහි හොඳ නරක දෙකම ඇත. ළමයින් මල් වගේ හදන්න ඕනිම නැත. 

ප. ප. ලි.

මෙහි දෙවෙනි කොටසින් පලවෙන්නේ මෝටර් බයිසිකල නිසා මම පොලිස් අත්අඩංගුවට පත්වී .........

මතු සම්බන්දයි හොඳේ..!!  

53 comments:

  1. ටික්කට ටිකක් මල පන්නලා වටිනා කුනුහරුප වැලක් අහගනීමට බලාපොරොත්තු වෙමි හිටන්!

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ අහන ඒවා මදදි හිටං

      Delete
    2. හෆොයි...

      මේ එයා මයිල් යාය ලමිස්සියො කුනුහරුප දන්නවද හිටන්? අපි හයේ පන්තියෙදි ඉගෙනගත්තු දේවල් උන් තාම අහලවත් නැහැ...

      ඒකට ටික්කා... ඌ යමක් කමක් දන්න එකෙක්!

      Delete
    3. ට්‍රින් ට්‍රින්.. ළමායි.. ඉන්ටවල් ඉවරයි...

      හා හා... මේ දවස්වල නම් කුණුහරුප කුණුහබ්බ බ්ලොග් වල බොහොම අඩුය. හැබැයි සම්මාන උළෙල ගැන මම කතා කරන්න කැමති නැත. බ්ලොග් අයිතිකරු කිව්වා විදිහට මම කුණුහරුපෙන් බැනල එලෙව්වා කියන ඉවාන් පෞලුෂා ගෙන් මම ප්‍රසිද්දියේ සමාවත් ගත්තාය.

      (මේ බ්ලොග් එකේ පට්ට සෙන්සිටිව් ගැහැණු ළමයි වගේ සමනලයෝ වගේ හැදුනු අය එහෙනම් කුනුහරුපයක් කෙසේ වෙතත් තමන්ගේ අඩු පාඩුවක් කියූවිට මේක දාල යනවානම් ඔහුටත් හර්න් තුමාගේ පිහිටය. ඒත් එතුමා කල යුතුව තිබුනේ මට කෙලින් කතා කිරීම මිසක් මේකේ අයිතිකාරයන් කියල හිතන් ඉන්න ඔස්තාර්ලා ලවා මට පණිවිඩ එවීම නොවය. පුරුෂ ශක්තිය කියන්නේ එයටය. මම කතා කරන්නේ කොන්ද ගැන නොවේය)

      හනේ සරසා තුමෝ.. ඕකට මට මලපන්නන්න ඕනෑ නැතිය. මේ ලියන්නෙත් කුනුහබ්බය.

      ප. ලි. සාරස තුමෝ. මගේ ලොකු ආසාවක් තියෙනවා අටම මාතලන් මෙන්ඩ කල්‍යාණ සහ නම් නොකිව්වත් තව කිහිප දෙනෙක් සහ ඔබ ඇතුළුව දවසක අඩියක් ගහන්ට. හැබැයි බ්ලොග් අයිතිකාරයෝ පැමිණීමෙන් වැලකෙත්වා.

      හර්න් ප්‍රොටෙක්ට් අස්..!!

      Delete
    4. ඒ අඩිය උබට ජිවිතේ අමතක නොවන අඩියක් වේවි ....
      මගේ කතා සෙට් එක අහලා උබ මගෙන් අහනවම්යි ඇයි මෙන්ඩෝ උබ බ්ලොග් ලියන්නේ නැත්තේ කියලා ...මම කවදාවත් බ්ලොග් ලියන්නේ නැත මොකද මේ හැම බ්ලොග් එකක්ම මගේ

      Delete
    5. අනිවා මෙන්ඩෝ.. ඔය කියන විදිහටනම් අඩිය වගේම ටෝක් ටිකත් රහමෙර වගේම සෙට් වෙයි.. එළම තමයි..

      👍🏽👍🏽👍🏽👊🏽👊🏽👊🏽🥃

      Delete
  2. සුබපැතුම් ටිකකට හොදට ලියන්න පුළුවන්.

