Tuesday 14 February 2017

"Red Scorpion" , "ද හැලෙන පොල්", "Commerce Day 1997" සමග මගේ සංගීත දිවියේ අවසාන ෂෝ එක.




ටික්කා 2012 වසරේ දී සුප්‍රසිද්ද WEST-HAM පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩාංගන පරිශ්‍රයේ තිබෙන ඔවුන්ගේ CLUB එකේ DJ කරන අතරතුර ගන්නා ලද චායාරූපයකි.
    

මේ සිද්දියට පාදක වන්නේ 1993 ත්  සහ 1997 වසරේ අවසානය දක්කවා කාලයයි.

මගේ මිතුරන් සහ මමත් ඔය කාල වකවානුවේ ඉංග්‍රීසි සංගීතයට ඉතාම කැමැත්තකින් සංගීතයත් සමග ජිවත් වූ පිරිසක් වෙමු. 70's 80's 90's වගේම old school, hip hop, reggae සංගීතයට වගේම techno සංගීතයටත් බොහොම කැමතිය.

ඔය වකවානුවේම ගාලු නගරයේ විවිද කණ්ඩායම් විවිද නම් වලින් DJ කණ්ඩායම්,

-Street Strolling Dj’s

-Street Strolling Junior Dj’s (මෙය අපගේ DJ කණ්ඩායම විය)
-Air Cats Crew
-Cool Zone 
M2 Dj’s The Max and the Mad Mix
-Hot Kids

වගේම සංගීත කණ්ඩායම් වශයෙන් ප්‍රසිද්ද කණ්ඩායම් කිහිපයක් තිබුනත් මෙමරියට එන්නේ නැත.

කෙසේ හෝ අප කිහිපදෙනෙක් එකතු වී "Red Scorpion" නමින් සංගීත කණ්ඩායමක් එකලස් කරගත්හ.

ඔය අවදියේ කණ්ඩායම් කල්ලි ගැසී නන්න පෝල් වැඩ කිරීමට කණ්ඩායම් හැඟීම 100% තිබුනත් සංගීතය සම්බන්දයෙන්නම් කණ්ඩායම් හැඟීම තිබුනේ ඍණ මට්ටමේය. යහළුවෙකුගේ ගෙදරට රැස් වී X-RAY කොළවලින් අටවගත් DRUM SET එකත් පොඩි KEY BOARD එකත් කොහෙන් හරි ඉල්ලන් ආව ගිටාර් එකත් තිබ්බට ගායකයන් දෙපල සියල්ල සිටින දවසට DRUM ගහන එකා නැත. සමහරක් දවසට ගිටාර් ගහන එකා නැත. මේ ඔක්කොම ඉන්න සමහරක් දවසට ප්‍රැක්ටිස් කරන්න යන ගෙදර එකා හොයාගන්නවත් නැත. (ඒ දවස්වල HAND PHONE යනු අති අති  සුවිශේෂ, වාහනත් දෙවෙනිවෙන සුපිරි පැලැන්තියේ අයිටම්ස් එකකි :D ) එම නිසාම අපගේ මෙම සංගීත කණ්ඩායම අපගේ අනිත් මිතුරන් විසින් "හැලෙන පොල්" යනුවෙනුත් නම් කර තිබීමයි. එලෙස ඔවුන්ගේ විහිලුවට ලක්වුවත් ඔවුන් කවදාවත් අපේ කණ්ඩායම අනිත් අයගේ විහිලුවකට ලක් වෙන්නට දුන්නේ නැත. කටිං වගේම අතින් පයිනුත් අපිව ඉහලට එසවීමට අපේ මිතුරන්ගෙන් ඉතා හොඳ සපෝට් එකක් අපට ලැබුණි.

ඒ වගේම ඉන්ටර්නෙට් යනු අසා තිබෙන නමුත් මොන වර්ගයේ යකෙකුදැයි නොදන්නා දෙයක් හෙයින් ඉංග්‍රීසි සිංදුවල වචන සොයා ගත්තේ කලෙක්ෂන් දම සොයාගත් මුදලින් සේලක ගොඩනැගිල්ලේ BOOK ෂොප් එකෙන් මිලට ගත්  "SMASH HIT" නැමති සුපිරි පොප් සඟරාවෙන් සහ මට මතක පරිදි මිරර් මැගසින් එකෙන්ය. එහෙම නැතිනම් කණ්ඩායමේ ඉංග්‍රීසි දැනුම ප්‍රගුණ වූ අය සින්දුව අසා ලියාගත් ආකාරයටය.

ඔය දවස්වල අපේ සංගීත ලොවේ ටොප් වීරයන් වුයේ,

-East 17
-
Boy Zone
-
PJ and Duncan
-
Back Street Boys
-New Kids On The Block
-
Hanson
-
Savage Garden

-LFO

-98 Degrees

-Boyz II Men

-Take That යන අයවලුන්ය.

කෙසේ නමුත් බොක්කෙන්ම කියන්නේ ඔය කියනා ප්‍රසිද්ද ගායකයන්ගේ එවකට හිට් වූ සින්දු බොහොමයක් අපගේ කණ්ඩායම මගින් සාර්ථකව ගායනයෙන් වගේම වාදනයෙනුත් ඉදිරිපත් කිරීමට හැකි වීමයි.

කෙසේ හෝ අපගේ සංගීත කණ්ඩායම වැටෙන හැලෙන පොල් වශයෙන් ඔහේ ගියේ අප සියලුම දෙනාට අපොස සාමාන්‍ය පෙළ කෙසේ හෝ ගොඩ දාගතයුතු නිසාවෙනි.

එම විභාගයෙනුත් පසුව එළබි නිවාඩු කාලයත් ඔහේම ගොස් අපගේ ප්‍රථිපල වලට අනුව මිතුරන්ගෙන් තුං හතර දෙනෙක් ඇරුණු කොට අප සියලු දෙනාටම උසස්පෙළ කිරීමට වාසනාව ලැබී තිබුණි.

අප ලඟින් ආශ්‍රය කල මිතුරන් හතර පස් දෙනෙක් හැරුණු කොට (ඔවුන් උසස්පෙළ ගණිතය සහ විද්‍යාව තෝරාගෙන තිබුණි) අප සියලුම දෙන වාණිජ අංශයට ගියේය.

සංගීතයත් වැටෙන පොල් වගේම වැටෙනවාය. හැම ශිෂ්‍ය විදුහල්පති රැස්වීමකදී සුපුරුදු පරිදි මිතුරන්ගේ විසිල් අප්පුඩි සහ ගුරුතුමී ගුරුතුමන්ලාගේ රික්වෙස්ට් ගීත ගායනා මැද ඕල්කට් ශාලාවේ මම ගීත ගායනා කරනවාය.

ඔය අවදියේ අපිට ඉතාමත් හොඳ අවස්තාවක් එනවාය. එයනම් 1997 වසරේ මහින්ද විද්‍යාලයේ "වාණිජ දිනය" දිනය වෙනුවෙන් (අපගේ බැජ් එක 1999 කොමර්ස් උනත් අපගේ හැකියාව නිසා) මෙම වසරේ පැයක කාලයක් සංගීතයෙන් එම උත්සවය නියෝජනය කිරීමට පැමිණෙන හැම පාසලක්ම රසවත් කිරීමට අපට ඔන්න අවස්ථාවක් එනවාය.

හිතුවද වැඩිය වැඩේ බොහොම දරුණුය. X-RAY එකට තැලූ පරිදි මෙය කල නොහැක. මෙයට LIVE සවුන්ඩ් ප්‍රක්ටිස් යා යුතුය. එව්වා මිල අදිකය. එවකට ඇති නවීන මියුසික් ස්ටුඩියෝවක් කල KRISTO අයියා ගේ තැන දවල් හීනයක් පමණි.

ඒ වගේම එවකට පෙට්ටිගලවත්තේ "ශාන්ත" අයියාගේ ස්ටුඩියෝවත් පැයකට (ඔන්න මතක් උනා. ඔහුගේ සංගීත කාණ්ඩයක HARLEM BLACK BIRDS ය) සුපියල් ම 300/- ය කරනවාය. ඒ සංගීත භාණ්ඩ 3ක් සහ මයික් දෙකක් සඳහා පමණි.

