Tuesday 7 February 2017

චන්ද්‍රා බෝඩිම, අමරදේව සහ Me, Myself and I





චන්ද්‍රා බෝඩිම, අමරදේව සහ Me, Myself and I

මම ඔන්න අද බ්ලොග් එක ලියන්නේ හරියටම අවුරුදු 5 කට පස්සෙ.

ඇත්තටම මේකට මුලපිරුවේ ආයේ කියවන්න ගත්ත අරූ අයියගේ බ්ලොග් එකත් අම්බලන්ගොඩයත් අටමත් නිසයි.

මම අක්ක සහ දෙමාපියන් මේ දවස්වල ජීවත් උනේ ගාලු නගරයේ ප්‍රසිද්ද බාලිකාවන් 3000ක් 4000ක් අද්‍යාපනය ලබන  පාසලක් වන සංගමිත්තා බාලිකා මහා විද්‍යාලය ඉදිරිපිටය. උස තාප්ප ගේට්ටු වලින් වටවූ අප නිවස අනිත් පසින් ඇළ පාරට සම්බන්ද වෙන්නෙත් අඩුම තරමේ මෙම පාසලට එන බාලිකාවන් 500ක් වත් පාගමනින් එන බැවිනි.

අතිශයෝක්තියත් නොවුනද එදවස මම අවුරුදු 13 සිට 17 දක්වා කාලය මගේ ආදරණිය මවට (ඇය සිතින් මවාගත් සහ ඇයට ගතු කියන අනිත් ගැහැණු අසල්වාසීන් අනුව) අනුව මම දරුණු අපරාදකාරයෙකි. මත්ද්‍රව්‍ය ලෝලියෙකි. මදාවිකාරයෙකි, පවිටු මිතුරු සේවනය කරන්නෙකි. මගේ ආදරණිය සහෝදරියට අනුව මම වල් මදාවිකාරයෙකි.
මගේ ආදරණිය පියාණන්ට අනුව මම ඔහුගෙ පන්චින් බැග් එක උනත් ඔහු මවුතුමිය මා ගැන කියනා ආකාරයට ක්‍රියා කරන කර්නල් තුමෙකි. ඇත්තටම ඔහුගේ දෙවෙනි නමත් කර්නල්ය. මගේ මවගේ නම් දෙකම ලස්සනම ලස්සන මල් දෙකක නම් . එහෙත් මගේ අඩු වෙනස් නොවෙනා කුජීත ක්‍රියා කාරකම් අනුව මගේ දෙමව්පියන්ගේ දඬුවම් හතරවෙනි තට්ටුවේ ක්‍රියාකාරකම් වලට නොදෙවෙනි උනත් එහි පරිදි වෘෂණ කෝෂ ලාච්චුවට දාන දඬුවම ඇර සියලු දඬුවම් වලට මම මුහුණ දී ඇත. (ලොල්) අපේ ගෙදර නීති රීති අනුව,

01. පෞද්ගලික අද්‍යාපනයට ගියත් හවස 6.30 වෙනකොට නිවසට පැමිණිය යුතුය.
02. අවශ්‍යම පිරිත් මළගෙවල් දාන ගෙවල් වලට ගියත් රෑ 9.30 වෙනකොට ගෙදර පැමිණිය යුතුය.

මේ නීති කඩ කළහොත් මට රැය ගෙවන්ට වන්නේ මගේ එවකට ආදරණිය බල්ලා වන නැසීගිය සැන්ඩි යා සමග දොරකඩය. මව්තුමියගේ නීතිය අවසාන නීතිය වන අවස්ථාවක ගෙදර පිළිකන්නේ සැන්ඩි යා සමග ගතකල රාත්‍රිය වල් වල එක්ස්පීරියන්ස් ඉහේ කෙස් ගානට මට ඇත. තත්තා තුමා නිවාඩුවට පැමිණි ඇති රැයක අම්මාගේ ගෙරහුම් මද එතුමා මම ගෙදරට ගන්නවාය. ඒකෙ චාන්ස් එකත් 0.01% කි.

සමගම උදේ පාන්දරටත් හවසටත් මව්තුමිය විසින් ජාතිය අමතා මා වෙත කතා කරනා ආකාරයට අසල්වැසියන්ට සහ ඔවුන්ගේ ළමා ලපටින්ටත් සහ ලස්සන දියණියන්ටත් මම දරුණු අපරාදකාරයෙකි. මත්ද්‍රව්‍ය ලෝලියෙකි. මදාවිකාරයෙකි, පවිටු මිතුරු සේවනය කරන්නෙකි.

ඉතිං මගේ ජාතක කතාවම අවට සිටිනා අසල්වාසීන් දන්නා නිසා මගේ මිතුරන් වුයේ වම්පසින් ජුල්ගස් හන්දියෙන් එපිට සහ දකුණුපසින් කොග්ගල කඩේ හන්දියෙන් එහායින් සිටින ඕනෑම තරාතිරමක යහළුවන් පමණි. මගේ ගෙවල් අසල කිසි කෙනෙක් සමග සම්බන්දකම් නැති උනත් මම බයිසිකලෙන් ඇර පයින් යන්නේනම් යන්නේ බිම බලාගෙනය. නමුත් මට දෙමව්පියන් පුරුදු කල පරිදි වැඩිහිටියන්ට සැලකීම මම එදා පටන්ම අකුරටම කරන දෙයකි. ගාළු බස් ස්ටෑන්ඩ් එකෙන් බස් එකට නැගල වාඩි වෙලා එද්දි ඕනෑම අසල්වැසියෙක් හිටගෙන එනවා දැක්කොත් මම වහා නැගිට මගේ පුටුව ඔවුනට දෙමි. අදටත් මගේ හැටිය.

ඉහත සියළු දෙය මම ලිව්වේ අනාගත ලිපි වලට ආයෙ ආයෙත් මගේ ළමාවිය ඉන්ට්‍රඩියුස් කලයුතු නොවන නිසාය.

රෙෆරන්ස් සඳහා මගේ 2012 පොස්ට් දෙක කියවනු මැනවි. අනික මගේ සුරතල් නාමය වන "ටික්කා" නම මේ වෙනකොට මගේ පියාණන් තුමා පමණක් භාවිත නොකරන නමුත් සියලුම දෙනා අමතන නමුත් දවස්වල මට නොදිරවන නමකි, (අදනං ඒක මගේ උප්පැන්නයේ නමට පමණක් දෙවෙනි වූ මගේ ප්‍රියතම නමයි)

නමුත් කුඩා කල සිට මම ගීත ගායනයට සහජ දක්ෂතා දැක්වූ පොඩි එකෙකි. දහම් පාසලෙත් ඉස්කෝලෙත් මුතුහර රූපවාහිනී වැඩසටහන් මගින් දිවයින සුපතල නොවුනත් TV එකෙත් RADIO එකෙත් දක්ෂකම් දැක්වූ ඩයල් එකකි.  (මේ මම 2010 LONDON X-FACTOR එකටත් ඉදිරිපත්වී දෙවෙනි වටයෙන් හැලුණු චරිතයකි) අදටත් මගේ පාසලේ සුවහසක් ශිෂ්‍යයන්ගේ පාසල අරඹ කිරීමේ පන්සිල් ගැනීමේ සිට යෝවාද තම්පාව ගාථාව දක්වා මගේ වොයිස් රේකොඩින් එක තවමත් පාවිච්චි කරනවාය. (99% ෂුවර්ය. 1% ෂුවර් නැත) මගේ දෙමව්පියන් සහ සහෝදරියත් මගේ සංගීතයට අඩු වැඩිය සහයෝගය දුන්නාය.