    මටත් මෝටර් සයිකල් පිස්සුව තරමක් තියනවා දැනටත් කාර් එකට වඩා මම කැමතිම වාහනේ මොටර් බයිසිකලයයි, පාරේ නීති ගැන මම හරිම සැලකිලිමත්.

    ReplyDelete
    Replies

    1. තැන්ක්යූ ලංකා තුමෝ. අනේ බුදු අයියේ. මෝටර් බයිසිකලේ හොඳයි තමයි. ඔන්න ඔය යන ගමන් රෝද හතරෙන් පලයන් මහත්තයෝ. ආරක්ෂාව ට බොහොම හොඳයි.

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි ඩියෝන් මචෝ. ඇවිල්ල ගියාටත් ස්තුතියි හොඳේ..!!

      Delete
  4. කුණුහරුප කියනා එවුන්ට කොච්චියා බොහෝ මනාපය. උන්ගේ බොක්ක ක්ලීන් ය.
    ටික්කා මරු ආතල් කොල්ලෙක් බව නම් ෂුවර් ය.

    ReplyDelete
    Replies

    1. උබ ගැනත් මගේ බොහොම පොසිටිව් දේවල් තියෙනව. උබ ලියන දේවල් ගැන කියල වැඩක් නැහැ. මම අදටත් ජීවත් වෙන්නේ අවුරුදු 25යි කියල හිතන්. උබල අපි තවමත් naughty by nature නේ...!!

      Delete
  5. ගස්ලබු මව් තුමීත් බයිකුවට නැග්ගෙම නෑනෙ ඒ කාලෙ.එකෝම එක දවසක්ද කොහෙදෝ බලෙන් දාගෙන ගියා.. එච්චර තමා..
    හෙහ් හෙහ්..
    දුර ඈත ඉද්දි වැඩිය ආදරේ පෙන්නන්න බෑ බං අඬනවානෙ.ඊට මීට වඩා නෝටි පුතා වෙලා ඉන්න එක එයැයිලට සැනසීමක් ද මන්දා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආ... මචෝ. පෝස්ට් එකේ හෙඩිම ටයිටොල් එකටත් දාහං.මතක බැරි වෙලාද වෙරි වැඩි වෙලාද මන්දා මුට

      Delete
    2. බොහොම ස්තුතියි ලබ්ස් බ්‍රෝ. මම ගොඩක් දේවල් ඊයෙ රෑ වැඩ කරනගමන්ම වෙනස් කළා. මම අදටත් මව්තුමියට අති දරුණු ගණයේ විහිලු කරනව. මොකෝ බන් වයසට ගියත් අම්මගෙන් බැනුමක් ඇහුනෙ නැහැ කියන්නෙ නිකන් කෑවේ නැහැ වගේ හිටන්. උබ හරි. ඒත් දුරින් ඉඳන් දෙමව්පියන්ට ආදරය කරන එක රැක බලාගන්න එක ළඟ හිටියට වැඩිය එයාලට දැනෙනවා.

      Delete
  6. /////නවත්ත නවත්ත ඉන්න බහ උබේ සේනාව ඉන්න ඉන්න තැන් වල////////

    අපේ අම්මටත් ඔය ප්‍රශ්නේ තිබුනා අපේ එක මල්ලි කෙනෙක් එක්ක ගමන් යනකොට. පොරට හෙනට යාලුවෝ. අම්මා කියන්නේ මෙයත් එක්ක යනවට වඩා හොඳයි පයින් යන එක කියලා.
    ඇත්තමයි ටික්කෝ...මල පැන්න වෙලාවට කවුද ලඟ ඉන්නේ කියලා පේන්නේ නැහැ තමයි. ඔය වගේ සීන් එකක් වෙලා,අපේ අම්මා මට කිව්වා වඳින්නම් පුතේ,දැන් ඕක අතඇරලා යං යන්න කියලා. මට පිස්සු හැදුනා ඒක ඇහුවාම. අපේ අම්මා හරි බයයි අපි රන්ඩුවලට පැටලෙනවට. ඕන අම්මා කෙනෙක් එහෙමයි ටික්කෝ. උඹ දැන් ඉන්න සිස්ටම් එක කූල් කියලා මට හිතෙනවා. මාත් එහෙමයි බං. මම කේන්ති ගැනීම ජීවිතෙන් අයින් කරලා තියෙන්නේ. ගෙදර විතරයි කොකු දාගන්නේ.