එහෙත් Street Strolling Dj’s අපේ ලොකු අයියලා disco කිරීම සඳහා SOUND සෙට් අප් රෙන්ට් කරන්නේ ශාන්ත අයියාගෙන් නිසා අවුලක් නැහැ තියෙන ගානක් දීල යන්න තියරියට සතියට දෙවරක් වරකට පැය දෙකක් වශයෙන් අවස්ථාව ලැබුණු නිසාත් එම අවසරයෙන් අප උපරිමය ගත්ත නිසාත් අප ප්‍රැක්ටිස් වෙන හැටි බලා හිඳින HARLEM BLACK BIRDS කණ්ඩායමත් අපගේ දක්ෂතාවයන් අගය කල නිසාත් දැන් අප 90% ක් පමණ වාණිජ දිනයට මුහුණ දීමට සුදානමින් සිටිමු.

සිංහල ගීතත් (ප්‍රියා සුරියසේන, ගුණදාස කපුගේ යන මහත්තුරු ඇතුළුව), ඉංග්‍රීසි සින්දු කිහිපයකුත් රෙඩිය.

ඔය අතරේ අප මිතුරන්ගේ ෆේමස් ම ගායකයා වන BOB MARLEY ගේ සින්දුවක් ගායනය කිරීමට මිතුරන් අතරින්ම නොවැලක්විය හැකි රික්වෙස්ට් එකක් එනවාය. එකෙක් පැවසුවේ එය කල නොහැකිනම් එදාට අපිව කුජිත කරන බවය. පටන් ගත්ත වෙලේ සිට හූ කියන බවය.

මම ඔවුනට පැහැදිලි කලේ "යකෝ ජාතික ගීය මුලින්ම ගායනය කල මේ ඕල්කට් ශාලාවේ බොබ් මාලිගේ සින්දු කිව්වොත් මට මගේ ශිෂ්‍ය භාවය අහෝසි වෙනවා" කියලාය.

කොහෙද ඉතින් උන් ඔක්කොම කම්මලේ බල්ලෝ පරිදි ඔවුන්ගේම මතයේ සිටින බැවින් ඉස්කෝලෙන් එලෙව්වත් බොබ් මාලිගේ ගීතයකුත් ප්‍රැක්ටිස් කාලය.

මේ අතර වාණිජ අංශයේ අනිත් මිස් ල සර්ලා සමග සියලුම දෙනා එක එක වැඩසටහන් සංග්‍රහ කිරීම් වගේම අපි සැවොම බලාගෙන සිටින්නේ මොන මොන බාලිකා පාසල් වලින් කොච්චර එනවාද කියලාය. 

ඉස්කෝලෙට මොක උනත් මෙම අවස්ථාව, සංගීතයෙන් ගාල්ලේ ප්‍රසිද්ද බාලිකා ඉස්කෝලවල බාලිකාවන්ගේ ඉදිරිපිටම අපිට කලර්ස් පෙන්වීමට පොරවල් වීමට හැකි එකම අවස්ථාව වෙනවාය.

ඒ වගේම මෙම දිනය සඳහා සවුත්ලන්ඩ්ස්, කොන්වන්ට්, සංගමිත්ත, රිපන්, සියලුම බාලිකා විද්‍යාල වල සහබාගිත්වය කන්ෆර්ම් ය.

අපේ දැන් කට කනේය. 

ඔන්න එදා වාණිජ දිනයය. මිතුරෙකුගේ වෑන් රථයකින් ශාන්ත අයියගේ ස්ටුඩියෝ වෙන් ත්‍රී පීසස් සවුන්ඩ් සෙට් අප් එකක් සංගීත භාණ්ඩ සමගම විදුහලට පැමිණ ශාන්ත අයියා විසින්ම අටෙව්වාය.

අප ශාලාවේ නොහිටියත් දැන් අපගේ ශරීර කූඩුව වෙව්ලනවාය. තොල කට වේලිලා. වාණිජ දිනය ඇති උත්කර්ෂවත් අන්දමින් ඕල්කට් ශාලාවේ පැවැත්වෙමින් තිබෙන මේ අවස්ථාවේ ඇතුලේ මයික්‍රෆෝන් එකෙන් කතා කරන සද්දය ඉස්කෝලය දෙදරවමින් පිටටටත් අසෙනවාය. මට දැන් මතක් වෙන්නේ මමත් මාළු පාන් නමැති අනිත් සහෝදර ගායකයා කියන ගීතත් මෙලෙසම මහා හඬින් එලියට ඇසෙනා බවය. මොකක් හරි පිස්සුවක් කෙලියොත් ඒකත් එම සද්දයෙන්ම ඇසෙනා බවය.

දැන් දවල් 12 ය. 12.15 ට භෝජන සංග්‍රහය බැවින් අපේ සංගීතය අරඹ කල යුතුය.

ටෙස්ටින් වන්.. වන්.. ටූ.. ත්‍රී.. කී බෝර්ඩ් එකයි, බේස් ගිටාර් එකයි ලීඩ් ගිටාර් එකයි මයික් දෙකයි රෙඩිය. මාළු පාන් ට (අපේ අනිත් ගායකයා) ඇත්තේ හොටෙල් කැලිෆෝනියා ගීතය ගායනය කිරීම සහ Savage Garden
 ගේ TRULLY MADLY DEEPLY ගීතය මම සමග ගයන කිරීමත් සහ ඉතුරු සියලු ගීත මම තනිවම කණ්ඩායම් සංගීතය සමග ගායනය කිරීමය.

දැන් ඔක්කොම සෙට් ය.

මුලින්ම ප්‍රියා සුරියසේනගේ "ඈත රන් විමන් දොරින්" ගීතය අවසන් කල මට දෑස අදහා ගත නොහැක. අප්පුඩි විසිල් ඔක්කොම අතරින් කමෝන් ටික්කා...කමෝන් ටික්කා...කමෝන් මාළු පාන්.. වෙල්ඩන් 99.. කියමින් නටන ප්‍රීති ගෝෂා නගන අපේ මිතුරන් සමග රිච්මන්ඩ් ඇලෝසියස් විද්‍යාලෝක මිතුරනුත් නටනවාය.

සිංහල සිංදු දෙකකින් සහ ඉංග්‍රීසි සින්දු තුනකින් පසුව අපට විනාඩි 15ක විරාම කාලයක් ලැබෙනවාය.

දැන් බ්රේක් එකය....

එලියට ආ සමගින් ගුරුභවතුන් වගේම මිතුරන් අපි වට කරගෙනය. ශාලාවේ සිටිනා අපගේ මිතුරන්ට අනිත් ඉස්කෝල වලින් පැමිණි මිතුරන් කියන්නේ මේ අපි කලින් පටිගත කල සින්දු මිසක් මේ ලයිව් ප්‍රෆෝමන්ස් නෙමෙයි කියලාය.

එහෙම කියපු එකෙකුට හොම්බ ගැලවෙන්න ගහන්නත් ගිහිල්ලය. 

දැන් අයෙත් ස්ටේජ් එකට යන්න ඇතුලට යන ගමන් මාළු පාන් මට පොඩි කොළ කෑල්ලක් දෙන ගමන් 

මාළු පාන් - "ටික්ක මේ, අර බොබ් මාලිගේ සින්දුවේ අන්තිමට කියන්න තියෙන ටිකේ මේ පේලි දෙක කියන්නම ඕන හොඳේ"..

මම - "මේ මොන %776%$ යකෝ මේ ලියල තියෙන්නෙ.. මම මේ බොබ් මාලි කියන්න ගිහින් ඉල්ලන් කන්න යන වෙලාවේ මෙව්ව කියන්න මතක් වෙන එකක් නැහැ බං"

මාළු පාන් - "නෑ නෑ උබට කියන්නම වෙනවා.. වෙනවාමයි.."

මම - "හරි හරි. කියන්නම්. බොල දාන ලෙඩ"

දැන් පිංවතුනි. මම ලැහැස්ති වෙන්නේ අවසාන සින්දුව කීමටය.

මයික්‍රෆෝනය අතටගත් මාළු පාන් දැන් මෙසේ අමතනවාය ..