දහම්පාසලේ ගීත ගායනය කල නිසා ප්‍රසිද්දියට පත්වූ මට විටින් විට ස්ත්‍රී පාර්ශවයෙන් "කළු අමරදේව" ,"කළු ටික්කා" වැනි නම් විටින් විට ඇසීම නිසා මම කෝප වුනත් මම ලෙහෙසියෙන් මළ පන්න ගන්නේ නැති නිසා හැම දෙයක්ම ඉවසීමට තියාගත්තෙමි. වගේම දහම්පාසලට පැමිණෙන ගමේ ළමයින් වගේම වැඩි කොටසක් පැමිණියේ "චන්ද්‍රා බෝඩිම" නමැති එවකට බොහොම ප්‍රසිද්ද ශිෂ්‍යා නවාතැනක් වන අපේ ගෙදරට නොදුරුදු බෝඩිමකිනි. එතැන සිටින්නේ නෙළුව, අකුරැස්ස, වැනි ඈත පළාත්වලින් නගරබද ඉස්කෝල වලට පැමිණි ගැහැණු ළමයින්ය. මම දන්නා පරිදි හවසට පැයකට හෝ දෙකකට ඔවුන්ට එම තට්ටු තුනේ බෝඩිමේ ඉදිරිපසට පැමිණ හෝ සංගමිත්තා විද්‍යාලයේ පිට්ටනියට ගොස් හෝ විවේක සුවයෙන් ගත කිරීමට අවස්ථාව සලසේනවාය.

වගේම චන්ද්‍රා බෝඩිම මගින් එම තුන් මහල් ගෙදරටම අලලා චන්ද්‍රා භෝජන ශාලාව නමින් කඩයක් පවත්වා ගෙන ගියාය. ඔය බෝඩිමේ ගොඩක් කෙල්ලොන්ගෙ කටවල් එච්චරටම හොඳ නැත.

මගේ වාසනාවට හෝ අවාසනාවට හිටි ගමන් මගේ මව් තුමිය මට කතා කර පාන් ගෙඩියක් හෝ එක හමාරක් ඔය කියන චන්ද්‍රා භෝජන ශාලාවෙන් ගේන්න කියනවාය. ගොඩක් වෙලාවට මම කරන්නේ එවිට බයිසිකලෙන් ටවුන් එකටම ගොස් පාන් රැගෙන ඒමය. නමුත් මේ දවස මට කණකොකා හඬා තිබුණි. පියතුමා ගෙදර ඇවිත් තිබුණු බැවින් එතුමා බෝතලයක් ගැනීම සඳහා මගේ ෆුටාර් රථයෙන් ටවුන් එකට ගොසිනි. එනිසා මට චන්ද්‍රා භෝජන ශාලාවට යා යුතුම වෙයි.

අකමැත්තෙන් හෝ අම්මා දුන් ෂොපින් මල්ල සමග කොට කලිසමක් ටී ෂර්ට් කබලක් සමග රබර් සෙරෙප්පු කැලි දෙකකින් සැරසුණු මම චන්ද්‍රා භෝජන ශාලාව සඳහා පිය නගමි.

ටික ටික බෝඩිමට කිට්ටු වෙද්දී මට ඔන්න ඇහෙනවාය ඔන්න ඔය කෙල්ලො කුරුට්ටියෝන්ගෙ සද්දෙ. මම තවමත් බෙල්ල සාක්කුවෙ දාගෙන පාගමනේය. බෝඩිම පාස් කරනවාත් සමගම ඔන්න මට ඇහෙනවා "හු හූ කළු අමරේ.." "ටික්කා ... හු.. හූ".. " කළු ටික්කා... හු හූ.." දැන් මට මළේ හොඳම එකය. කොහොම හරි කඩේට ගොස් චන්ද්‍රා ඇන්ටිගෙන් පාන් එක හමාරක් අරගෙන ආයෙ එන්න හැරුනා පමණි ආයෙත් අර කෙල්ලොන්ගෙ සබ්ද පුජාවය

මෙවර සබ්ද පුජාවට අමතරම කොහෙන්දෝ එක කෙල්ලෙක් කුඩා ගල් කැටයක් හෝ යම් දෙයක් මට ගසා "හු හූ කළු ටික්කා.." කිව්ව ගමන් එම කෙල්ල දැනසිටියේ නැත එකිය ගල් කැටය විසි කිරීම මගින් මගේ "FUCK OFF" ස්විච් එක ඕන් කල බව.

උන් හිටි තැන් අමතක වූ මට එක සැරේ මට කියවුනේ "උබලගෙ අම්මට &^%$£*, කැලෙන් ආව වේ@ කෙල්ලො, තොපි ගහපන් තොගෙ අම්මගේ %*£@ . වේ% බල්ලියෝ" සහ තවත් ගොඩක් දේ මට කියැවුනි

තප්පර කිහිපයකින් සියලුම කෙල්ලන් අතුරුදහන් උනේ පුකට පැට්‍රොල් ගහපු බල්ලන් බැල්ලියන් මෙනි.

මේ කිසිදෙයක් සිදුනොවුනා මෙන් පාන් රැගෙන ගෙදර එන මා දුටුවේ ටවුන් ගිහින් ගෙදර ආව පියාණන් ෆුල් සපාන් එකේ ක්‍රාෆ්ට් චීස් කෑල්ලක් කමින් අඩියක් ගසනා අකාරයය. නිකමට හරි සිදුවූ සිද්දිය තාත්තට කීමෙන් මට වෙන්නේ අද රෑ මගේ වෘෂණ කෝෂ දෙක මාවිසින්ම ලාච්චුවකට දා ගැනීමය. ඉතින් මම කිසිවක් නොකීවෙමි.

ටික වෙලාවක් ඔහොම ගියාය. එක්වරම ගෙදර බෙල් එක නාද විය. අම්මා දොර ඇරියාය. මට ඇහුනේ මගේ මවගේ වොයිස් එකය. "හා නේ.. චන්ද්‍රා අක්කේ.. එන්න එන්න ඇතුලට.." කියලාය.. දැන් ඉතින් මම සුයිසයිඩ් වෙන්න ප්ලෑන් කොරනවාය. ඉඳල හමාරය.

ඔන්න ඉතුරු කොන්වසේෂන් එක... "මොනවද xxxx  නංගි.. ඔහෙගෙ පුතා අපේ බෝඩිමේ දුවලට කියල තියෙන්නෙ. කුණුහරුපෙන් හොඳටම බැනල. දැන් කෙල්ලෝ ඔක්කොම අඬනව. ඔහොමද ඔහෙල ළමයි හදන්නෙ. කෝ xxxx  අයිය ඉන්නවද?" කියල අහනකොටම කාමරේ රෙද්ද අස්සෙන් හොරෙන් බලන් ඉන්න මම දකිනව මගේ පියාණන් තුමත් මේ කොන්වසේෂන් එකට එකතු වෙන්න එනවා.. 

පියතුමා - "කවුද කවුද මේ සද්දෙන් කතා කරන්නේ ..?? මේක ගෙදරක්."
චන්ද්‍රා ඇන්ටි - "බලන්න අයියෙ ඔහේගේ පුතා කුණුහබ්බෙන් අපේ කෙල්ලොන්ට බැනලනේ.."
පියතුමා - "මේ අපේ එකා.. වෙන්න බෑ.. මම දැනුවත්ව අපේ එක මේ ගෙවල් පැත්තෙ කිසි කෙනෙක් එක්ක කතා බහ කරන එකෙක් නෙමෙයි.."
චන්ද්‍රා ඇන්ටි - "අයිය මොනවද දන්නෙ අයියේ..?? ඇවිත් අහන්නකො අපේ කෙල්ලොන්ගෙන්.. උන් කියයි. අම්මල මතක් කරලත් බැනල අයියෙ. අයියල ඇවිත් සමාදාන උනේ නැතිනම් යනව මම පොලීසි.."