    ReplyDelete
    Replies
    1. අරුණ අයියේ.

      කොල්ලෙක්ගේ අවුරුදු 20 ඉඳල 22 වගේ වයස කියන්නෙ ඔලුව නැති කුකුලෙක් වගේ. මම අදටත් ඒ දවස්වල කල කී දේවල් ගැන ගැස්සෙනව. හැබැයි පසුතැවෙන්නේ නැහැ. මම අද වෙනකන් මම හිතල කිසිම මිනිහෙක් එක්ක ගහගෙනවත් රණ්ඩු වලට පැටලිලාවත් නැහැ. තරහ යන එක වෙනම කතාවක්. බැනල තියනවා හොඳම එකෙන්. එත් ගහගෙන නැහැ. ඒත් ඒ දවස්වල ආශ්‍රය කල සහ හිටපු යහළුවන් නිසාත් මිනිහෙක් අත උස්සන්න කලින් දෙපාරක් හිතනව. කවුරුවත් ඉල්ලන් කන්න කැමති නැහැනේ. ඒක මට ලොකු චාන්ස් එකක් උනා :D

      කවුරු මොනවා කිව්වත් අරුණ අයියේ, ඔහෙල අපි හිතනවානම් මේ මොහොතේත් අපි යම්කිසි විදිහකට ජිවත් වෙනවා කියල, ඒකෙ credit එක යන්න ඕනි දෙමව්පියන්ට. ගියපු ඉස්කොලේවත් උගන්නපු ගුරුවරයවත් නෙමෙයි.

      එක මොහොතක මට මේ ලෝකෙ ඔක්කොම (මම හිතාගෙන හිටිය) නැති උනා. ඒ මොහොතේ මට හිටියෙ අම්ම තාත්ත අක්ක විතරයි. මම අදටත් මගේ සහෝදරියට මම කියන්නෙ "ඔහේ පවුලේ angel පාර්ට් එක කරන්න. මම මගේ soldier පාර්ට් එක කරන්නම්" කියල.

      මම කොච්චරම neutral කියනවනම් අරුණ තුමෝ, දැන් මට කවුරුහරි ගැහුවොත් ok. no problem කියල ගෙදර යනව. හැබැයි යම්කිසි දවසක ඒ මිනිහ weak වෙනව. මම කියන්නෙ වයසට ගියහම නෙමෙයි.

      මොකද අනිත් මිනිස්සු ගහන්නෙත් අනිත් මිනිහගෙ weak point බලල.

      Delete
    2. /////කවුරු මොනවා කිව්වත් අරුණ අයියේ, ඔහෙල අපි හිතනවානම් මේ මොහොතේත් අපි යම්කිසි විදිහකට ජිවත් වෙනවා කියල, ඒකෙ credit එක යන්න ඕනි දෙමව්පියන්ට. ගියපු ඉස්කොලේවත් උගන්නපු ගුරුවරයවත් නෙමෙයි./////////

      ටික්කා මම එකඟයි. එතන තමයි සියලු ශක්තිය තියෙන්නේ. මම ඒක විශ්වාස කරනවා.

      Delete
    3. ඉස්කෝලේ ඇරිලා දවසක් අම්මත් එක්ක අනුරදපුරේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න කොට දම්මි සුසී "එයි මෙන්ඩෝ මොකද උබට අද සිගරට් එකක් බොන්න සල්ලි එපාද කියලා ඇහව්වා ...
      ආ...උබ වෙස ගැනුන්ගෙන් ඉල්ලගෙන සිගරටුත් බොනනවද කියලා අහපු වෙලාවේ මට පොලව පලාගෙන යටට යන්න පුලුවන්නම් යනවා ...