Thank you.. Thank you.. Thank you so much Ladies and Gentlemen. We are "Red Scorpions" and this is our last song, sang by the legend of reggae music. Bob Marley’s No Woman No Cry. 

And this song is specially dedicate to all of our 99 commerce batch mates and Im gonna hand over  the microphone to my brother Tilan to rock the stage..!!

ඇඟපත සීතල වී මෙය මගේ මේ විද්‍යාලයේ අවසාන දිනය කියා සිතට ගමින් මා ඔන්න ගීතය ගයනා කරනවාය.

මේ අතර වාරයේ මා ගීතය ගායනා කරන අතර තුර මාළු පාන් නැවතත් මා අසලට පැමිණ වයර් එකක් හදන පරිදි මගේ කනට කර අරක කියපං කියමින් අර කොළ කෑල්ල මගේ අතට දුන්නාය.

දැන් ඔන්න ටිකෙන් ටික මම සින්දුවේ BRIDGE එකට එනවාය. මම ආයෙත් ගායනය කරනවාය..

Oh, while I'm gone…,
Everything's gonna be all right!
Everything's gonna be all right!

කියා මම ඔන්න මගේ suicide note එක ගයනවාය...

Everything's gonna be all right!
Everything's gonna be all right!

Mahindians are Top Today… yeah..!
Celebrating their commerce day..

No Woman No Cry..!!

කියනවාත් සමගම මාළු පාන් ඇතුළු මුළු සංගීත කණ්ඩායමම අයෙත් මුළු bridge එකම ආයෙත් ගැයුවාය..

ඔහෙලට කියන්න පින්වතුනි. එම අවස්ථාව මගේ ජිවිතේ (මට වගේම මාළු පාන්ටත් සහ සංගීත කණ්ඩායමටත් එහෙම හිතෙන්ට ඇතිය) මම දෙවෙනි වරට ලැබුණු හොඳම ප්‍රතිචාරය වගේම ආයේ ලබන්ට නොලැබෙන අත්දැකීමකි.

සියලුම ප්‍රතිචාර අප්පුඩි කෑගැසීම් විසිල් මැද "වන් මෝ.. වන් මෝ.." කියල කෑ ගැසුවත් කාල වෙලා අනුව අපිට තවත් සින්දු කීමට බැරි උනත් (අනික ඉතින් අපිට තව සින්දු කියන්ට තරම් සවුන්ඩ් ප්‍රක්ටිස් කරන්න සල්ලි නැති උන එක වෙනම කතාවක්..),

සියලු අම්පන්න එකලස් කරගෙන ස්ටේජ් එකෙන් එලියට එන අපිට ගුරු භවතුන් සමග මිතුරන් අනිත් ඉස්කෝල වල බාලක බාලිකාවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර වලට අනුව ඔවුන් පැවසුවේ මෙම වාණිජ දිනය ඔවුනට කවදාවත් කමතක කල නොහැකි දිනයක් බවයි.

එක ගුරුතුමෙක් පමණක් පැවසුවේ "ටිලාන් අර අන්තිමට කිව්වා සින්දුවනම් පොඩ්ඩක් අප්සට්. ඒත් ඔහෙලා මාර බඩු  තමයි හොඳේ. කවුද දන්නෙ ඔහෙලට ඔච්චර හැකියාවක් තියෙනව කියල. විදුහල්පති තුමත් කියනවා ඇහුන මට මේකනම් උසස් අන්දමට කල වාණිජ දිනයක්" කියලාය.


අපි බලමු ලබන අවුරුද්දේ මිට වැඩිය හොඳට කරන්ට කියලත් එතුමා කීවාය.

ඔය ඕල්කට් ශාලාවේ ඉතිහාසය ගැන කියනවනම් ශ්‍රී ලංකාවේ ජාතික ගීය ප්‍රථම වතාවට ගායනය කරලා තියෙන්නේ ඔය ශාලාවේ වෙදිකාවේදිමය..

ENGLISH DAY එකට සහ මේ වගේ MATHS, SCIENCE, COMMERCE හෝ ART DAY වලට පමණක් හෝ විශේෂ දවසකට සංගීත සංදර්ශන වගේ උළෙලවල් පැවතුනත් මම දන්නා පරිදි BOB MARLEY ගේ ගීතයක් ගයනා කර ඇත්තේ මෙම ලියුම් කරු ටික්කා විසින් පමණි. ඒ ගැන අදටත් මට ඇත්තේ අහිංසක සන්තෝසයකි.

මීට,

ටික්කා..

- ඉවරයි කිව්වට ඉවර නෑ.. තව තියෙනව..ඉතුරු කොටස ලබන සතියට. - 


62 comments:

  1. ජාතික ගීය ප්‍රතම වරට කියුවේ මහින්දේ ඕල්කට් එකේදිද? ඒ කතාවත් හොයල මේ වගේම ලියපම්..
    එල! මේවා තමයි ඉස්කෝලෙන් ඉගෙනගත්ත අමතක නොවෙනම පාඩම්..

    ReplyDelete
    Replies
    1. මචං කල්‍යාණ මිත්‍ර. ආනන්ද සමරකෝන් මහත්මා ජාතික ගීය මුලින්ම ඕල්කට් ශාලාවේ තමයි කියුවේ කියල ගල් පුවරුවකම ඔය කියන ශාලාව ඉස්සරහම කොටල තියෙනව. සොරි මචෝ. ඉතිහාසය ගැන මගේ දැනීම ඇත්තටම කියනවනම් බිංදුවයි.

      ඔය ඉස්කෝලෙට ඇත්තටම යමක් කරපු මිනිස්සු හිටියනම් හිටියෙ 2000 ට කලින්. දැන්නම් සිමින් ෆූල් හදන නන්දන වින්දන. හරියනවනම් කමක් නැහැ. ඉස්සරහට තවත් ලියන්නම්කො. ස්තුතියි හොඳේ.

      Delete
  2. හරියට මූන පේන ෆෝටෝ එකක් දාහංකෝ

    ReplyDelete
    Replies
    1. හිටහන් හිටහන් අටමෝ. ඊළඟ පොස්ට් එකටවත් දාන්නම්. ඔන්න FCID එකට එහෙම දක්කනවා එහෙම නෙමෙයි හරිය.. :D

      Delete
  3. අම්මටසිරි.. ටික්කා වැඩ කාරයා.. නාකි ඉලන්දාරියා.
    ටික්කගෙ පෝස්ට් එකෙන් ගස්ලබ්බගෙ මතකේ ඇවිස්සිලා ගිහින් අපේ සයන්ස් ඩේ එකට එෆ් එම් එකක් කරපු හැටි මතක් උනා... හිටහං.. හෙමින් සැරේ පෝස්ටුවකින්ම විස්තරේ කියන්නම්කො...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි ලබ්ස් මේ පොස්ට් එකෙන් ඔහේගේ මතකය අලුත් කලානම්. ලියහන්කෝ අපිටත් දැනගන්ට ඔහෙලගෙ සයන්ස් ඩේ එකේ FM සිද්දිය. ලඟදි පොස්ට් එකක් දැම්මෙත් නැහැනේ.. ජය වේවා..!!

      Delete
  4. පෝස්ට් එක ගැන පසුව කමෙන්ට් කරන්නම්. මේ උඹේ ස්ටයිල් එක නෙමේ...උඹ ඉස්සෙල්ලා ලියපු පෝස්ට් එකේ උඹේ ස්ටයිල් එක රිද්ම් එක තියෙනවා. වරදක් නොවේ හිතලා බලපන්.