"...මෙන්න මේ අතර මම ඉතින් ඉන්නේ ජිවත් වීමේ සියලු දේවල් ඇත හැර එක්කො ගෙදරින් පැනල ගිහිං මහන වෙනවද, නැතිනම් අම්ම පාන් කපන පිහියෙන් බෙල්ල කපාගන්නවද කියල.. එත් කොහොම උනත් මම මැරෙන්න බයයි ඕයි ඇත්තම කියනවනම්.. අනික මට මහන වෙන්නත් බහ. මොකද ගිහි ජීවිතේට මම පට්ට ලයික් බෝල. :) :D ....."

ඉතින් මේ අතර මට හිතාගන්න බැරි දෙබසක් ඇහෙනවා..

පියතුමා - "හුහ්.. ඔහේ ඔහෙගෙ සද්දේ අඩු කරගත්තොත් හොඳයි. පොලිසි යන්න ඕනි නම් යනවා. මගෙ එකාට කියල තියෙන්නේ ගැහුවොත් ගහපන් බැන්නොත් බැනපන් කියල. අනික එක එකාගේ විහිලු තහළු වලට අහුවෙලා ගුටි කාල බැනුම් අහල ගෙදර එන්න එපා කියලත් මම ඌටම කියලත් තියෙනවා. තව ටිකත් චන්ද්‍රා ඔහේ මෙතන සද්දෙන් කතා කලොත් ඔහෙත් මගෙන් කුණුහබ්බ අහගන්නව. මේක අපේ ගම. මම මගේ ළමයින් හදල නැහැ පිටින් ආපු අවුන්ගෙන් එක එක කථා අහන්ට..."

චන්ද්‍රා ඇන්ටි - "අයිය කියනවනම් ඉතින් කමක් නැහැ. ඒත් පුතාට ටිකක් අවවාද කරන්න.. මම යන්නං අයියේ.. යන්නං නංගි හොඳේ.."

පියතුමා  - "මම ආයෙත් කියන්නෙ, ඔහෙල කියන්ට එපා මට මගේ ළමයි හදන විදිහ. උන් හදන්නෙ මට ඕනි විදිහට. මගේ නෝනට ඕනි විදිහට. දැන් ගියොත් හොඳයි.."


පිංවතුනි.... ඔතනින් එහාට අද වෙනකන් ගැන අම්ම හෝ තාත්ත අද වෙනකන් කතා කරලා නැහැ..


. ලි. -  බ්ලොග් වල කිහිපදෙනෙක් මට මගේ දෙමව්පියන් ගැහුවා ගැහිලි ලියන්ට කියල කිව්වත්, මම අදටත් විශ්වාස කරන්නේ මිනිහෙක් තියා ළමයෙක් වත් හරියට හදාගන්න බැරි, එත් ඕනිම දෙයක් කරන්ට නිදහස තියෙන රටක, සමාජයේ වැදගත් මිනිහෙක් (කරන රැකියාව, ජාතිය, ආගම ගැන උනත්) විදිහට ජිවත් වීමට ජිවිත පාඩම් කියාදුන් බුදු අම්මේ තාත්තේ, ඔබ දේපල මගේ ආයුෂත් අරන් ජිවත් වෙන්ට ඕනෑය. වගේම අද මට මගේ සහෝදරිය මගේ දෙවෙනි අම්මා වගෙය. කොච්චර වයසට ගියත් අදටත් දෙයක් කරන්න කලින් අම්ම තාත්ත සහෝදරිය හෝ මස්සිනාගෙන් අවසර ගැනීම මගේ හැටි. ඔහෙලා මට ගහපු ගැහිලි වලට මම අදද ගරු කරනවාය. මොකද ඔබ ඔබේ දරුවන් රටට වැඩ දායක මිනිසුන් බවට පත් කල නිසාය.

මීට,

ටික්කා.





109 comments:

  1. ටිලාන් ගෙන් ආතල් කතා ටිකක් ලැබෙයි වගේ කස කාරයන්ගෙ හැටියට.හොඳ මහත්තයා වගේ අකුරු ජුණ්ඩක් ලොකු කොල්ලා දෙල්ල හොඳේ..
    ලියවේවා..!අපි එනෝ කියවන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලබ්බෝ. ඔන්න වෙනස් කළා. සන්තෝසයි උබේ පළමු කොමෙන්ටුවට... තැනක් යූ හිටන්..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ටික්කෝ පරණ ඒවා ලියන්න .ඕල්ඩ් ඊස් ගෝල්ඩ්

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ. තෑන්ක්ස් කොමෙන්ටුවට. ඊළඟට ලියන්න ඉන්නෙ අපේ මියුසික් බෑන්ඩ් එක ගැන. "හැලෙන-පොල්" ඒත් ඇත්ත නම "රෙඩ්-ස්කෝපියන්". :)

      Delete
    2. මේක මකන්ඩ එපා ....පරණ ඒවා ලියාපං ....පරන කුණු අපිට හෙන රහයි ...ඒක ජාතික අවශ්‍යතාවයක්

      Delete
    3. අනිවා අටමෝ. උබේ හෙල්ප් එකටත් රොම්බ තෑන්ක්ස්..!!

      Delete
  4. එල ද බ්‍රා මචෝ....
    තෝ නෙමයි තාත්තා

    ReplyDelete
    Replies
    1. හේ හේ... ඔව් එළද බ්‍රා මචෝ.. අක්කගෙ මගුල් ගෙදර සීන් එකක්. පස්සෙ දවසක තාත්ත මට කන පැලෙන්න ගහල කිව්වෙ, තොට මතකද එදා කියපු දේ..?? කියල.. ඇත්තටම මට අමතක උනා බන් අක්කගේ වෙඩින් එකේදී තාත්ත එක්ක ෂොට් එකක් දාද්දි මම කිව්ව "පිස්සුද මම කවදාවත් තාත්ත එක්ක බොන්නේ නැහැ කියල"... ඒත් සීයාගේ දානෙදි කුපාඩි කමට මට අම්ම ගේ මල්ලි මට තාත්තගෙ ෂොට් එක දීල අහු උනේ මම එයාගෙම ෂොට් එක ගහන ගමන් සිගරට් එකක් බොන ගමන්. (හිතාගනින්. තාත්තට සිගරට් බොන ඇවුන් දිරවන්නෙත් නැහැ. අනික එයාගෙ ෂොට් එක ගහන ගමන්. එදා කන පැලෙන්න ගහල කිව්වේ, "යකෝ කැලේ ඉන්නෙ එක සිංහයයි.. එක්කො උබ සිංහය වෙන්න ඕනි නැත්නම් මම සිංහය වෙන්න ඕනි." දැන් කියහන් කවුද නරිය සිංහය කියල. එතකොට මට කනට ගහල ඉවරයි. මම කිව්ව ඔලුව කහන ගමන් "සොරි තාත්තෙ. මම නරිය " කියල.. :(

      Delete
    2. අනේ පල ....ඒ මනුස්සයා හෙන අහිංසකයිනේ ....වෙන්ඩත් බැරි නැ හෙන ගල් කූරෙක් කියල පේනවා

      Delete
    3. එහෙනම් මේ මමත් හෙනම අහිංසක පොරක්.. :D

      Delete
  5. මෙන්න මගේ සුබපැතුම්. !!

    ReplyDelete
    Replies
    1. තැනක් යු. බොස්. IT ගැන ලියන්ට ඕනි. හැබැයි ඔහේ දන්නා මිනිහෙක් ගැන.. :)

      Delete
    2. IT කියුවේ තොරතුරු තාක්ෂනයද අනේ ලියහං ....දැං හොද අයි ටී බ්ලොග් නැ

      Delete
    3. IT ගැන නෙමෙයි මචං අටමෝ.. මම පහුවෙලා ලියන්නේ IT නිසා මමත්වෙන් ඉහලටම ගිහිං බලු මාක් උන එකෙක් ගැන. 2001 ඉඳල 2013 ගැන. එව්ව ඉස්සරහට හොඳේ..