      Delete
    4. හපොයි හපොයි මෙන්ඩෝ.. 🙈🙈🙉🙉😳.. ඒ සීන් එකනම් අතිදරුණුම ගණයේ ඉල්ලගෙන කෑමක්.
      උබට කියන්න ගාල්ලෙ ඉස්කෝලෙන් අස් කරගෙන යන්න අම්ම ආව දවසේ අම්ම එක්ක කතා කල සර්ලා මිස්ල 99% කිව්වෙ පුතාට යාලුවෝ නම් වැඩියි. ඒත් ඉතින් බොහොම හොඳ ළමයෙක්. පාරෙ තොටේ දැක්කත් අනිත් ළමයි වගේ හැන්ගේන්නෙ නැහැ. ළඟටම ඇවිත් කොහේ හිටියත් කතාබස් කරනව. ඉගෙනීමටත් හොඳයි කියල.
      ඒත් කොහෙද යන සර් කෙනෙක් අම්ම ළඟටම ඇවිත් කිව්වෙ, "මෙයාගෙ තියෙන එකම වරද තමයි ඉස්කෝලේ පිට්ටනියේ සල් ගහ යටට ගිහිං සිගරට් බොන එක" කියල. උබට හිතාගන්න පුළුවන්නේ එදා මම අම්මගෙන් කාපු කෑම කොහොමද කියල.

      ඔය කියන සර් ඉස්කෝලේ ක්‍රීඩා බාරව හිටිය එකෙක්. මගෙන් සල්ලි ඉල්ලගෙනත් අපි සර් එක්කමත් සිගරට් බීල තියෙනව. මම ඒ කල වරදත් පිළිගන්නව. ඒත් ගුරුවරයෙක් වශයෙන් සර්ට තිබුන අපි ඒ කරන වරදට දඬුවම් කරන්න. අපිත් එක්ක ඒ වරදට සම්බන්ද වෙන්නේ නැතුව.

      උබ දන්නවද ඒ සර් ක්‍රීඩාභාර ගුරුවරය වශයෙන් හිටි කාලෙ ළමයි එක්ක අරක්කුත් බිව්ව ක්‍රීඩාගාරයේ ඉඳන්. හොඳ ක්‍රීඩාවට දක්ෂ ළමයි අන්තිමට නතර උනේ අරක්කුවලින් පටන් අරං කුඩු කාරයන් ගංජා කාරයන් විදිහට ඇබ්බැහි වෙලා. අන්තිමට උං ගෙවල් කඩල මංකොල්ල කාල හිරෙත් ගියා. ඕක ඔය කරගත්ත පව් වල හැටියට තවම ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයි.

      මම මේ කිව්වෙ මම ගිය මහා ලොකු ජනප්‍රිය පාසලක විස්තරයක්.

      හැබැයි ඉතිං බිග් මැච් දවසටයි ඉස්කෝල දිනයටයි කාර් එකේ වීදුරුවෙයි නම් තියෙන්නේ.. "PROUD TO BE A ....." කියල ගහපු රෙද්දක්. අනේ හුකේ.. 🤣🤣

      Delete
  7. දවසේ පැනය ටික්කා විසින් ප්‍රකාශ කිරිමට යෙදුනු කුණුහරුප හැර තවත් කුණුහරුප තිබේද ..?
    යකෝ කියනවයි කියල ඔහොමත් කියනවද අම්මත් පිටිපස්සෙ ඉද්දි :D

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~)

      හපොයි ඔව් මචෝ. ඉවරයි කිව්වට ඉවර නැහැ. තව තියනවා.. :D

      ලයින් එකේ රැඳී සිටින්න. මතු සම්බන්දයි හිටන්..!!