    ReplyDelete
    Replies
    1. කිව්වට බොහොම ස්තුතියි අරුණ අයිය. ඇත්තම කියනම් ඔයා හරි. මේ පොස්ට් එක ලිව්වේ බොහොම කලබලෙන්. මම ඔහෙලට පොරොන්දු උනානේ සතියකට එකක් හරි ලියන්න ට්‍රයි එකක් දෙන්නම් කියල. අපි බලමු ඉස්සරහ බීමත්ව රිය පැදවීමේ අවාසනාවන්ත ඒ වගේම රසපිරි කතාවක් ලියන්නයි හිතන් ඉන්නේ. ඉඟියක් දෙන්නම්. FUCK DA POLICE :D

      Delete
  5. අරුණ මහත්මයා කියල තියනව වගේ කලින් පෝස්ට් එක ලියපු ස්ටයිල් එකටම ලියනවනම් වඩාත් කැමතියි. කලින් එක කියෙව්වට කමෙන්ට් කරන්න බැරිවුණා කමෙන්ට් කරත් නැතත් අනිවා කියවනවා. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්නයක් නැහැ මචෝ. උබලගේ සැලකිල්ලත් මම ඉහෙන් පිළිගන්නවා. මේක ලිව්වේ කලබලෙන් බන්. අයෙත් මේ පැත්තෙ වරෙන් හොඳේ..

      Delete
  6. Anand samarakoon was the music teacher in mahinda college

    ReplyDelete
    Replies
    1. Sorry Thusitha. I should mention Mr. Ananda Samarakoon's name. But unfortunately I just forgot his name and thanks for reminding his great name. Respect.. and thanks for the comment.

      Delete
  7. කලින් ලිපියේ රිදම් එක ගනින්...

    අපිත් ඒ කාළේ වෙස්ටර්න් බෑන්ඩ් හොයාගෙන යන පිස්සෝ.. ඒ කාළේ කොළබ ජනප්‍රියම තරු තමයි මනිලාල්, නොයෙලීන්, ඩැල් රීන්, සොහන්, ඩෙස්මන්ගේ පුතා එහෙම, ගෲප් ෂෝ හැම වීකෙන්ඩ් එකකම වගේ තිබ්බා විහාර මහා දේවී පෙපන් එයාර් තියටර් එකේ. ඇපල් ග්‍රීන්, මිරාජ්, පර්පල් රේන්, මිරාජ් වගේ තා ඒවා තිබ්බා.

    කොහොම හරි කාළකන්නි 83 න් පස්සෙ ඕවාට කෙළ උනා.. ඊට පස්සෙ අපේ මලයා අපේ ගෙදර ගෲප් එකක් පටන් ගත්තා.. ඒකේ හිටපු දෙන්නෙක් තමයි.. දයාසිරියි කිත්සිරි ජයසෙකරයි... තා එකෙක් ඉන්නවා මොකක්ද ගෲප් එකක මට නම මතක නෑ.. මම දෙකක් දාගෙන ආවම බලෙන් මයික් එක අරගෙන ජිප්සීස් සුනිල්ගේ ඒවා, නිහාල් අයියගෙ ඒවා, ඇනටන් ජෝන්ස්ගේ ඒවා කියනවා... අරුන් දෙකක් තුනක් ගහලා වැඩේ නවත්තලා දානවා...

    එළකොල්ලෙක් නේ බලාගෙන ගියාම...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++

      ////ඇපල් ග්‍රීන්, මිරාජ්, පර්පල් රේන්, මිරාජ් වගේ තා ඒවා තිබ්බා. ///////

      මාතා.....මේවගේ ප්ලේ කරපු ගොඩක් අය අද ලෝකෙ වෙන රටවල පදිංච් වෙලා ඉන්නවා. ඔය කාලේ උන්ට මරු ඩිමාන්ඩ් එකක් තිබුනා. ඇපල් ග්‍රීන් හිටියෙ කොලොන්නාවේ සෙට් එකක්. රොහාන් මෙන්ඩිස් (වාඩිවෙලා ප්ලේ කරේ ). උදය වැලිකල. බොබි, තව මැලේ කොල්ලෙක් නම මතක නැහැ.

      බෙන්ජි රණබාහු, චිත්‍රාල්, රාජු බහුඩීන්ලා, ඩිරාන් සබාරත්නම්, සුදූ ගුණසේකර තාම නමින් මතකයි. ඒ කාලේ ඕවට ගිහිල්ලා හෙන සොමි ගත්තා.

      මනිලාල් ඇන්ඩ් උපේඛා මතකද....තව බොහොමයක් තියෙනවා මාතා.

      රැට්ල් ස්නේක්ස් කියලා මරු රොක් ගහපු සෙට් එකක් හිටියා. රෙගේ ගහපු සෙට්ස් හිටියා. එක පාරක් ගාල්ලෙත් තිබුනා අසූ ගනන්වල මරු රෙගේ සීන් එකක්. මගේ මතකය නම් ඒක තමයි ගාල්ලේ තියපු ෆස්ට් රෙගේ ඕපන් ශෝ එක. කොලඹ පවා පෝස්ටර් ගැහුවා.

      ටික්කා උඹ නම් පොරක් !!!!

      Delete
    2. මාතේ අයියේ සහ අරුණ අයියා වෙත.

      මාතේ ඔහේ කියන්නේ අර ජයසේකරලා කියන්නේ ඇමති දයාසිරි සහ එයාගේ මල්ලි හෝ අයියා නම් උබට ගොඩක් හොඳ ඉතිහාසයක් තියෙන ඩයල් එකක්.

      ඔයාල දෙන්නටම එක්ක මම මේ කොමෙන්ට් එක දිගට ලියන්නම්. මොකද අරුණ අයිය මම ලියන්න ගිය කොමෙන්ට් එක මාව තවත් ඉස්සරහට අරන් ගියා.

      FRIENDS කියන බෑන්ඩ් එක තමයි (මම දන්නා කාලේ) TV වගේම කැසෙට් එකෙන් යම්කිසි අමුතු දෙයක් ඉන්ග්ලිෂ් සංගීතෙට ලංකාවෙන් කලේ. චිත්‍රාල් සෝමපාල. මට ඔහුව 1999 දී yahoo සිංහල chat රූම් එකේදී seventh rocker කියල සෙට් උනා. බුවා මටයි ඒ දවස්වල USA වලින් ඇවිල්ල හිටිය සිංහල කෙල්ලෙකුට private ඇවිල්ල ගිටාර් එක ගගහ සින්දු කිව්ව. පස්සේ දවසක 2002 දී TNL ON STAGE එකට ලංකාවට ආව දවසේ මම හම්බුනා.

      ඒ වගේම RATTLE SNAKE හික්කඩුවේ WHY NOT එකේ 1995 සිට 1997 දක්වා හැම thursday night සහ 31st reggae night ප්ලේ කළා. අපිත් නොවැරදීම ගිය. ඔවුන් තමයි ජය ශ්‍රී ට දෙවෙනි වෙන එකම reggae බෑන්ඩ් එක.

      ඒ වගේම classic රෝක් මියුසික් වල "final count down - europe , eye of the tiger - surviver , money or nothing - dire straits, Play that funky music white boy - james brown" සින්දු RATTLE SNAKE ල කනේ තියාගෙන ගැහුවෙ. සමහරක් වෙලාවට මම උන්ගේ lead singer ගාවට ගිහිං අනේ අයියේ අර සින්දුව ගහන්න මේ සින්දුව ගහන්න කියල ඉල්ලුවහම කිසිම ලොකු කමක් නැතුව play කරනව. මොකද උන් දන්නවා අපේ ගැන්සිය ගාල්ලේ ඉඳල එන්නෙ උන්ව බලන්න කියල. ඒ වගේම bob marley ගේ "roots rock raggae" සහ "Play that funky music white boy - james brown" ගහන්න කියල ඉල්ලපු ගානවල් ගණන් කරන්ට බැහැ. ඉතින් අපිත් පිස්සෝ වගේ නටනව. මට තවමත් මතකයි Play that funky music white boy සින්දුවට කිව්වේ Play that fucking music white boy කියල. මම ඉල්ලුවෙත් එහෙම කියල. අන්තිමට එයාල කිව්වෙත් එහෙමයි.

      ගොඩක් නයිට් වලට අපි කරන්නෙ එයාලගේ break එකේදී අපේ joint එයාල එක්ක ගහන එක. අපිට නැති දවස්වල අපිටත් දුන්න මතකයි.

      ඒ වගේම "ජය ශ්‍රී" රෝහිත රොහාන් ඩබල අදටත් මගේ හොඳම යහළුවන්. උනුත් කිසිම ලොකු කමක් නැති මිනිස්සු. හැබැයි අරුණ ගියාට පස්සේ එයාලගේ සිංහල සින්දුනම් ගන්න දෙයක් නැහැ. මොකද අරුණ තමයි ඔක්කොම වගේ සිංහල සින්දු ලිව්වේ.