      Delete
  6. මමත් ඕ ලැවල් කරලා ගමේ ගිහින් උන්න කාළේ ටැන් ඉස්පීඩ් එකේ සංඝමිත්තේ කෙල්ලන්ට සෙවල හලන්න යනවා.. උඹ දන්නවනේ අපේ අම්මගෙ මහ ගෙවල් දංගෙදරෙයි කියලා.. බටගංවිලත් නෑයෝ අම්බානක..

    අපේ තාත්තත් උඹලගේ තාත්තා වගේම තමයි.. මට කියලා තියෙන්නේ කාටවත් ගහන්න හිරිහැර කොරන්න යන්න එපා.. ඒත් කවුරු හරි ගැහුවයි කියලා ගුටි කාගෙන ඇවිත් මට කියන්න එපාය කියලා.. මම අපේ එකාට කියලා තියෙන්නෙත් ඒ ටිකම තමයි..

    ReplyDelete
    Replies
    1. මං කෙල්ලෝ දෙන්නටත් කියල තියෙන්නේ එහෙම ....ලොක්කි නං ...අඩාගන නඩු ඇරං එනවා ..මා ගාවට නෙමෙයි අම්මා ගාවට .... චූටි නං ගලකිං හරි ගහලා ඇවිත් ...ඉන්නවා සද්දෙ වහලා ....යකෝ ගහන්ඩ කියපු මටවත් කියන්නේ නැ

      Delete
    2. මම දන්නව මාතෙ. ඔහෙගෙ අම්මත් කොන්වන්ට් එකේ ආදී ශිෂ්‍යාවක් කියල. දන්ගෙදර බටගැනවිල අපේ ළමා කාලේ වගේම මගේ බොක්ක ඉන්නෙත් බටගන්විල. ගාල්ලෙ ට්‍රියෝ එක කරන්නෙ බුවා තමයි. අදටත් ආනන්ද බේකරිය වැඩි දියුණු කරගෙන කරන්නෙ මගේ මොන්ටිසෝරි ඉඳල එකට ඉන්න යාළුවා.

      මම ආශ්‍රය කලෙත් ක්ලාස් මෙට් ල ට අමතරව මට වැඩිය වයස අය. අයිස් මොල. චීන කොරටුව වගේම ගාල්ලෙ කොහෙත් මට ගෙදර වගේ. ඒ වගේම ගාල්ලෙ කොටුව කියන්නෙ මගෙ ජිවිත කාලේ අමතක කරන්ටම බැරි කාලයක්.

      ඉස්සරහට මම ලියන්නම් ඔක්කොම. අනික පල්ලෙහා අටම කියල තිබ්බ වගේ (උගේ කොමෙන්ට් එකට මම ලියන්නම්) උබ දවසකට හරි නුවර ගිය වෙලාවක අපේ තාත්ත හම්බවෙලා පලයන්.

      මම අදටත් විශ්වාස කරන්නෙ ජිවිතේ විඳින්ට ඕනි නම් ඉපදෙන්ට ඕනි ගාල්ලේ කියලයි.

      ඉස්සරහට අපි කතා කරමු...

      Delete
    3. උණවටුන හික්කා එහෙම බැස්සෙ නැතෙයි... හික්කා නැගලම ගියේ 83 ට කලින්. හික්කඩුවේ ටවුමෙන් වාහන ගියේ බොහෝම හෙමින්... පාරේ ඒ තරමට සුද්දෝ.. ටුවරිසම් තාම ඒ ගානට ආවේ නෑ.. ඩිස්කෝ වැහි වැහලා ඒ කාළේ..

      Delete
    4. මේ මොනවා අහනවද මාතලන් බොස්. හික්ක ඉඳල උණවටුනට මිරිස්සට එනකං Vibration, Why Not, Baseline, Happy Banana, UBR, Komaran වෙනකන් බැහැල තියෙනවා. ඕවයේ ඩිස්කෝ කරන්නත් එහෙන් මෙහෙන් හොම්බ දාල තියෙනවා. දෙයියනේ කියල හැමතැනම යාළුවො නිසා කවදාවත් ටිකට් එකක් නම් අරගෙන ගිහිල්ල නැහැ.

      මම මේ කියන්නේ 1997 ඉඳල 2000 වෙනකන්. ගාල්ලෙන් මම ගිය 1998 දී තාත්තා අම්මා විසින් කරන ලද ඉස්කෝල හුවමාරුව නිසා.

      සමහරක් 31ස්ට් නියිට් හික්ක යනව මගේ බොක්ක DC එක්ක. නයිට් එක ඉවර වෙන්නෙ මිරිස්සෙන්. සමහරක්වෙලාවට අපි දෙන්නම උගේ කාර් එක නවත්තගෙන කල්පනා කරන්නේ මොක ගහලද මේ වැදිලා තියෙන්නේ කියල. :D

      මට මතකයි මම 12 වසරෙදි WHY NOT තිබ්බෙ අඟහරුවාදා. HAPPY BANANA තිබ්බේ බ්‍රහස්පතින්දා. ඉතිං අපි සෙට් එකම ඉස්කෝලේ ගියත් බදාදා සිකුරාදා කියන්න නිදියගන්න දවස්.

      99 දී WHY NOT එක කුඩු කරලම දාන කොටත් අපි එතන නටනව. 98 දී HAPPY BANANA මිනී මැරුමක් වෙන කොටත් අපි හොඳට නටනව.

      මගේ ගොඩක් යාළුවන් සුද්දියන් බැඳලා මෙහෙ යුරෝපෙ ඇමෙරිකා ගියා. අනිත් ය දෙමව්පියන්ගෙ බිස්නස් කරගෙන ඉන්නව. දුකයි කියන්න. ගොඩක් ය සුනාමියට ගියා, (එදා සුනාමියට අනිවා මමත් යන්න හිටිය එකෙක්. කරුමෙට හෝ වාසනාවට මම ලංකාවේ හිටියේ නැහැ. මගේ හොඳම යහළුවන් 6 දෙනෙක් එකම තැනදි එකම වෙලාවට සුනාමියට ගියා) තවත් කිහිප දෙනෙක් මත්ද්‍රව්‍ය යකා එක්ක කසාද බැඳගෙන තවමත් ඉන්නව. එව්වනම් මට හෙන දුක් සීන්.

      Delete
    5. ඒ තමයි ජීවිතය...

      සතුට සෝකේ
      ජය පරාදේ
      අපටමයි නේ
      මේ ලෝකයේ...

      Delete
    6. ඩෙෆා මචෝ. කවදාහරි ලංකාවට අව දවසක DC ත් ගෙන්නවාගෙන උබ අටම මෙන්ඩ ට ත් එන්න කියල ෆුල් අතීත අවර්ජනාවක් කරන්ට හෙන ආසාවක් තියෙනවා :)

      Delete
  7. දිගටම ලියමු ටිලාන්. සමාජ ආශ්‍රයක් සහිතව ජීවිතේ ගැටවර කාලේ ගෙවපු අය, තමන්ගේ ඉතුරුකාලය ශේප් එකේ ගෙනයන බව මම දැකලා තියෙනවා...අත්විඳලා තියෙනවා.

    කවදාක හෝ සෙට්වෙච්ච වෙලාවක සින්දුවක් කියලා එහෙම පොඩි ආතල් එකක් ගමු. ඔබේ දෙමව්පියන්ට මගේ ගෞරවය!!!

    ReplyDelete
    Replies
    1. අන්න මරු කරවිල වැලට කොහොඹ ගහ ගියා වගේ තියෙයි ....ඒක බෝඩරයෙද ඉන්නේ ... සැට් වෙලා බීපියව් .....පූරුවේ කල පිං අපිට කොයින්දා

      Delete
    2. අරුණ අයියා. මම ඔබගේ බ්ලොග් එක කියෙව්වට පස්සෙ වැලිගමට පස්සෙ මට තේරුණා ඔබ මගේ බාප්පාගේ යහළුවෙක් කියල. (දැන් ඉන්නේ ෆ්‍රාන්ස් වල)

      ඔබගේ අත්දැකීම් වලට මට කිට්ටුවෙන්න බැරි උනත් ඔබගේ සමකාලීනයන් සමග මමත් කාලයක් ජිවත් උනා.