      Delete
  8. මගේ යාලුවෙක් තාත්තව පිටිපස්සේ දාගෙන මෝටර් සයිකලේ යද්දී ඉස්සරහට ආපු ගෑල්ලමයෙක් පහු වෙලා.. මූ පිටිපස්ස බලනේ නැතුව තාත්තට කීවලු පට්ට කෑල්ල නේ මචං කියල.. පස්සේ තමා මතක් වෙලා තියෙන්නේ පිටිපස්සේ ඉන්නේ තාත්ත කියල..

    උන්හිටිතැන් අමතක වෙන්නම කේන්ති යාම ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි ටික්කො.. කේන්තිය ටිකක් උනත් හුඟක් උනත් හානිකර තමුන්ටම තමා..

    ආයෙත් උඹට මතක් කරන්න උනා එහෙනං.. හතලිහ පැනපු එවුනුත් මේක කියනවා බං.. ටිකක් අනුකම්පාවෙන් පොස්ට් කරපංකෝ අකුරු ටිකක් ලොකු කරලා..පෝස්ට් එක මරු ඈ..

    ReplyDelete
    Replies
    1. උබ හරි මචෝ. ඒ වයසේ වරද්දනේ. ඒ හෙල්මට් එක ගලවල විසි කරලා ගොඩක් කල්. දැන් ඇල් වතුරත් නිවල බොන්නේ.

      ඔන්න උබේ රික්වෙස්ට් එකත් ඉෂ්ට කළා. කලබලෙන් ලිව්වේ බන්. මේක ඊයේ ලිව්වේ නැතිනම් මලවන්න වෙන්නේ ලබන මාසේ. පුදුම කම්මැලි කමක් බන් මට තියෙන්නේ. හේ හේ... :D

      Delete
  9. මෝඩයා ...මොලයක් තියන එකෙක් අම්මලව බයික්වලට නග්ග ගන්නවද

    ReplyDelete
    Replies
    1. මේකනේ බන් අටමෝ. ගෙදර පොරක් වෙන්න කියල z score එක වැඩිකරගන්නයි අම්මව ටවුමට ගෙනියන්න හැදුවෙ. කවුද දන්නෙ බන් මගෙ ක්ෂණික කෝපය එලියට එයි කියල. ආයෙ සැරයක් කුජිතම වෙලා හිටි අඩියටම චාටර් වෙලාම වැටුන.

      Delete
  10. මෝ බයික්ස් ගැන රේල බයික් ගැන පොතක් ලියන්න බැරිය බං. මාත් බයික්ස් කීපයක් එක්කම ලව් කරපු එකෙක්. ඒ කාළේ බඩුවක් දාගන්න අත්‍යාවශ්‍ය අංගයක්. හෙල්මට්, ලයිසන්, ඉන්ෂූරන්ස්, පොලීසියෙන් ඇල්ලිලි මක්කත් නෑ.

    එක සැරයක් බෝතලයක් ගේන්න වනවාසල හරහා වත්තල යන්න පෑලියගොඩ ෂෙඩ් එකට ගිහින් රුපියල් 10 ක් පුල් ටෑන්ක් ගහන්නෙයි කිව්වාම. ඌ කිව්වා ඉක්මනට මූඩිය වහගන්න ගහපු ටික වාෂ්ප වෙයි කියලා..

    පස්සේ එතන පැස්ටෝල් ගහන්න ආපු වාහනෙක උන්න අංකල් කෙනෙක් කිව්වා.. ඕන් ඕක්ට මගේ ගානේ 50 ක් ගහන්න කියලා.. උන්නැහේ නම් කෙලින්ම නිවන් යන්න ඇති මචෝ..

    ReplyDelete
    Replies
    1. /////ඌ කිව්වා ඉක්මනට මූඩිය වහගන්න ගහපු ටික වාෂ්ප වෙයි කියලා.. ///////////
      මරු ඕයි....

      Delete
    2. මාතෙ. මට මතකයි මම පොඩි කාලේ අපේ ගෙවල් අහල පහල උබල වගේ අයියල VT, XL, trail වගේම paris dakar බයිසිකල් වලින් සංගමිත්ත වටේ කරකැවෙනවා. ගොඩක් අසල්වාසීන් ගොඩ ගියා.