      මට හෙන දුකයි අයියේ ඇයි ඔහෙලා අපි වයසට යන්නෙ කියල. මම කවදාහරි TIME MACHINE එකක් හදපු දවසට ඔහෙලා දෙන්නවයි මගේ ගාල්ලේ ඔක්කොම යාළුවොයි කරකවල ගෙනියනවා 1995 හේ why not එකට අම්මප..

      ඒ... ඔහෙලා මාරයි ඕයි ...!!!

      Delete
    3. ටිලාන්....ලොකු අතීතයක් මතක් වෙනවා. කැන්සර් කියලත් රොක් බෑන්ඩ් එකක් තිබුනා. චිත්‍රාල්ගෙ අයියායි මායි එකට වැඩකරේ. මම උන්ගේ ගෙදර බහිනවා. චිත්‍රාල් එතකොට ඉස්කෝලේ යනවා. රෝහිත, රොහාන් ඩබලගේ ලොකු නංගි සහ ෆැමිලි එක මෙහේ හිටියේ ගොඩක් කල්.අපි නිතර සෙට්වෙනවා. නොයෙල් රාජ් බැඳලා ඉන්නේ එක නංගි කෙනෙක්. උන් හිත හොඳ ඩයල් බව හිතාගන්න පුලුවන්.

      RATTLESNAKE 1987 ITN ( Knockin' On Heaven's Door)

      Delete
    4. අරුණ අයියේ. බොහොම ස්තුතියි හොඳේ. ඔහේ මට නම මතක් කළා RATTLE SNAKE බෑන්ඩ් එකේ thilak dias අයිය. 90's වලත් කැප් එක දාගෙන lead එක හරි rythem එක ගහන් හිටපු මනුස්සය. අර චිත්‍රාල් එක්ක chat කල දවස්වල චිත්‍රාල් අයියත් මට දැන් මතකයි තිලක් ගැන ඇහුව. බෙල්ල සාක්කුවේ දාගෙන බොහොම අහිංසකව ලොකු කමක් නැති මනුස්සය. ලංකාවේ හොඳම ගිටාරිස්ට් කෙනෙක්.

      1995 වලදී වයසක උනත් එකට එක මල්ලීලා කියාගෙන අපිට කතා කල උදවිය.

      why not කුඩු කලාට පස්සේ vibration පටන්ගත්ත. අර bongo ගහන සෙට් එක. (මගේ ළඟ bongo cd එක තියේනව අදටත්, ඔයාගේ email එක එවන්ට. මම mail කරන්නම්.)

      ඔයා දන්නවද ඔය knocking on heaven's door කියන සින්දුව අදටත් ගිටාර් එක ගහන ගමන් guns n roses version එකෙන් කියන්න තරම් පුළුවන් කමක් තියෙනව. ක්ලැසික් විදිහට නෙමෙයි රොක් වර්ෂන් එකෙන්.

      මම සංගීතයෙන් අයින් වෙලා අවුරුදු ගණනාවක් වෙනව. :( සින්දු කියන එක කාලයක් ජිවිතේ එක අංගයක් වෙලා තිබුන.. :(

      Delete
    5. papuperera@gmail.com

      උඹ හොඳ සින්ගින් ටැලන්ට් එකක් කියලා හිතනවා. උඹේ එක්ස් ෆැක්ටර් ලින්ක් එකක් තියෙනවා නම් එවපන්. සංගීතයෙන් අයින්වෙන්න එපා. ඒක අපරාධයක්.

      Delete
    6. ඔන්න අරුණ අයියේ.. ඔහෙට එව්වා බොංගෝ සෙට් එක. ප්‍රීති ප්‍රීති. ඔව්ව අහන්ට ඕන දෙකක් දාල ඉන්න වෙලාවක. :D

      Delete
    7. ඔය කිව්ව ඈයො කවුරුත් දන්නෑ.. හැබැයි පට්ට ආසාවෙන් කොමෙන්ට් ටික කියෙව්වෙ. ටික්කා.. උඹ මියුසික් ගැන ලියන්නම ඕනෙ.අපිට තියනවා පොඩි පොඩි ප්‍රස්න එහෙම අහන්න.. උඹ තමා ඩයල් එක.
      ඒක නෙමෙයි.. වැඩිය කඩ්ඩ අහන්නැති ගස්ලබ්බගෙත් පට්ට ප්‍රියතම සිංදුවක් වෙච්චි knocking on heaven's door කියන්න නම් ලේසි පාසු පුතයෙකුට නම් බෑ.. ඒ කියන්නෙ... අපට ඉල්ලමක් පෑදිලා ඉන්නෙ.

      Delete
    8. ගස් ලබ්බෝ.....මේවා ගැන ලියවෙන එක කතාවෙන එක හොඳයි. මාර කතා ටිකක් තියෙනවා බං ඔය කාලේ ජීවත්වීම පිලිබඳව. උඹ නිකන් ඉන්න ගමන් 70-80 රොක් මියුසික් ඇතුලු ඒ වටපිටාව අධ්‍යනය කරපන්. අති සුන්දර කාල පරිච්ඡේදයක්. කරුමෙට උඹලව මිස් වුනා. මේක ගොන් ආතල් ටෝක් එකක් නෙමේ . ඒත් ඇත්ත කතාව. ඔය කාලේ මම බම්බලපිටියේ කාමරයක් අරන් හිටියේ. පිස්සුම ලෝකයක්. මෙතන ලිව්වොත් මගේ කතාව ලියන්න බඩු නැතිවෙනවා :D

      Delete
    9. https://www.youtube.com/watch?v=U9w82xtqVjo

      https://www.youtube.com/watch?v=ertMdRKT2YQ

      https://www.youtube.com/watch?v=CveJzwL3QDU

      https://www.youtube.com/watch?v=VL7OnWWAlxc

      https://www.youtube.com/watch?v=TRdwMdML5hI

      https://www.youtube.com/watch?v=YGWY_LlIiVs

      Delete
    10. ඈ මාතෙ අයියේ. පලවෙනි දෙවෙනි ලින්ක් දෙකම දෙසැරයක් බැලුවේ ඒ උබනද කියල. G FERNANDO නම් ඇරපු අතක් නෑ උබ වගේමයි. 😳..

      අපරාදේ බන් මුං ෆේඩ් වෙලා ගිය එක.

      දුක් සීන් එක කියන්නෙ මගේ කොමොපියුටරේ kernal panic attack එකක් ඇවිත් හිකිලම ගියා.

      ඩේට ඔක්කොම චකබ්ලාස්ට්. ඒක උස්සන් ඇපල් ස්ටෝර් එකටම යන්ට වෙනව. මේ සතියේ ෆක් ද පොලිස් පොස්ට් එක ලියන්න වෙන්නේ නැත.. 🙈

      Delete
    11. අඩේ මටත් අර බොංගො සෙට් එක එවපංකො.