      මට මේ අවුරුද්දේ මැයි මාසෙට 37ක් වෙනව. අම්ම තාත්ත සහෝදරිය යහළුවන් ඇතුළුව සහ නැතුව මම මේ ජීවිතෙන් ඉගෙනගත්ත පාඩම් ගොඩයි.

      මම වැරදියට හරි හරියට හරි ලියනවා. මට උදව් කරපු අය ගැනත් ඇරපු අය ගැනත්.

      මෙව්වා කවදාහරි කවුරු හරි කියවයි. පාඩමක් ඉගෙනගනියි.

      අපෙන් පස්සෙ හරි ලෝකෙ වෙනස් වෙනවනම් අපි ඔක්කොම කැමතියි..

      Delete
    3. ටිලාන්.....ගාල්ලෙ හිටියා හොඳ මියුසිශන්ස්ලා අපේ යාලුවෝ. අපේ වයසේ අය. සේනක සිල්වා, කන්ඩම්බි වගේ අය සහ මරු පොරවල්. සේනක සින්දු නිර්මානය කරා. අපේ වය්සේ අයනම් දන්නවා ඇති. තව හිටියා මියුසික් වගේම, චිත්‍ර, මූර්ති කරපු ටොප් බුවෙක්. මට නම මතක නැහැ. ගාල්ල කොටුව අමතක වෙන තැනක් නෙමේ.

      Delete
    4. මාව අමතක කරලා අඩියක් ගැහවොත් බලාගෙනයි

      Delete
    5. මගේ බොක්කෙ ෆිට් එක DC නම් අරුණ අයියගේ මිතුරන් දන්නව ඇති. මගේ ගොඩක් යහළුවන් නියම ගිටාර් වදකයෝ. කොටුවෙ බම්මේ හවසට සෙට් වෙලා ජොයින්ට් එකක් ගහල හීනියට බොබ් මාලි කපුගේ ෆලෝ කරනව තවමත් මැවිල පෙනවා..

      ඩෙෆා මෙන්ඩ බ්‍රද මාන්..!!

      Delete
  8. අපේ ගරු ටිලාන් ආතල් අයියගේ ලමා කාලයට ජය වේවා...

    අලුත් බ්ලොග් පෝස්ට් වැඩි වැඩියෙන් පලවේවා!

    ආපහු ලන්කාවට ආවොත් සිරස සුපර් ස්ටාර් වේවා!

    ReplyDelete
    Replies
    1. සා රස තුමෝ.

      මට නිදහස තියෙන හැටියට අපි කතා කරමු. මම සංගීතෙන් මුළු මනින්ම අයින් වෙලා ගොඩක් කල්.

      මගේ ජිවිතේ සංගීතෙන් වගේම (එංගලන්තේ ) DJ කෙනෙක් වශයෙන් WEST-HAM ක්ලබ් එකෙත් සෙල්ලම් කරලා ලබපු අත්දැකීම් එමටයි. සංගීතයෙන් මම අදටත් අත්දැකීම් වලින් සර්වසම්පුර්නයි.

      සා රස තුමෝ.. මම ලියන්න හදන්නෙ මිනිස්සු කතා කරන්න අකමැති කතා ගැන සහ මට උන දේවල් ගැන.

      ඔබ හිතන්න ඔබගේ මිතුරා ඔබට කියනව ඔහුට පිළිකාවක් කියල..
      ඔබ ඔහුට ගොඩක් උපකාර කරනවා. එත් පහුව ඔබ දැනගන්නව ඔහුට පිළිකාවක් නැහැ, එත් පිළිකා මුවාවෙන් ඔබව මුලා කළා කියල.

      මම අහුඋනා එහෙම මිනිස්සුන්ටත්. ලංකාවෙදි නෙමෙයි එංගලන්තෙදි :)

      එතකොට ඔබට කොහොමද? මිනිස්සු කියන ජාතිය සල්ලි වලට අම්ම විකුණපු අය ගැනත් අපි කතා කරමු..

      Delete
    2. සංගීතය ගැන කතා කරනකොට අපේ පත්තර මල්ලි ගැන කතා නොකර බැහැ ...ඒ තරම් ආතල් බුවෙක්

      Delete
    3. බොරුවට පිලිකාවක් තියනවයි කියලා affair එකකින් ගැලවුන එකෙක්ව නම් දන්නවා.

      Delete
    4. මමත් හොඳම එකින් අහුවෙලා තියෙනව ප්‍රා ජේ..

      Delete
  9. පල පල

    උඹලගේ තාත්ත ඔහොම කතා කරන්නැ උඹ ඒ අයියටත් මඩ ගහනවා

    ReplyDelete
    Replies
    1. මට දැන් තමයි අටමෝ මීටර් උනේ. උබට එදා අපේ තාත්ත ෂුවර් එකට මල්ලි කියල කතා කරන්ට ඇති. (මගේ මස්සිනාටත් අමතක වෙලා මල්ලි කියල කතා කරන ඩයල් එකක් එයා..) එයා බොහොම මිනිස් ගුණ තියෙන මිනිහෙක්. මම අදටත් ට්‍රයි කරනව මගේ තාත්ත විදිහට ජිවත් වෙන්ට. මම මේ කියන්නෙ අවුරුදු 20 කට කලින් සිද්දි. දැන් එයාල වගේම අපිත් වෙනස් වෙලා.

      දවසක් උබ මට MSG කරල මට බැනපන් කියල කිව්ව. (ඒ මක්කටෙයි මම උබට බනින්නේ?) ඒ දවසෙම මම අම්මට කතා කරලා කිව්ව "අනේ අම්මේ කලින් වගේ මට ආදරෙන් කතා කරනවා වගේ බනින්ට " කියල..

      අම්ම කිව්වේ "උබ ගෙදර ඉන්නකොට කිසිම පාළුවක් නැහැ. එක්කො මම උබට බනිනව. එක්කෝ මාව තරගස්සනව. එක්කෝ හිනස්සනව.." දැන් මම මගේ මුනුපුරු මිනිපිරියන්ට සිංහල උගන්වනව. ඒ වගේම ඒ දවස්වල උබ කල නස්කුනි වැඩ මතක් කරල දැන් මමයි තාත්තයි හිනා වෙනව " කියල.

      Delete
  10. හුටා මේක මගේ බ්ලොග් එක නෙමෙයිනේ ....ටික්කෝ මකාපිය

    ReplyDelete
    Replies
    1. බොට ඕන දෙයක් කියහන්. මේක මගේ බ්ලොග් එක. :)

      Delete
    2. පලයනං..මේවා අපේ බ්ලොග්
      උබලා ලිව්වට මේවා අයිති අපිට

      Delete
    3. ඕනෑම කුනුහබ්බයක් ලිවීමට ඔබ හැමට ෆුල් ඇක්සස් ටික්කා විසින් දී ඇත...

      Delete
  11. Replies
    1. බොහොම ස්තුතියි මචං \m/

      Delete
  12. තාත්තලාගේ පුතාලගේ කතා කොහොමත් පට්ටයි. පොඩි කාලේ තාත්ත තරම් වීරයෙක් නෑ. කොළුකාලේ වෙනකොට තාත්තලයි පුතාලයි තරම් වෙනස් ජාති දෙකක් ලොවෙත් නෑ. හැබැයි 30 පැන්නට පස්සේ පුතාලට ඕනේ ආයේ තාත්තලා වගේ වෙන්න.