      ඉස්සර ඒ අයියල දැන් ටික කාලයකට කලින් ෆේස් බුක් එකේ හම්බවෙලා පුතා කියල කතා කරනකොට මට හෙනම ලජ්ජා හිතුන uncle කියල උන්ට කතා කරන්ට.

      මම අන්තිමට පැට්‍රොල් ගහනකොට ලීටර් එක 50/- ද කොහෙද. 100/- ක ගැහුවහම weekend එකම cover කරගන්ට පුළුවන්.

      අන්තිම දවස්වල අම්මගෙනුත් සල්ලි ඉල්ලුවහම කියන්නෙ, "යකෝ මේක හරි කතාවක්නෙ. මු මාසේ අන්තිමට හරිම ආදරෙන් මාව බදාගෙන දාහක් දෙදාහක් දීල, මාසෙ අන්තිම වෙනකොට තුන්දාහක් විතර මගෙන් ඉල්ලගේනනේ. මිට පස්සෙ ඉඳල උබේ සල්ලි මට එපා. උබම තියාගනින්. මගෙන් ඉල්ලන්නත් එපා" කියල..

      කතාවනම් ඇත්ත බන්.

      Delete
  11. හොඳ වැඩේ උඹට කුනුහබ්බ කියනවට. අම්මල ඉන්න තැන්වල පූස වගේ ඉන්න ඉගෙනගන්නෙපැයි යකෝ.

    ReplyDelete
    Replies
    1. පුසා වගේ ඉන්න.?? ඔන්න ඔන්න කසුනෝ උබත් මගුලක් කතා කරනවා.. :D

      මට ඔක්කොටම කලින් කියහන්කෝ බන් කොහොමද පුසෙක් වගේ ඉන්නේ කියල. නිතරම පස් පව් කරනකොට.

      ඊළඟ කොටසත් එනකන්ම හිටපන් මචෝ. එතකොටම මට බැනපන්.

      ස්තුතියි මචන් මෙහෙ ඇවිල්ල ගියාට ආයෙමත් හොඳේ.

      Delete
  12. අනේ අම්මප අම්මව නග්ගගෙන බයිසිකල් පදින ගමන් පාරේ යන එවුන්ගෙන් ගේම ඉල්ලන්න යනවද බං, බලපන් ඔලුව පොඩ්ඩක් අත ගාල මොකක් නමුත් වෙනසක් තියනවාද කියල ???

    උඹ ඔයින් ගියා මදැයි ... අපේ අම්මට ඔහොම උනා නම උන්ද මාව හැම ගහනවා පණ පිටින් , ඕ යේස් :)

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වලනම් ඔලුව අතගාල බලනකොට වෙනසක් වේගෙන එනවා වගේ හිතුන මචෝ. :D

      ඔය දවස්වල මම කම්මලේ බලල වගේ තමයි හිටියෙ. ගුටි කාල බැනුම් අහල over dose වෙලා හිටියේ. :D

      Delete
    2. හික් ... හික් ... ඕව ඔහොම තමා, අර කියනවත් වගේ වයසේ වැරැද්ද ... කාලයක් යනකොට හරි හමන් හෝටල් දෙක තුනකින් කෑම හම්බ වෙනකොට හරි යනවා !!!

      ඒක තමයි මගේ අත්දැකීම :)

      Delete
    3. ඊළඟ පොස්ට් එකෙන් බලපන් මම කාපු සුපිරි කෑම කොහොම එකක්ද කියල... :D

      Delete
  13. හෙහ්..හෙහ්..