      Delete
    12. මම දැනටමත් ට්‍රයි කළා කසුන් ෆෝන් එකෙන් එවන්ට. ඩේට ප්‍රශ්නයක් නැති උනත් එව්ව තියෙන ඊ මේල් ටික ෆෝවඩ් කරන්ට ටිකවෙලාවක් යනව. මම සඳුදා ගෙදර ගිහිල්ල එවන්නම්. wi-fi වලින් ලෙහෙසියි. දැනටමත් එකක් එව්ව මචෝ.. 👍🏽

      Delete
    13. කසුන්..!! ඔන්න උබට ඔක්කොම බොන්ගෝ ටික ඊ මේල් කළා හොඳේ.. 👍🏽

      Delete
    14. මාතේ කමියා ලොකු පුතා ඉයන් චෙපා ඉවාන් අටමා ප්‍රා කියන්නේ මනුස්සකම් දන්න බොක්ක හොද එවුන්..
      මොන තරම් යාලුවෝ හිටියත් බිලා තිබුනත් ඔය උඩ සෙට් එක එක්ක සෙට් උන දවස් දෙක තුන තරම් අරක්කුවල රහක් දැනිල නැහැ වෙන කිසිම දවසක ..ඒ තරම ඔය සෙට් එක හොදයි ...
      මාව දැකපු ගමන් චෙපා අහන්නේ "අඩෝ මෙන්ඩ කෝ උබගේ අලුත් ප්‍රඩක්ට් එකෙන් මට පැන්ටියක් ගෙනාවද කියලා ඌ ට එක දුන්නහම් පරිස්සමට අරන් තියා ගන්නවා (ඌ ත පැන්ටි ලොරියක් ගන්න සල්ලි ඇති එත් උ මට දෙන්නේ වටිනාකමක් )
      මාතේ ලගට කතා කරලා රස්සාවේ විස්තර අහලා හිත හැද්දෙන්න වචනයක් දෙකක් කියන්වම්යි
      ප්‍රා මම කැමති සුරුට්ට්ටු පැකට් එකක් අරගෙන එනවාමයි ...
      උබයි අරුනයියන්ඩි එක්ක අඩියක් ගහන්න අසාවෙන් ඉන්නවා ...මගේ ගෙදර වරෙන් තියන විදිහට බත් කටක් කළා යන්න දෙන්නම
      සදුත් මම වගේම මගේ යාලුවෝ එක්ක බොක්කෙන් ...
      ගොඩක් උන් අපේ ගෙදර ඇවිත් කුස්සියට ගිහින් බෙදාගෙන කළා තියනවා

      Delete
    15. මෙන්ඩා, උබ ඇතුළු උඩ ඉන්න සෙට් එකම ගැන ලොකු රෙකමන්ඩ් එකක් තවත් බ්ලොග් එකෙක් මට දීල තියෙනව. ලබන අවුරුද්දෙ මැද වගේ ඩෙෆා ඇවිත් යන්න එනව ඒ වගේම උබ ඇතුළු නඩයත් අනිව සෙට් වෙන්නම්.

      උබ මේ මොනවා කතා කරනවද බන්. මම අද කෑවෙත් බතුයි පරිප්පුයි අමු මිරිස් කරල් දෙකයි ළුණු කෑලි කිහිපයකුයි. ඒවයේ තියෙන ආතල් එක ගන්න බැහැ බන් ලෝකෙ කොහේ හිටියත්.

      ඇඳුමෙන් පිටින් කොහොම හිටියත් මමත් උබල වගේ පොලවේ පය ගහල තමයි ලොක්ක ඉන්නෙ. පඩත් නෑ ෂෝ එකත් නෑ. අපායට ගියත් ඉන්නෙ පය 24 ම හිනා වෙලා.. 😜

      Delete
  8. ගස් ලැබ්ස් මචෝ. උබ ඔය කිව්ව සින්දුවයි Eric clspton - wonderful tonight සිංදුව ගිටාර් එකෙන් ගහන්නයි මහලොකුවට ගිටාර් ගහන්ට පුරුදු වෙන්ට ඕනි නැහැ. simple බේසික් කෝර්ඩ් වලින් යස අගේට ගහන්ට පුළුවන්.

    https://www.ultimate-guitar.com/

    වලට පලයන්. ලෝකේ ඕනෑම සින්දුවක ඕනෑම කෝර්ඩ් එකක් ගිටාර් එකේ කම්බි වලට ඇඟිලි තියන හැටියෙ ඉඳල නොමිලේ ම පෙන්නල දෙනව. ලොකු දේවල් නෙමෙයි මචෝ.

    ට්‍රයි ඇන්ඩ් ට්‍රයි. ඩෙෆෝ යු කැන් ෆ්ලයි.. 👊🏽

    අහපන් ඕන දෙයක් මචෝ. පුළුවන්නම් ඕනි හෙල්ප් එකක් දෙන්නම් කියන්නම් ලියන්නං 👍🏽

    ReplyDelete
    Replies
    1. එල.. මේ කතා අස්සෙ වැටිච්ච ලින්ක් එක්ක පට්ට ආතල් එකක් ගන්නෙ මේ දවස් වල.මරු බං.. මේ සිස්ටම් ඔෆ් අ ඩව්න් බලන්න ගියාම ලංකාවෙ කොල්ලෙක් මතක් කොලා කියපන් හරිය.. විකියෙ ගහ ගහ ගූගල් කර කර ඉඳන් උන්ගෙ සිංදු වල තේරුම් තේරුම් ගන්න ට්‍රයි කොලේ.ස්ලෑන්ග්ස් ගැන අයිඩියා එකක් නැතුවා මිසක පොඩි අදහසක් ගන්න ඇහැකි.ඒ වගේ සෙට් ස්ටේජ් වලට බර නෑ.

      Delete
    2. මමත් System Of a Down වලට ෆුල් ම ඇඩික්. ඉස්සර මදුර ඩික්ෂනරිය ඉන්ස්ටෝල් කරන් උන්ගේ සිංදුවල තේරුම හොයන්න උබ වගේම දරුණු කට්ටක් කෑවා 😂 මට මිස් උනේ උන් විතරයි. මේ අවුරුද්දෙ UK ටුවර් එකකට System Of a Down එනව JULY වල. ඒත් බිසී නිසා ලබන අවුරුද්දෙ යනව. මම ගත්ත හොඳම ආතල් එක තමයි marilyn manson ෂෝ එකකට ගිය දවස. දැනුත් නිකං පිස්සු වගේ බං. ඌ නම් දුන්න සැපක් කියන්නෙ ගෙදර ආවෙ බෙල්ල අතේ අරං.

      මම ෆෙස්ටිවල් ගිහිං ගත්ත එක එක අයිටම් ඔක්කොම එකතු කරල ලංකාවට එව්ව. ලබන සැරේ ගිහින් එනකොට උබටත් මොනවහරි ගන්නම්. 🤘🏽

      Delete
    3. කේම්බ්‍රිජ්වල ස්ට්‍රෝබෙරි ෆෙයාර් එකත් පොඩි ආතල් එකක් ටිලාන්.

      Delete
    4. ෂා අරුණ අයියේ.. ෆුල් කන්ට්‍රි සයිඩ් ටයිප් ක්ලැසිකල් ෆෙයා එකක් නේ. පංකාදුයි..!! 🍓 පාට නංගිලාත් ගොඩායි 😊 👍🏽

      Delete
  9. ඔය කියන කාලේ මටත් ලාවට රොක් පිස්සුවක් තිබ්බ, තාලෙකට නිසඳසක්වත් කියන්න බැරි මං අහං ඉන්න එවුන් ගැන හිතල සිංදු කියන්න ගියේ නම් නැහැ, ඒත් ඔය කාගේ හරි පැත්තක ගැරඬින්ගෙන් කරදර තියනවා නම් මට කියන්න උදව් කරන්නම් :)

    U2, G&R, Creed, Bon Jovi,Brian Adams වගේ බෑන්ඩ් තමා මගේ නම් ප්‍රියතම අය උනේ ... රෙගේ පැත්තෙන් නම් BM සහ ඉන්නේර් Circle :)

    ReplyDelete
    Replies
    1. හේ හේ 😂.. ඔහොම කියන්ට එපා බං. බාත් රූම් එකේ නාන කොට කියන සින්දු සුපිරි ගායකයෝන්ටවත් කියන්න බැහැ,

      මටත් 2000 න් පස්සෙ දරුණු හෙවි මෙටල් පිස්සුවක් හදුනා. ඒක කෙලවර උනේ නිර්වාණ පච්චේකුත් ගහගෙන සහ 2016 වෙනකොට marilyn manson, lamb of god, inflames, apocalyptica, slipknot, muse. A day to remember, slash යන සියළුම හෙවි මෙටල් යක්කු ටික සියැසින්ම දැක බලාගෙන. ලබන අවුරුද්දෙ system of a down බලන්න ඉන්නව හිටං 🤘🏽

      Delete
    2. අම්මට හුඩු කොල්ල දැන් Hardcore පැත්තට හැරිලනේ හිටං !

      Delete
  10. තිලාන් ආතල් කියන්නෙ මේ ටික්ක එහෙනම් ඈ!

    අඩේ උඹ එල පොරක්නෙ අයියෙ. සින්දු කියන එකනම් නවත්තන්න එපා ගොයියො. ආයෙ පටන්ගනිං.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ කසුන්. මේ ටික්කත් ඒ ටික්කත් ඇර අනිත් ටික්කා..😂..