    ReplyDelete
    Replies
    1. අසංග මහත්තයෝ. සහතික ඇත්ත. 👍🏽🙈🙈

      Delete
  13. උඹගේ කමෙන්ට් කියෙව්වා මිසක්, ලියවිල්ලක් දැක්කේ නෑ නොවැ. උඹ ලියනවා ලස්සනයි. දිගටම ලියාගෙන පලයන්. බෙන්තර කොල්ලෙක්(පොඩි කාලේ) විදියට මට ආඩම්බරයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං. බලමු ඉඩ තියෙන විදිහට ලියන්නයි කල්පනාව..

      Delete
    2. චන්ද්‍රා බෝඩිමේ ඉන්නා කුමරියේ
      ටික්කා කොලුවා ඔබේ
      දුන්නා තැන බලා-යන්නට පසු නොබලා
      ටික්කා කොලුවා ඔබේ.

      Delete
  14. සුබ පැතුම් දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳවතී මේ පැත්තෙ ඇවිත් ගියාට හරිද. කොමෙන්ටුවටත්..

      Delete
  15. දැන් ඉතින් සතියට එක පොස්ට් එකක්වත් ලියහන් මචෝ.. මම හිතන්නේ උඹ තාත්තාගෙන් කාපු තරම් මම කාල නැහැ.. ඒත් අපේ තාත්ත මගේ ගුණ වර්ණනා කරන්න ගත්තාම හිතෙනවා මෝල් ගහෙන් ගැහුවත් ඊට වඩා සැපයි කියල.. කිඹුලා කනවා ඉවසන්න පුලුවනිලු කොහිල කටු ඇනෙනවා ඉවසන්න බැහැ කියනවනේ.. මගේ අම්මගේ ගමත් ගාල්ල බන්.. මගේ අම්මත් සංගමිත්තේ ආදී ශිෂ්‍යාවක්.. ගාල්ල ,ගින්තොට, කලේගාන, හපුගල මගේ ඥාති එමටයි..

    කිව්වට තරහ වෙන්න එපා.. පොස්ට් එක මරු.. ඒත් බං හතලිස් ඇඳිරිය ආසන්නයේ ඉන්න අපි ගැනත් හිතල අකුරු ටිකක් ලොකු කරහන්කෝ.. ඔය උඩ කොමෙන්ට් කරපු දාසයයි මාසයයි මල්ලිලා කිව්වේ නැති උනාට ඒ මල්ලිලාටත් කියවන්න අමාරු ඇති.. හැක්..

    ReplyDelete
    Replies
    1. නෑදෑයොත් එක්ක වැඩි ඇයි හොඳයියක් නැති උනත් මිතුරන්ගෙන් අඩුවක් නැත. වැඩ පුළුවන් උනත් බැරි උනත් ගම ගාල්ලනේ... :)

      ඩෙෆා අකුරු ලොකු කරන්නම්..

      Delete
  16. නියමයි ටික්කා...ඔය තියෙන්නෙ සුපිරි කතා නෙ. ජය වේවා

    ReplyDelete
    Replies
    1. එල කිරි කොච්චියෝ. මෙහෙට ඇවිල්ල ගියාට රොම්බ තැන්ක්ස්..

      Delete
  17. මේවා සුපිරි කතා නේ. ගෙදර ගිහින් ගෑණු ළමයටත් කියවන්න දෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් රොටිය බබෝ.. (මාරු නම) 18+ නේ බන්. ටිකක් පරිස්සමින් බබී ට පෙන්නපන්..

      Delete
  18. ටික්කෝ ඇනෝලටත් දොර ඇරල දාපන් හොඳ පැටිය වගේ.

    ReplyDelete
    Replies
    1. අර කියුවත් වගේ වහල නේද ....ඇරපං අරපං

      Delete
    2. ඒක හරි උබට කුණුහරුප කියන්න බැරි එකෙක් නෙමෙයිනේ ...බැන්නොත් බනිමු ..
      ඇනෝ ඇරපන්

      Delete
    3. අටමත් කාලයක් වහලා තිබුනා ..
      මම බැනලා තමයි ඇරවා ගත්තේ

      Delete
    4. මම දැනන් හිටියේ නැහැ බන්. ඔන්න ඇනෝ ඇරිය... රොම්බ තැන්ක්ස් මචෝ...

      Delete
  19. අයිය කියනවනම් ඉතින් කමක් නැහැ

    +++++++++++++++

    ReplyDelete
  20. වෙනස්ම විදිහේ රටාවක්. හරිම ලස්සනයි. දිගටම ලියන්න අපිට කියවන්න

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ සිරාවටම නම් මට බොහොම සංතෝසයි.. අප්‍රමාන සන්තෝසයි. මේ පැත්තේ ඇවිල්ල ගියාට බොහොම ස්තුතියි.

      Delete
    2. මම බ්ලොග් වලට අළුත් කෙනෙක්. ඒ උනාට ටිලාන් කමෙන්ට් කරනවා දැකලා තිබුනා. අටං ගේ පොස්ට් එකෙන් තමයි පාර හොයාගෙන ආවේ, ඒ ආවේ අටං කියල තිබුන නිසාම විතරක්නෙවෙයි මට බලන්න හිතුන නිසා. ලොකු විග්‍රහයක් කරන්න මට දැනුම නැති උනාට මම කිව්වේ අවංකවම මට දැනුන දේ... අකුරුවල වෙනස්කම් තිබුණත් ඔබේ ශෙලිය එක්ක ඒක වෙනස්ම රටාවක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා ලොකු ලොකු වෙනස්කම් එක පාරම කරන්න යන්නත් එපා. ටිලාන් ට දැනෙන විදිහට ලියාගෙන යන්න . නැත්තම් උපදෙස් වැඩි උනාමත් අවුල් වෙන්න බලනවා. මට නම් මේ ලියමන් හොඳටම හොඳයි ටිලාන්. දිගටම ලියන්න

      Delete
    3. බොහොම ස්තුතියි එරන්දි. ඔයාල ඔක්කොමල්ලම බොක්කෙන්ම කියන ඕනි දෙයක් අහනව. මේ කියන්නෙ සමහරක් විට කථා කරන භාෂාවෙන් සහ දෙකම මික්ස් එකෙනුත් වෙන්ට ඇති. අනික ඔබ තුමිය කියන පරිදි වැදගත්ම දේ හිතේ තියෙන දේ ලිවිම මිසක් 100% ග්‍රැමටිකලි අක්ෂර වින්‍යාසයට අනුව මාස හයකට සැරයක් ලිවිල්ල නෙමී නේ.

      ස්තුතියි ගොඩක්.

      Delete
  21. ඔන්න කොළොම්පුරෙත් ගොඩවුනා ටික්කාගේ කතාවලට. කාලයක් කොළොම්පුරෙත් ගාල්ලේ හිටියා කොස් එකක් ඉගෙනගන්න ඇවිල්ලා 1998-2001 කාලේ.

    ReplyDelete
    Replies
    1. කොලොම්පුරේ.. මේ සිරාවටම අහන්නේ. ඔහේ කෝස් එකකට ගාල්ලෙ ගියානම් ඔහේ කෝස් එක ඉවරකරගත්තයි,,?? එහෙම කරගත්තනම් ඔහේ එල කොල්ලෙක්. ඉස්තුතියි ඇවිල්ල ගියාට..

      Delete
  22. අර තැරි අටම කිවුව මෙහෙට්ට ඇවිත් බොගේ ජාතිය අමතන්න කියල. ඕං එහෙම කොලා හරිය. ඌ හම්බුනොත් ඌට කියහං එහෙම කොරලා කියල හරිය....

    ReplyDelete
    Replies
    1. පෝටර් තුමෝ.. ඔහේ මට මොනවා කියල ඇමතුවත් මම තුමා කම්මලේ බල්ල වගේ චරිතයකි. අමනාපයක් නැහැ හොඳේ. අටමට මම කියන්නං. ස්තුතියි මේ පැත්තේ ඇවිල්ල ගියාට...

      Delete
  23. මතකයන් අවදි කරන නොස්ටාල්ජික් ලියවිල්ලක්

    //ඇත්තටම ඔහුගේ දෙවෙනි නමත් කර්නල්ය//??