    මේ ලඟදි කොට්ටාව ටවුන් එකේදී බයිසිකලේක ආපු එකෙක් මගෙන් ගේම ඉල්ලුවා කුණුහරුප කියා කියා.. මම වාහනෙන් ඌව බ්ලොක් කරා හරි වෙට්ටුවක් දැම්ම හරි කියල.. පට්ට ට්‍රැෆික් එකේ මට එහෙම එකක් මතකවත් තිබ්බේ නෑ. හොඳම සීන් එක කියන්නේ මුගේ බයික් එක පිටිපස්සේ ගෑනු කෙනෙක් ළමයෙක් හම්බ වෙන්න ඉන්න.. ඌ කියුවට මට කුණුහබ්බ කියන්න හිතුනේ නෑ.. "මල්ලි මම මෙතන ඔයාට උත්තර දුන්නොත් ඔයාගේ නෝනා ආයේ බඩ වෙනවා.. ඒක නිසා පව් නොදී යන්න" කියුවම මූ සුටුස් ගාල වාෂ්ප උනා ට්‍රැෆික් එකේම.. මට හිතෙන්නේ ඌටත් අමතක වෙලා ඉන්න ඇත්තේ ගෑණි පිටිපස්සේ කියල.. :)

    ReplyDelete
    Replies
    1. කමියා බොලාගේ වාස දේසේ හෝමාගම කොට්ටාව පැත්තෙද?

      Delete
    2. නෑ මචං.. හයි වේ එකේ ගාලු යන්න යන වෙලාවක උනේ.. මම කොළඹ (දැනට නාරාහේන්පිට) වැඩ.. පදිංචිය ගාල්ලේ.. ඉතිං නිතර ඔතනින් යන එනවා..

      Delete
    3. බලන්න කල්‍යාණ තුමෝ. අපි දෙන්නම කරලා තියෙන්නෙ එකම දෙයනෙ. ඔහේ කුණුහරුප අවම භාවිතයෙන් ප්‍රශ්නය sort out කරලා.මම කුණුහරුප අව භාවිතා කරල (මෙම වචනය 井යහපාලනය යටතේ ගන්නා ලදී) ප්‍රශ්නය sort out කළා.

      අනික කල්‍යාණ මචෝ. මම ගේම ඉල්ලුවත් පස් මහා බැලුම් වගේම පස් පංගුවමත් බලල තමයි ගේම ඉල්ලුවානම්. නිකන් හිතපන් එදා ඔතන ඇමති කෙනෙක් හිටියනම් ආරක්ෂකයෝ එක්ක...??

      එහෙනම් මට අද මේක ලියන්න තියා ඔහෙලට ටිකක කියල බ්ලොගර් කෙනෙකුත් නැති වෙනව.

      ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්.

      අනේ මන්ද, ඔහෙත් මෙතන මහින්දගෙන් අහන ප්‍රශ්න මයිත්‍රී ගෙන් අහනව වගේ ප්‍රේක්ෂකයන් අතර මම අපහසුතාවයට පත්කරනවද මන්ද.. එන්න එපා ඕවට හරිද.

      දන්නවද තොරතුරු දැනගැනීමේ පනතත් සම්මත කරලලු තියෙන්නෙ..

      හා ද..?? :D

      Delete
    4. ඒකත් එහෙමද, මං බැලුවේ කමිය ළඟ පාත් ඉන්නවා නම් ලංකාවට ආපු ගියපු වෙලාවක යමින් එමින් ගමන් හම්බ වෙලා යන්න !

      Delete
    5. //හින්දගෙන් අහන ප්‍රශ්න මයිත්‍රී ගෙන් අහනව වගේ// හැක හැක හැක..

      @ කණ්ඩා.. ඒවා හොඳ වැඩ.. ආව වෙලාවක මැසේජ් එකක් දාහන්.. මම යමින් එමින් උඹව බලල යන්නං.. :)

      Delete
    6. එහනම් ඉති මාව බලගෙන පලයන් කන්ඩා ..මම ඉන්නේ ගුවන් තොටුපොල ලගම

      Delete
    7. අපි කටුණායකට බහින්නෙ මහ පාන්දර මෙන්ඩො, මං අඳුරන ග්‍රහයෙක් ඉන්නව මීගමුවෙ එහෙ අදින දවසක හම්බ වෙන්නම් 👍දවසක

      Delete
    8. බඩුම තමයි. එහෙනම් එයාපොර්ට් එකෙන් බැස්ස ගමන් පලවෙනි ෂොට් එක ගහන්න පුළුවන්. ලබන අවුරුද්දේ මම එනවා ගෙදරින් මගේ දරුකම අවලංගු කරන්න කලින්. අනික ඉතිං පිළිවෙලක් වෙන්නත් එපැයි..🙃