      තෑන්ක් යූ උබේ රික්වෙස්ට් එකට. දැන් ඉතිං සිංදු කියන්න වෙන්නෙ බිත්තිය දිහා බලාගෙන තමයි හිටං 😂.. ලංකාවට ආව දවසක සද්දයක් දාමු හොඳේ 👍🏽

      Delete
  11. Replies
    1. තෑන්ක් යු ප්‍රා ජේ.. 🙃👍🏽

      Delete
  12. ස්ටේජ් එක උඩ ඉන්නකොට අපේ සංගීතයට පහල මිනිස්සු සන්තොසවෙන හැටි දැක්කාම දැනෙන සන්තෝසේ සල්ලිවලට ගන්න බැහැ ටික්කො.. ඒ වාසනාව හැමෝටම ලැබෙන වාසනාවක් නෙවෙයි.. ඒක ලබන්න මමත් පින් කරලා තිබ්බ..අදත් හෙටත් සිංදු ලක්ස කෝටි ගණන් වලින් නිර්මාණය වුනත් හැත්තෑව දශකයේ සංගීතය තව සත්වර්ෂ ගණනක් ඉදිරියටත් කල් ඉකුත් වෙන එකක් නැහැ..

    උඹ සගීතයෙන් සමුගත්ත කියන කතාව මම හිතන්නේ වලංගු නැහැ කියලයි.. සංගීතය එක්ක ජීවත්ව එච්ච මනුස්සයෙකුට කවදාවත් සංගීතයෙන් සමුගන්න බැහැ.. ඒක හරියට කුඩු ගැහුවා වගේ වැඩක්.. එහෙම බැලුවාම මමත් 2016-12-31 වෙනිදා අන්තිම පාර්ටි එක ප්ලේ කරල සංගීතයෙන් සමුගත්ත.. රස වින්දනයක් නැති නැති උදවිය එක්ක කණ්ඩායම් සංගීතය කරන්න හරි අමාරු නිසා මමත් සමුගත්ත.. ඒත් සංගීතයෙන් නෙවෙයි..රස වින්දනයක් නැති මිනිස්සුන්ගෙන්.. අවුරුදු හතරක් ඩොලර් වලට යට වෙච්ච රසවින්දනය මේ වතාවේ නම් බාල්දු කරන්නේ නෑ නෑ නෑමයි කියන තීරණේ තමා මේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ගොඩයෝ..!!

      \\..ස්ටේජ් එක උඩ ඉන්නකොට අපේ සංගීතයට පහල මිනිස්සු සන්තොසවෙන හැටි දැක්කාම දැනෙන සන්තෝසේ සල්ලිවලට ගන්න බැහැ ටික්කො.. ..//

      මේ ටිකටනං මම පට්ට මනාපයි.

      කවුද බන් දන්නෙ උබත් මියුසික් කරනව කියල. සන්තෝසයි මචෝ. එකෙන්ම. බොක්කෙන්ම. 👊🏽

      ඔය උඩ ඉන්න ෆොටෝ එක තමයි මම අන්තිමට ප්ලේ කල ඉවෙන්ට් එක.

      උබ 1000% හරි. මම අපි ඉස්කෝලෙ යන කාලෙ මියුසික් කලේ ආසාවට. සල්ලි වලට නෙමෙයි.

      ඒත් මෙහෙදී 2011 වෙනකොට Pioneer cdj 1000 mk-3 digital turn tables එක්ක sounds lights ඔක්කොම එකතු කරපු සල්ලි වලින්ම අරං වැඩේට බැස්සහම තමයි සිරි ලංකාවේ සක්කිලියොන්ගේ නියම හෙළුව දැක්කෙ. 2014 වෙනකොට ඒකෙ උපරිමය අත් වින්දා. සුද්දෝ සුද්දියෝ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

      මම අරාබියේ ඉන්නකොටවත් අම්මප මම දැකල නැහැ මෙහෙම සක්කිලි මිනිස්සු.

      හැම සිංහලයම එහෙම නොවෙන්න ඇති. ඒත් මට හම්බුන හැම එකාම එහෙමයි.

      (මම අහල තියෙන විදිහට අරුණ තුමා බොහොම හිත හොඳ මිනිහෙක්. ඒකනේ ඒ වගේ මිනිස්සු සද්ද වහල බොහොම පාඩුවේ තමන්ගේ විදිහට ජිවත් වෙන්නේ..)

      කොච්චරටම සිංහල ඇවුන් එපා උනාද කියනවනම් බඩු ටිකත් ඔක්කොම විකුණලා දාල ෆෝන් නම්බර් එකත් මාරු කරල ෆේස් බුක් එකත් වහල ආවෙ ආයෙ සිංහල කිසිම මිනිහෙක් එක්ක වාඩි වෙලා බස් එකකවත් යන්නෙ නැහැ කියල වෙන ජොබ් එකකුත් හොයාගෙන සිංහල මිනිස්සු නැති තැනකට ඇවිල්ල පාඩුවේ රස්සාව කරගෙන ජිවත් වෙනව.

      මම උබටත් කියන්නෙ මචෝ සල්ලි තියෙනවනම් උදව් කරන්න ඕනි කියල හිතෙනවනම් එව්වා කරපං දෙමව්පියන්ට සහෝදරයන්ට හරි ලඟම මිතුරන්ට. නැතිව වැඩි පුර සල්ලි තියෙනවානම් පුච්චලා දාපං. ඔය පාස්පොර්ට් මිතුරන් එක්ක ඇසුර බොහොම භයානකයි.

      මම කිසිම මිනිහෙක් ආශ්‍රය කරන්නෙ නැහැ. කිසිම මිනිහෙක් කියන්නෙ කිසිම මිනිහෙක්. මොකද අපේ හිත හොඳ කම තව එකෙකුට මෝඩ කමක්. මොකටද බං මිනිහෙක් ආශ්‍රය කරලා හරි කරුණාවන්ත වෙලා හරි හිත හොඳ කමට හරි මෝඩයෙක් වෙන්නෙ?? නැද්ද..? 👊🏽

      ඕකේ මචෝ. ඊළඟ පොස්ට් එකෙන් හම්බ වෙමු. !!!
      👍🏽

      Delete
    2. උඹට සෑහෙන්න හිත රිදීම් තියන හැඩයි ... සැලෙන්න එපා බං, උන්ට ඕන හුයන්නක් කරගන්න කියල Fuckitol එකක් ගහල තමන් යන පාරේ පලයන් !

      එහෙමෙ නොකෙරුවොත් උන් දිනුම්, ජයෙන් ජය !

      Delete
    3. කන්ඩා.. ඔය කියන හිත් රිදීම් රිදිලම ඒවා ගෙවිල වැඩ කරන්නෙත් නැහැ දැන් 😂..

      මම ඉන්නෙ මගේ තියරියට. ධනාත්මක චින්තන උත්සායහ පව් පිං ආගම දහම ඔව්ව ගඩ් ඩෑම් බුල් ෂිට්. පුළුවන්නම් පුළුවන්. බැරිනම් බෑ. ආයෙ ට්‍රයි කිරිලිත් නෑ. කන්න තිබ්බොත් කනව. නැත්නම් නිකං ඉන්නව.

      කවුරුහරි කිව්වොත් You should do this, you should do that කියල, මම කියන්නෙ you should fuck off කියල.