    ReplyDelete
    Replies
    1. හෙට බ්‍රහ්මයා ඇවිල්ල වරමක් දුන්නොත් මම ඉල්ලන්නේ.. අනේ බ්‍රහ්මයෝ.. මම මගේ තාත්ත වගේ කොරන්ට කියලය. අදටත් මම දුරකතනයෙන් පියතුමාට කතා කරන්නේ "හලෝ මිස්ටර් කර්නල්" කියල... අම්මට කතා කරන්නේ "හලෝ ගෙදර බුදුන්.. මොකද වෙන්නේ.." කියල... :D

      Delete
  24. පෝස්ටුව රහය
    අටම් අයියා ජාතිය අමතන්ට කියා කීවත් පෝස්ටුව එල නිසා එසේ නොකරමි

    ReplyDelete
    Replies
    1. මිස්ටර් රස්තියාදුකාර තුමෝ.... ඔහේ මට මොනවා කියල ඇමතුවත් මම තුමා කම්මලේ බල්ල වගේ චරිතයකි. අමනාපයක් නැහැ හොඳේ. ස්තුතියි මේ පැත්තේ ඇවිල්ල ගියාට... අටම මට ලොකු සප් එකක් දුන්න..

      Delete
  25. බලපන් උබට තියන විසිල් එක ....
    ලියපං දිගටම

    ReplyDelete
    Replies
    1. අම්මටහුඩු මෙන්ඩ.. විසිල් වගේද මේ බල්ටි ගහන්නෙ එකසිය ගානට කොමෙන්ට් කරුවො..

      පට්ට නන්දන වින්දන ටික.. සන්තෝසෙ බැරුවා බන් :)

      Delete
  26. උඹ ටොප් එකට ලියනව බං. අටමා පෙන්නපු පාරෙන් ආවේ. දිගටම ලියපං හරිද මං හිතන්නෙ උඹ ළඟ ලියන්න කතා මහ ගොඩක් ඇති.

    ReplyDelete
    Replies
    1. සිරාවටම මගේ ලිවිල්ල හොඳනං අඩුම තරමේ සතියකටවත් එකක් ලියමි. කතා නම් එමටයි හැලපේ අයියේ. ස්තුතියි දිරිගන්වනවට.

      Delete
  27. තාත්තා එතැනදී එළ කොල්ලෙකි. කර්නල් මාමා සදා දිනේවා.

    ReplyDelete
    Replies
    1. ශ්‍රන්ගයෝ. උබේ කථාවනම් සහතික ඇත්තය. බොහොම සරලව පඩ ෂෝ නැති වැඩිය කථා නොකරන නමුත් කියන්ට ඕන දේ මුනටම කියන ඩයල් එකකි.

      Delete
  28. නිතර ලියන්න :) ලස්සනට ලියලා + "ජයවේවා"

    ReplyDelete
    Replies
    1. මගේ ටිකි මොළයට අනුව ඔබ තුමිය මගේ කලින් පොස්ට් එකකටත් කොමෙන්ට් කරල තිබ්බ. ස්තුතියි. ඉඩ ලැබෙන පරිදි ඩෙෆා ලියන්නං හොඳේ..

      Delete
  29. සිය දරුවන්ට ඇති පිය පෙම පිළිගනිමී
    පිය පුතු සෙනේ සැමදා ඇති බව දනිමී
    ගිය විට අටං වෙත මෙහි මග දැන ගතිමී
    ලියමන නතර නොකරනු දිගටම බලමී.....

    ටිලාන්, අටංගේ හෝඩුවාවකින් ආවේ. සටහන මරු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පිය පුතු සෙනෙහසට උබ ලියූ කවිය මට දිව ඔසුවක් වැනිය.
      ඒසමගම පිය සෙනෙහසට ලියැවූ ගී සින්දුත් මදිය.

      කවියට ඇති මගේ සම්බන්දය බොහොම අඩු උනත් "දුමින්ද" ඔබගේ මේ කොමෙන්ටුව ඉහසිතින් පිලිගනිමි.

      අටමා වගේම මාතලන් ලොක්කාත් මගේ කලිසම ඔහුගේ වැලේ වනලා තියෙනු දුටිමි. උබල ඔක්කොමලම දෙන සපෝට් එකට රෙස්පෙක්ට් කරමි..

      Delete
  30. Replies
    1. දමිත් බ්‍රෝ. උබේ කොමෙන්ට් අනිත් බ්ලොග් වලත් දැකල තියෙනව. රොම්බ තෑන්ක්ස් මගෙ කබාන එකටත් ආව එකට සහ කොමෙන්ටුවට.. රෙස්පෙක්ට් හොඳේ...

      Delete
  31. මරුනෙ බං. උඹේ කමෙන්ට් අතන මෙතන දැක්කට උඹට දෙදාස් දොලහෙ ඉඳන් පැවත එන බ්ලොග් එකක් තියෙන බව දැනුයි ඕං දන්නෙ. අටමගෙ ගේ හරහා ආවෙ. දිගටම ලියමු පුතා.

    ReplyDelete
    Replies
    1. ඔහෙ හිටු දුටුගැමුණු කිව්වලු (මම නෙමෙයි බොල මේ පැනල දිව්වා මුවා) DUDE ඩයල් එකත් ඇවිල්ල තියෙන්නෙ මේ පැත්තෙ. සන්තෝසයි බ්‍රෝ අප්‍රමාණ. (අටමෝ බොටත් එසේම වේවා. ඔය අටම ඉන්නවා නේද..? මම ඕකව කවද හරි ලංකාවෙදි අල්ලගන්නවම තමා..)

      Delete
  32. රවසත් ලියවිල්ලක්. දිගටම ලියනවා කියලා අහන්න සතුටුයි. මමත් ඔය සංගමිත්තේ ග්‍රවුන්ඩ් එකේ අපේ ෆැකල්ටියේ ක්‍රිකට් මැච් එකක් අනවුන්ස් කරා කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙවෙයි පාරේ යන මිනිස්සුත් බඩ අල්ලාගෙන හිනා වුනාලු ක්මෙන්ට්‍රිය අහලා වෙලාවක ඒ ගැන ලියන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. 😂😂😂 ඈ ඩොක්ට? ඔහෙත් රුහුණූ කැම්පස් එකේද හිටියෙ? ඉස්සර හැම අවුරුද්දකටම ඔය ග්‍රවුන්ඩ් එකේ ගමේ විවාහ අවිවාහක අයගෙ ක්‍රිකට් මැච් එකක් තිබ්බ. විවාහ අවිවාහක කෙසේ වෙතත් දවල් ආහාරයට තරගය නතර කොලාට පස්සෙ කාටවත් කෙලින් ඉන්න බැරි නිසා ඉතුරු කොටස විවාහක අයගේ ළමයින්ගේ 6 සාමාජික තරගයක් වෙනව. එව්වනම් පට්ට නන්දන වින්දන ඩොක්ට. 😂😂😂😂

      ඔබගේ අත්දැකීම ගැනත් ලියන්න. 👍🏽

      Delete
    2. ඔව් ඔව් අපි රුහුණේ හරිය..

      Delete
    3. දොස්තර මහත්තයෝ.. වඩාත් පුලුවත් ගමත් ගාල්ල හොඳේ.. : ජස්ට් කිඩින් :D

      Delete
  33. කොමෙන්ට් කියවල Tilan Athur මොකාදැයි කියල හිතමින් ඉද්දි මෙන්න ඇවිත් ටික්කා වේශයෙන්. ජයවේවා...ටික්කාගෙන් හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. නොකී කතා මචෝ.. ටික්කා වේශයෙන් කලක් මම හිටිය බං. GOOGLE + මගුලකින් පස්සේ පස්සෙ මගේ මුල් නමත් වාස ගමෙත් මොකක්ද වෙනසක් උනා. ස්තුතියි මචෝ. මතු සම්බන්දයි හොඳේ. :D

      Delete
  34. මේක බුක් මාර්ක් කරලා තියා ගත්ත කියවන්න ගිය සතියේ.. අදනේ ආපහු වැඩට (නිවාඩු) ආවේ..හැක්.