      Delete
  14. හැක්... මරු සීන් එකනෙ.
    මටනං ඔය බයික් පදින පිස්සුව නෑ හොඳ වලාවට

    මාත් එකපාරක් මාමල, දුවල සෙට් එකක් වෑන් එකේ පිටිපස්සෙ ඉඳිද්දි ඔය වගේ එකෙකුට කුණුහරුපෙන් බැන්න ට්‍රැෆික් එකේ රෝන් සයිඩ් ඇවිල්ල පාර බ්ලොක් කරල. ඔය වෙලාවට ඉතිං පස්සෙ ඉන්නෙ මොකාද කියල මතක් වෙන්නෙ කාටද.

    ReplyDelete
    Replies
    1. වැඳලා කියන්නම් සඟක නයන්න තුමෝ..

      වැරදිලාවත් බයික් පිස්සුව හදාගන්න එපෝ.. අන්න ඒකනේ කියන්නෙ. සමහරක් වෙලාවට පස්සේ ඉන්න මිනිහ නෙමෙයි බන් ඉන්න තැනත් අමතක වෙනව. මේ රජය පෙරලෙන්න කලින් කුනුහබ්බත් තුන්වෙනි රාජ්‍ය භාෂාව විදිහට පත් කරගන්න තමයි මමත් බලන්නෙ. කැබිනට් පත්‍රිකාවක් වත් දාල බලමු හිටන්.

      මම හරිම ආසයි ප්‍රසිද්ද වේදිකාවේ කුණුහබ්බ කියන්න හිටන්..

      Delete
  15. සමහර වෙලාවට මල පැනීමකින් තොරව වුනත් ඔය කුණුහබ්බයක් දෙකක් කියවෙනවා බන් නොකිය යුතුම තැන් වලත් ඒ වෙලාවට පොලොව පලන් යන්න තමයි හිතෙන්නෙ බන්

    ReplyDelete
    Replies
    1. ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා බන් රස්තියාදු මචෝ. මගේ අනිත් කියුබිකල් එකේ ඉන්න සුද්දී එක්ක වචන දහයක් කතා කලොත් වචන 4ක් fuck කියල කියවෙනව.

      What the fuck, fuck it, fucking ignore it, are you fucking kidding me, are you fucking serious, fucking sick man, I fucking like it. Where the fuck you’re going, fuck sake .. ඔයින් ටිකක්.

      දැන් මට තියෙන ප්‍රශ්නේ බන් කුණුහබ්බ නොකිය කොහොමද මිනිහෙක් එක්ක කතා කරන්නේ කියල ඉගෙන ගන්න එක..?? කුණුහබ්බ මතක් වෙන ප්ට්‍රශ්නයක් මචෝ... :D

      Delete
  16. හිනාවෙනව හැර වෙන මොනව කියන්නද අප්පා... ඉලඟ කොටසත් දාමුකෝ එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොමයි ඉන්න ඕනි නිර්මාණි.. හිනාව ලේ පිරිසුදු කරනවා වගේම ශරීර සෞක්‍යයටත් බොහොම හොඳයි හොඳේ.

      ඊළඟ පොස්ට් එකෙන් මුනගැසෙමු 👊🏽

      Delete
  17. මම දවසක් පුරේ ඉදලා කුරුණෑගලට බයික් එකක ඇරියා අරිල්ලක් 20යි 30යි ..20යි...30යි......පැය 5න් කුරුණෑගල

    ReplyDelete
    Replies
    1. හෑ... 🙈..! ඈ බං. උබ ඔය කියන ගමන ගියේ ගිස්මෝ අංකුර් එකකින් ද..?? යකෝ පැය 5ක් මෝටර් බයිසිකලයක යනවා කියන්නේ මටනම් පැයපහක් එක තැනක ඉන්නත් බැහැ..

      😂😂😂😂

      Delete