      උබ කරන දේ තව කෙනෙකුට හානියක් නැතිනම් ඒ වෙලේම ඒ දේ කරපං. 👊🏽

      Delete
    4. මම ඉන්නෙ මගේ තියරියට. ධනාත්මක චින්තන උත්සායහ පව් ///පිං ආගම දහම ඔව්ව ගඩ් ඩෑම් බුල් ෂිට්. පුළුවන්නම් පුළුවන්. බැරිනම් බෑ. ආයෙ ට්‍රයි කිරිලිත් නෑ. කන්න තිබ්බොත් කනව. නැත්නම් නිකං ඉන්නව./////////////

      ////උබ කරන දේ තව කෙනෙකුට හානියක් නැතිනම් ඒ වෙලේම ඒ දේ කරපං//////////

      +++++++++++++++++++++++++++

      Delete
    5. අරුණ තුමෝ..
      ඔබ සහ මාතලන් කියන්නෙ මේ බ්ලොග් එකේ වැඩිමහල් අයගෙන් ගරු කරන එකම දෙන්න. (අටම සහ සමකාලිනයන් ට ඇත්තේ සහෝදර ගරු කමක් හෙවත් බ්‍රදර්ලි ලව් එකක්) ඔහේට මම ගරු කරන්නෙ අම්මගේ වැඩිමල් සහෝදරයෙක්ට වගේ (උන් එකෙකුටවත් මම ගරු කරන්නේ නැත, ඔබ හැර) වගේම මාතලන්ට ගරු කරන්නේ අම්මගේ බාලම මලය බේබි මාම (මුන් දෙන්නම එකම වයසෙ, ඔහු තමයි මම ගරු කරන එකම කෙනා) ට වගේ.
      ඔබ තුමා highlight කල හැම දෙයක්ම සාමාන්‍යයෙන් මිනිස්සු පිළිගන්ට කැමති නැති තිත්ත ඇත්ත. මට සන්තෝසයි ඔබගේ මේ පිළිගැනීමට. (හැබැයි ඔබතුමා ලියන්නේ නැති එක ගැන මම අමනාපයි හොඳේ.. විහිළුවට කිව්වේ)
      ඔය පිළිගැනීම මට හෙන ෆිට් එකක් තවත් ලියන්ට.
      ස්තුතියි හොඳේ..!!

      Delete
    6. ////ඔබතුමා ලියන්නේ නැති එක ගැන මම අමනාපයි හොඳේ//////

      "ඔබ තුමා"....උඹ $%£න් :
      මම හැම සුමානේම අරූගේ අඩවිය කියන පල්හෑල්ල ලියනවනේ කොල්ලෝ.

      Delete
    7. අරූ තුමෝ. "ඔබ තුමා"...."උඹ $%£න් :" ඒකත් ඕන මගුලක් ප්‍රීති වෙසක් කියමුකෝ... යකෝ අයියේ ඔහේගේ පරණ පොස්ට් සති දෙකකට කලින් වෙනකන් කියෙව්වේ http://arugeadaviya.blogspot.co.uk කෙන් කියහන්කෝ.

      කවුද දෙයිහාමුදුරුවනේ දන්නේ ඔහේ https://arugeadaviya.wordpress.com මෙහෙම එකක් ලියනවා කියල හිටන්.

      මම මේ Saturday night සම්පුර්ණයෙන්ම වෙන්කරනව ඔහේගෙ පොස්ට් ටික කියවන්ට.

      මට කොහොමද මේක මිස් උනේ කියලයි මම කල්පනා කලේ..!! මාෆි මොක්.. innit..!!??

      sometimes my මොක් කර්බාන් අරුණ මුදිර්.. :D

      Delete
    8. මම බ්ලොගර් එච්චර ප්‍රිය නැහැ. මම වර්ඩ්ප්‍රෙස් බුවානේ බං. ඔය ශුක්‍රාණු අටමා තමයි මාව බ්ලොගර් සීන් එකට ගෙනාවේ. මම ටික දොහකින් මගේ පැලට ආපහු ගියා. වර්ඩ්ප්‍රෙස් එකේ කියවපන්. කමෙන්ට්ස් එක්ක කියවපන්. ඒ කමෙන්ට්ස් හරි රසවත්. හැබැයි කියවලා ඉවරකරන්න සෙනසුරාදා කීපයක් සමග බෝතල් කීපයක් ලඟ තියාගනින්. දහස් ගනන් කමෙන්ට්ස් ඇති.

      Delete
    9. අම්මටහුඩු. ඇත්තනේ අරුණ තුමෝ.. මට හොඳ කෑමක් හම්බුනා වගේ අප්‍රමාන සන්තෝසයි මට 🙏 🙃. මොකද සෙනසුරාදා රෑ මගේ official බ්ලොග් කියවන දවස. මොකද මම blogspot එකේනෙ වැඩ.. 🙈

      හා ද..?? 😂

      Delete
  13. මෙ ටික්ක කියන්නෙ සංඝමිත්තෙ ඉස්සහරහ ගෙදර හිටපු ටිලාන් ද..???
    සංඝමිත්තපුර ග්‍රොසරියට අල්ලපු වැටේ....?

    ReplyDelete
    Replies
    1. ඔබට වැරදීමක් වෙලා තත්සර. මම දෙහිඅත්තකණ්ඩියේ ටික්කා මිසක් සංගමිත්ත ඉස්සරහ හිටිය ටික්කා නෙමෙයි.

      Delete
    2. ශුවර්ද...?
      ඉස්සර අපේ ගෙවල් පැත්තේ නිතරම ආව ගියපු මනුස්සයා නේ.... මූන නම් වැඩිය වෙනස් වෙලා නෑ වගෙ....

      Delete
    3. හේ හේ තත්සර මලයෝ..! 😁.. මමත් මේ කල්පනා කලේ ඒ හිටිය පොඩි එකාද මේ කියල. ඔව් ඔව් මේ ටික්ක ඔයා කිව්ව ඒ ටික්කම තමයි. 🤘🏽

      Delete
    4. හුකෑස්.... ඔව් ඒ පොඩි එකා තමයි..... :D :D :D
      කොහොමෙයි ඉතින් ජීවිතේ..??
      Mail me if u can
      tgunathilaka119@gmail.com

      Delete
  14. උබ යක්කෙක් ...
    වැඩිය විනීත විදිහට ලියන්නත් එපා උබගේ විදිහට අත පය දිග ඇරලා ලියපං

    ReplyDelete
    Replies
    1. උබ හරි බන්. මේක උනේ ලිවිල්ල පොඩ්ඩක් පිළිවෙලක් කරන්ට ගිහින්. ඊළඟ එක පාරෙ භාෂාවෙන්න ලියන්නම් මචෝ.. 👊🏽

      Delete
  15. ගෙදරින් තරහා වෙලා ගිහින් උසස් පෙළ කරන කලේ නුවර බස් ස්ටෑන්ඩ් එකේ පැය දෙකක් තුනක් සින්දු කියලනම් තියනවා
    සංගීතයට ආදරය කරන එවුන්ගේ බොක්ක හොදයි බන් ඒක තමයි ඇත්ත

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ මෙන්ඩා උබලත් අරන් තියෙන සුපිරි ආතල්. තව මොනාද බන් ඉතින්. ඔව්ව තමයි අපි වයසට යනකොට ඒ කාලේ හම්බ කල දේවල් වගේ ඉතිරි වෙලා තියෙන්නෙ.

      ඉස්සර මමත් ගෙදර අවුන් බය කරන්ට කියල තියෙනව මම ගෙදරින් පැනල යනව කියල. එතකොට අම්මනම් ගානක් නැතිව කියන්නෙ "තොට පැනල යන්න ඕනනම් ඇයි කිය කිය ඉන්නෙ? පලයන්කෝ..?? උබ වැඩිම උනොත් දවසක් ඉඳියි. ඒක නිසා බැරි වැඩ නොකර ගෙදරට වෙලා පොතක් පතක් බලන් පාඩුවේ හිටහන් මගෙන් මුකුත් අහගන්නෙ නැතිව" කියල.

      🤣🤣🤣🤣🤣

      හැමදාම මම කුජීත වෙනව බන්..😜

      Delete
    2. බස් සට්න්ඩ් එකේ සින්දු කියලා මාරු කාසි වගයකුත් සාක්කුවේ දා ගෙන හවස ගෙදර අවා (එතන හිටපු එවුන් ගෙදර යන්න කිව්වා ...) තාත්තා ටි වී බලනවා අම්මා උයනවා නංගි පාඩම් කරනවා ...ගෙදර එකෙකුටවත් ගානක් නැහැ මම පැනලා ගියා කියලා අන්තිමට මමම කිව්වා
      මම ගෙදරින් පැනලා ගියා කියලා
      තාත්තා ඇහව්වා "ආ...උබ පැනලා ගියාද ????අපි දන්නේ නැහැනේ කියලා

      Delete