    මගේ ලොකු කෙල්ල දැන් යන්නේ සංගමිත්තේ.. ඉතින් දැන් ඉඳල හිටලා ඔය පැත්තේ යන නිසා මේ කියන තැන් හොඳට හුරුයි.. අපේ එහෙකුත් හිටිය අමරදේව ගේ සිංදු මාස්ටර් ට වඩා ලස්සනට කියපු එකෙක්.. ඌ පේරා ඉන්න කාලේ හිටියේ ප්‍රසිද්ද 'රාජා අයියගේ බෝඩිමේ' එකෙ යට තට්ටුවේ කොල්ලෝ.. උඩ හිටියේ කෙල්ලෝ.. මූ රෑට බිල බිලා සිංදු කියනවා අහගෙන ඉන්න කෙල්ලෝ හොරෙන් එලියට එනවා.. එහෙම ආපු එකියක් දැන් උගේ පවුල.. අන්න එහෙමයි කටහඬින් ගොඩ යන්නේ.. හැබැයි ඉස්කෝලේ ගිය කාලෙනම් ඌත් හෙනම මදාවියා.. වඳුරු කුණුහබ්බ තමයි වැඩි හරියක් කටේ තිබ්බේ.. උඹ ලංකාවට ඇවිත් අටමා එක්ක සෙට් වෙන දවසක කියහන්.. සිංදු අහන්න මාත් එනවා.. (බොන්න නෙවෙයි..මම නෙලුන්යායේ ඉන්න නිසා උඹ මාත් එක්ක සෙට් වෙන්න කැමති නැතුවතිනේ.. ;)

    ReplyDelete
    Replies
    1. කමියා.....මෙච්චර ලස්සන කමෙන්ට් එකක්, අර වරහන් දාලා එකතුකරපු වචන කීපයකින් අවසන් කලේ ඇයි. අදාල නැහැනේ :D

      Delete
    2. (ඉඩක් තියා හුස්මක් ගන්නවක් නැති අවස්ථාවක ලියමි. මොකද උබල ඔක්කොමල මට වැදගත් හිටං. මේක කල්‍යාණ මිත්‍ර තුමෝ සහ අරුණ තුමෝ ට හිටං :D )

      සන්තෝසයි කල්‍යාණ මිත්‍ර තුමෝ. උබගේ දියණියගේ සංගමිත්යාවේ ශිෂ්‍යාවක් වීම සහ සියලු අද්‍යාපන දිවියට බොක්කෙන්ම ආශීර්වාද කරමි. මගේ සහෝදරිය ඔය විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍ය නායිකාවක්, ආදිශිෂ්‍යාවක් වගේම මිලාගිරියේ කිරිතිමත් ආදී සාන්ත පාවුළු ශිෂ්‍යාවක්.

      ඒ වගේම ඔබ අදටත් සන්ගමිත්තාවට යනවනම් අපගේ ගෙදර විකුණා ඇතිමුත් ලොකුවට කියන්නේ නැති උනත් (මේ පොස්ට් එකේ කිව්ව පරිදි මට චරිත සහතික දීමට කවුරුවත් නැති උනත්) මගේ නැති උනත් මගේ "ටික්කා" නාමය මම තව අවුරුදු කිහිපයකට ඉතුරු කර ඇත්තේ කාටවත් කරදරයක් නැතිව ජිවත් උන නිසාය. ඒ මොකද මගේ දෙමව්පියන් නිසාය. (අහල බලපන්කො)

      අනික කල්‍යාණ මිත්‍ර තුමෝ, අරුණ තුමා කියපු පරිදි සහ මාතලන් තුමා නිවැරදි කල පරිදි (ඔවුන් එසේ කලත් නැතත්, ඒත් ඔවුනට හිස නමා ආචාරය පුදකරමි) ටික්කා වනාහි තවමත් බොක්කෙන් කතා කරන කිසිම දෙයක් පර්සනල් ගන්නේ නැති චරිතයකි. නෙළුම් යාය..?? අජිත් අජියත් එක්කත් මට කිසිම අවුලක් නැත. බෝල ඔක්කොමලම මට එකයි.

      අටම මාතලන් මෙන්ඩ මොන එකා එක්ක සෙට් උනත් ඕපන් ඉන්විටේෂන් උබට වගේම මෙතන ඔක්කොමල්ලටම මම ලංකාවට ඇවිල්ල සෙට් උනොත්.

      අන්තිමට කියන්න ඇත්තේ කල්‍යාණ මිත්‍ර මමත් ඇවිල්ල "නෙල්සන් මැන්ඩෙලා" වැනි චරිතයකි.. :D

      ස්තුතියි අරුණ තුමෝ... ඈස් වේල්..!!

      Delete
    3. //මමත් ඇවිල්ල "නෙල්සන් මැන්ඩෙලා" වැනි චරිතයකි.. :D //

      ඔව් දෙන්නම කට්ට කළුයි

      Delete
    4. දෙන්න කියුවේ මටත් එක්කද අටමෝ?

      Delete
    5. මම කළු නෑ යකෝ.. ලා කළුයි :D

      Delete

  35. මීළඟ පෝස්ට් එකෙන් "ද රෙඩ් ස්කෝපියන්" , "ද හැලෙන පොල්" සමග මගේ සංගීත දිවියේ සහ ගාල්ල ජිවිතේ අවසානය බලාපොරොත්තු වන්න... ++ මෝ ටු කම් ඉන් ද ෆියුචර්..

    ReplyDelete
  36. මෙය නම් එළමයැ ... දිගටම ලියන්නට හැකි වන සේ කම්මැලිකම දුරුවේවා :)

    ReplyDelete
    Replies
    1. රොම්බ තැන්ක්ස් කණ්ඩා.. කම්මැලිකමට WD 40 ටිකක් ගැහුවාය.. 👊🏽

      Delete
  37. පට්ට පට පට......චු කෙල්ලන්ට හොඳ වැඩේ.....කොණ්ඩය වවා(ඔබේ කොණ්ඩය තිබුණත් නැතත්)..කණට කරාඹු දාගත් කොල්ලෙකුගේ ඇතුළ හොඳට පෙන්නා දී ඇත...

    විශ්ව විද්‍යාලයේදී කොණ්ඩය ටින්ට් කළ පසු ලෙචාලා මට කීවෙ මලකඩයා කියාය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ මේ පැත්තෙ ආවට. හා හා.. fashion තියෙන්නෙ ඒ වයසට කරන්න මිසක් වයසට ගියහම නෙමෙයි.
      මගේ කොණ්ඩය dreadlock ය. හැබැයි මම rasta නෙමෙයි. ගංජා ගහන්නෙත් නැත. එහෙම ගහන එකෙක් ළඟ ඉන්නෙත් ආශ්‍රය කරන්නෙත් නැත. රැකියාවට ප්‍රශ්නයකුත් නැත.

      ඒත් සමහර ආසියාතිකයන්ට මගේ කොණ්ඩය හෙන ප්‍රශ්නයක්ය.

      ඕකනේ බන් ඔය රටවල් තවමත් එතනම ඉන්නෙ. අනුන්ගෙ ලබ්බක් අත ගෑවේ නැත්නම් උන්ට නින්ද යන්නෙ නෑ 😂😂😂😂

      Delete
  38. මචෝ අදයි ආවෙ...සමා වෙන්න ඕන....නියමයි

    ReplyDelete
    Replies
    1. මොන සමා ද මචෝ. මම උබේ බ්ලොග් එකේ පිස්සු ෆෑන් කෙනෙක්. උබ හිතන විදිහටනම් පට්ට බං සිරාවටම.

      Delete